අනතුරක් සිදුකර පලායාම සම්බන්ධයෙන් යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට
Posted on December 25th, 2019

මව්බිම දැන්

යතුරුපැදියක් පදවාගෙන ගොස් අනතුරක් සිදුකර පලායාම සම්බන්ධයෙන් යුද හමදා සෙබළෙකු අද (25) සවස සැකපිට අත්අඩංගුවට ගත්බව මින්නේරිය පොලීසිය කියයි.

හෙතෙම මින්නේරිය කාලතුවක්කු යුද හමුදා කඳවුරේ සේවය කරන අයෙකු බව අනාවරණයවී ඇත.

ඉකුත් 22වෙනි දින මින්නේරිය නගරයට නුදුරුවදී මාර්ගයේ පයින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු යතුර පැදියක ගැටී ඉන්පසුව අසල තිබූ වාරිමාර්ග ඇලකට වැටී මිය ගොස් තිබුණි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වත්තේගෙදර  පේ‍්‍රමරත්න නැමැති 46 හැවිරිදි අයෙකු බව පොලීසිය පවසයි.ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර අනතුර සිදුකල බව කියන සෙබළා සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ. 

පොලොන්නරුව අනුරාධ විශ්වනාත්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress