20 වන විවස්ථා සන්සෝධනයේ පහත සදහන් කරුණු වළට මුලු රටම විරුද්ධය
Posted on September 13th, 2020

ආචාර්ය සුදත් ගුණසේකර

13.9.2020

1  අමාත්යය මන්ඩලයේ 30 සීමාව ඉවත් කිරීම

2 ජනාධිපති කමට තරග කිරීමේ වයස සීමාව අවුරුදු 30 දක්වා අඩුකිරීම

3 ද්විත්ව පුරවැසියන්ට මැතිවරණ වලට තරන්ග කිර්‍රිමට අවසර දීම සහ රජය යටතේ දෙස් විදෙස්වල (තානාපතිකම් වැනී තනතුරු දැරීමට අවසර දීම

4 ආණ්ඩුක්‍රම විවස්ථාවේ 53 විවස්ථාවේ විධිවිධාන වෙනස් කිරීම. කෙසේ වුවද එය වෙනස්කළයුතුම නම් එයට” එසේ දිවුරුම් දී වුවත් පසුව ඊට හැනිව ක්‍රියා කළහොත් වහාම ඒ පුද්ගලයා අදාල තනතුරෙන් ඉවත් කිරීම ‘

එබැවින් මෙම කරුණු 20 වන සන්ශෝධනයෙන් වහාම ඉවත්කළ යුතුයයි මා ඇතුළු මුලු රටම රයයට යෝජනා කරයි.

මන්ද 69 ලක්සයක් අපේ මිනිසුන් මේ රජයට චන්දය දීලා රනිල් ගෙදර යැව්වේ මේ විකාර කිරීමට නොවන නිසාය.

අමාත්යය මන්ඩලයේ

යහපාලනය රජය යටතේ මුලු ලෝකයේම ලොකුම ඇමැතිමන්ඩලය තිබුණේ මේ රටේය.සමහරවිට එය 112 දක්වාද වැඩිවී එම සන්ක්යාව 157 දක්වාද වැඩිවී තිබිණ. ලන්කාව වැනි කුඩා රටකට එය දැරිය නොහැකි අතිවිශාල බරකි. ඒ නිසා ඇත්ත වශයෙන්ම මේ රටේ අති බහුතරයේ අපේක්ශාව එය උපරිමය 15 ක් පමණ වියයුතුයි කියාය. 

ජනාධිපති තරන්ගයේ වයස සීමාව 30 දක්වා අඩු කිරීම

 19 වන සන්ශෝධනයෙන් යහපාලන රජය මෙය 35 දක්වා වැඩිකළේ නාමල් රාජපක්ස තරන්ගයෙන් ඉවත්කිරිමටය. දැන් ඒ ප්‍රස්නය නොපවතින බැවින් සහ මේ රටේ ජනාධිපති තනතුර වැනි වගකිවයුතු තනතුරකට  පත්වන විට එම භාර්ධූර වගකීම දැරීමට තරම් මුහුකුරාගිය බවක් සහ දැණුමක් තිබීම අනිවාර්ය වන නිසා එය 35 වීම වඩා සුදුසුය. සෙනේට් එක තිබුණු කාලයේත් මට මතකයි ඒ සන්දහා අවස්ය අවම වය අවුරුදු 35 විය. වයස 30 වනවිට  එවැනි අසාමාන්ය තත්වයකට  පත්ව සිටියේ ඝෞතම බුදුන් වැනි අති විශේස පුද්ගලයෙකු පමණි. ලෝකයේ සාර්ථක පාලකයින් අතර සිටි  අලෙසැන්ඩර්ද එබන්දු තවත් එක් පුද්ගලයෙකි.

ද්විත්ව පුරවැසියන්ට මැතිවරණ වලට තරන්ග කිර්‍රිමට

ද්විතව පුරවැසියන් දෙපත් නයින් වැනිය. එසේම ඔවුන් බිරින්දන් 2 ක් සිටින අය වැනිය. ඔවුන් කිසි සේත්ම විස්වාශ නොකටැයුතුය. මන්ද වගකීම දෙකට බෙදෙනබැවිනි. එවැනි අයකුගෙන් මේ රටට කිසිම  පක්සපාතිත්වයක් බලාපොරුත්තු විය නොහැක.රනිල් වික්‍රමසින්හ අර්ජුන මහෙන්ද්‍රන් මහ බැන්කුවට පත්කොට රටට සිදුවූ මහා විනාසය මේ අයට මතක නැද්ද. එමනිසා ජනාදිපතිවරයා පමණක් නොව කවුරු උනත් මෙවැනි තීරණ ගැනීම නොකල යුතුය. විශේසයෙන්ම තානාපතිකම් වැනි තණතුරුවලට පුද්ගලයින් පත්කිරීමේදී එම තණතුරේ කාර්යභාරය නිසි පරිදි ඉටුකිරිම්මට ඔහු හෝ ඇය තුල ඇති විසේසග්න දැනුමට අමතරව මේ රටට ඔවුන් තුල තිබෙන නොබෙදුණු ආදරය සහ බැදීම ඉතාමත් වැදහත් වේ. එමනිසා කිසිසේත්ම  දෙබිඩි නයින් එවැනි තනතුරුවලට කිසිසේත්ම පත් නොකළ යුතුය යනු බහුතර මතයයි.එසේ කිරීම නයින් රෙද්ද අස්ස්සේ දමාගැනීමකි.

ආණ්ඩුක්‍රම විවස්ථාවේ 53 වගන්තිය

මෙයද එසේම නොවෙනස්ව පැවැතියයුතුය. කෙසේ වුවද ඒ අතර ඒ සදහා එකතුකළයුතු අලුත් වගන්තියක් සදහන් කිරීමට මා කැමති වෙමි. එනම්  53 අනුව කෙනෙකු දිවුරා එය කඩකළහොත් ඔහු හෝ ඇය වහාම එම ධුරයෙන් ඉවථ් කළයුතුය කියාය”.

 ගරු ජනාධිපති තුමා සහ ගරු අගමැති තුමා කෙරෙහි මේ රටේ 69 ලක්සයක් දෙසප්‍රේමී සින්හල ජනතාව තැබූ අචල භක්තිය හා විස්වාසය  බින්දකුදු පලුදු නොවන පරිදි ඒ දෙදෙනම කටයුතු කරණු ඇතැයි යනු සමස්ථ ජාතියේම  පරම අපේක්සාවයි.

 එසේ නොකළහොත් 2015 දී තමන්ට සිදුවූ දෙය මෙන්ම 2019 දී විපක්සයට සිදුවු දේ යලිත් සිදුනොවෙතැයි නොසිතිය යුතුයයි මම අවධාරනය කරමි.

එතුමන්ලාගේ අන්තේ වාසිකයින් වන කිසිවෙකුගෙන් මෙවැනි උපදෙස් කිසිදාක බලාපොරුත්තු විය නොහැක  එසේකිරීම ඉබ්බන්ගෙන් පිහාතුටු ලබාගත නොහැකිවාක් මෙනි.

පෙර රජ දවස මෙන් රජුන්ට නිවැරැදි උපදෙස් දීමට තරම් කසේරුකාවක් ඇති, වේදේහය්න්ගේ මහුසධ පඩ්තුමා තුමන්, චන්ද්‍රගුප්තයින්ට කෞටිලුයන්  සහ ශ්‍රි වික්‍රම රාජසින්හ රජුට කොත්මලේ ගණිතයා වැනි රාජ්ය උපදේශකයින් දැන් ලොව පහලවන්නේ නැත.

වර්තමානයේ උපදේශකයා යනු රජුන් කියන ඔනෑම දෙකට එහෙයි කියා තම තනතුර හා වරප්‍රසාද පමණක් ආරක්ශාකරගන්නා එකම චේතාව පෙරදැරිකොටගෙන  කටයුතු කරන  පුද්ගලයාටය.

රජු ඉරට සදයයියයි කීවොත් ඔහුද එසේය මහරජ එය සදමයැයිද  සඳට ඉරයයි කිවිටද එසේය  මහරජ එය ඉරම වේදැයිද කියයි. 

වර්තමානයේ දීර්ගායුශ ඇත්තේ එවැනි අයට පමණි. 

One Response to “20 වන විවස්ථා සන්සෝධනයේ පහත සදහන් කරුණු වළට මුලු රටම විරුද්ධය”

  1. Charles Says:

    Sudath you cannot speak for all the people of Sri Lanka. There are those who may disagree with you. The constitution already allows appointing more than 30 Ministers by the Government joining with nother to form a National Govt. Why should not a young man 30 years of age cannot be the President of Sri Lanka. Why shouldn’t a person with a double nationality be a MP in Sri Lanka ? Is it that he cnnot be a MP in America because he is a Sri Lanka and not in Sri Lanka because he is an American. That is unfair and restriction of a persons’s freedom. We are abroad and have accepted to be Citizens of the vountry where we live, but that does not mean that we have given up our “origin” We should understand looking at it objectively politiclly unbiased, that 20A is a temporary measure for the President to carry out his “duties” which had been wrongly withheld by the disastrous Yahapalanaya for almost 8 months. If he had the right to dissolve the parliament in November. He would have had been able to carry out lot of the work he had promised to do in his manifesto..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress