පාර්ලිමේන්තු විපක්ෂය කොහොමද ජනතාවාදී විපක්ෂයක් වෙන්නේ ?
Posted on September 19th, 2020

චාර්ල්ස් එස්. පෙරේරා විසින් 

මේක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයාගේ තවත් ඩයිනමෝවලින් වැඩකරන මොලේ විකුර්ති අදහසක්  විය හැකියි. විපක්ෂයේ සමගි ජනතා බලවේගයට ලැබුණු මුළු චන්දය  සීයට 23.90වයි( 2,771,980යි). රටේ ජනතාවගෙන්  බහුතරයක් සජිත් ප්‍රේමදාස මහතාට හා ඔහුගේ පක්ෂයට   විරුද්ධව චන්දය දුන්නේ.  ඉතින් කොහොමද පාරලිමේන්තුවේ විපක්ෂය ජනතාවාදී වෙන්නේ. සජිත් ප්‍රේමදාස තාමත් කරන්නේ ජනතාව  රවට්ටන එක. මෙයිටවඩා හොඳ නැද්ද පාරලිමේන්තුවේ විපක්ෂ නායකයා හැටියට වැඩ කලොත්.  එතකොට නේද එ විපක්ෂයම  කියන ප්‍රජාතන්ත්‍ර වාදය ක්‍රියාත්මක වෙන්නේ. 

ගෝටාබය රාජපක්ෂ මැතිතුමාට බහුතර ජනාතාවගේ චන්දය දී ලංකාවේ ජනාධිපති  වශයෙන් පත්කිරීමේදී ඒ අති මහත් ජනතාව එතුමා කෙරෙහි කොන්දේසි විරහිත විශ්වාශයක්  තැබුවා. කොන්දේසි විරහිත කීවේ මා මෑතක ගුවන්විදුලි නාලිකාවක 20වන සංශෝදනය  පිලිබඳ දේශපාලන සංවාදයක් අතර තුර එම සංවාදය හසුරුවන මාද්යවේදියා ආණ්ඩුපක්ෂයේ නියෝජිතයාගෙන් අහනවා තුනෙන්දෙකක  බලයක් දීමේදී ජනතාව දැණහිටියාද  විගනාධිපති කොමිසම අහක් කරනවා කියලා? මොන බොළඳ ප්‍රශ්නයක්ද. සාමාන්‍ය ජනතාව ඔවාගැන දැනුමක් ඇතුවද චන්දය දෙන්නේ ? 

බහුතරයක් ජනතාව ඔවුන්ගේ චන්දය දීමෙන් පෙන්නුවා ඔවුන් ගොටාබය රාජපක්ස ජනාධිපති තුමා  කෙරෙහි ඔවුන්ගේ සම්පුර්ණ විෂවාශය තබන බව. එබැවින් රටට ජාතියට අවශ්‍ය වැඩකටයුතු එතුමා නොපිරිහෙලා කරන බව ජනතාව දන්නවා.  එබැවින් ඔවුන් ජනාධිපතිතුමා හා ඔහුගේ ආණ්ඩුව වැඩකරන විධිය පිළිබඳව ප්‍රශ්නකරන්නේ නෑ . ඇරත් එතුමාගේ චන්ද රැස්වීම් මිනිස්සුන්ට ජනතාවට එතුමා දැනුම්දුන්න එතුමාගේ සෞභාග්යේ දැක්ම තුල  රට ඉදිරියට ගෙනයාමට ඇති භාදකයක් වූ 19වන සංසෝධනය අහක්  කරන බව. 

 මෙවැනි  අනවශ්‍ය ප්‍රශ්න  අහන්නේ ගෝටාබය රාජපක්ෂ ජනාධිපති තුමා වැඩ ආරම්භකළ දවසේ පටන් ඔහුගේ වැඩපිළිවෙලට අකුල්හෙලන්න පටන් ගත්  සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයා හා ඔහුගේ ගොලොයෝ” ටිකයි , ජනතාවිමුක්තිපෙරමුනේ අනුර  කුමාර දිසානායක, බිමල් රත්නායක,   විජිත හේරත් ආදී ජනතාව අත්හල දේශපාලනයෝ ටිකයි.

මොවුන් දැන් රාජපක්ෂ පවුල් පාලනයට අමතරව කියන කතාව තනි පුද්ගලයෙකුට බලය දීම.  මොවුන් තනි පුද්ගලයකු කියන්නේ ජනාධිපතිතුමාට. හැට නව ලක්ෂයක් පමණ ජනතාවගේ ආදරයට විශ්වාශයට පත්වූ  ගෝටාබය රාජපක්ෂ ජනාධිපති තුමා  සාමාන්‍ය පුදගලයෙක් නොවේ.  

එතුමා  අපේ රටේ නායකයාය්. රටේ පවතින්නේ විධායක ජානාධිපති ආණ්ඩුක්‍රමයකි එබැවින් ගෝටාබය රාජපක්ෂ ජනාධිපති තුමා  ඔහුට චන්දය දුන් මහත් බහුතරයකගේ පමණක් නොවේ ඔහුට චන්දය දුන්  නොදුන් මහත් ජනතාවම නියෝජනය කරන ජනාධිපතිවරයායි.  එබැවින් තනි පුද්ගලයෙකුට  බලය දෙනවා කීම මන්දබුද්ධික කියමනකි. 

20වන සන්ශෝදනයත් සමග සජිත් ප්‍රේමදාසයි  සමගි ජනබලවේගයේ එවුනුයි ජනතාවිමුක්ති පෙරමුනේ එවුනුයි භුමිතෙල් වැදුනු ගැරඬි වගේ හැම පැත්තේම නලියනවා.  මෙවුන් කවදාවත් ප්‍රතිපත්තියක් වශයෙන් ප්‍රජාතන්ත්‍ර වාදය ගරුකරපු  එවුන්  නොවේ . නමුත්  මිනිස්සුන්ට පෙන්ට කියන්න හදන්නේ උන්ට වැඩිය ප්‍රජාතන්ත්‍රවාදය දන්නා කිසිවෙක් නැතුවා වගේ.  මෙවුන්ට දැන් 19වන සංශෝදනය ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතය වෙලා. 

විවිධ ගුවන් විදුලි නාලිකාවල  පවත්වනු ලබන රතු ඉර වාදපිටිය බලය ආදී   දේශපාලන සංවාදවලට සහබාගිවන සමගි ජනබලවේගය  නියෝජනය කරමින් කතාකරන මර්ක්කාර් , මුජබු රහමන් ,හේෂ  විතාරණ , මනුෂ නානායක්කාර  හර්ෂ ද සිල්වා  අලවතුවල ආදීන් ගේ මුණු දැක්කාමත්  පෙන්නේ නෑ ඔවුන්  ජාතිය රට ආගම වෙනුවෙන් කතාකරන බවක් . 

අහම්බෙන් බලයට පැමිණිලා අවුරුදු හතරහමාරක්  රට අගාදියට ඇද දැමු මේ හැත්ත තාමත් කරන්න හදන්නේ ඒ  කරපු දේමයි. රනිල් වික්‍රමසිංහ කට්ට කයිරාටික දේශපාලකයෙක්.  

රනිල්   හොඳට සැලසුම්කරලා මෛත්‍රීපාල දැලෙදාගෙන කලේ ඔහු ජනාධිපති උවහොත් ඔහුගොනාට අන්දලා ඔහුගේ ජනාධිපති බලතල අගමැතිවශයෙන් ඔහුගේ අතටගෙන බැංකුත්කඩලා හොඳසතුටින් ඔහුට ඔනාවිධියට රටේ නායකයා හැටියට රට රටවල්වල ලංකාව නියෝජනයකරමින් සෑහෙන කාලයක් යහපත්ව ජීවත්වන එකයි. . එක කරන්න ගිහින් අන්තිමේට උනේ තිබ්බ මන්ත්‍රීකමත් නැති කරගත්තා. 

සජිත් ප්‍රේමදාස ටිකක් මන්ද බුද්දික නිසා ඔහුත් කරන්න දඟලන්නේ වික්රමසිංහ කල දේමයි.  ඔහුහිතනවා වෙන්ට පුළුවන් විපක්ෂ නායක භූමිකාව පාවිච්චිකරලා ගොටාබය රාජපක්ෂ ජනාධිපති තුමාට රටකරගන යාමට අපහසු තැනකට  ගෙනල්ලා කොහොම හරි පාලනබලය ඔහු අතට ගත හැකිවේවි කියලා. ඒ නිසා වෙන්නපුළුවන්  ඔහු තාම අඩුවශයෙන්  ජනාධිපති තුමා කල ,කිසිම හොඳ දෙයක් ගැන  කතා නොකරන්නේ. සජිත් ප්‍රේමදාස ගේ ලෝකයේ ඉන්නේ ඔහු විතරයි. 

සජිත් ප්‍රේමදාස  අටවාගෙන තියෙන්නේ  පාරලිමේන්තුව ඇතුලේ තවත් ජනාධිපති කෙනෙකුට  සමාන  ප්‍රතිරුපයයි. 

සාමාන්‍යයෙන් ඔනෑම රටක විපක්ෂය  රජයට ප්‍රෙහේලිකවක් වන හැටියට වැඩ කරන්නේ නෑ. ආණ්ඩුවට පාලනය කරගෙන යන්න ඉඩ දෙනවා. ඒ ඉඩ දීමෙන් විපක්ෂය ජනතාවගේ හිතත් දිනාගන්නවා. ඊට පසු ඊළඟ චන්දයට සුදනම්වෙනවා.  සජිත් ප්‍රේමදාසගේ  නායකත්වයෙන්  ලංකාවේ ඇතිවී තිබෙන පරලිමේන්තු විපක්ෂය  ලෝකයේ වෙනම කොයි රටකවත් නැති වැඩ පිළිවෙලක් ගෙනියන්නේ. මේකටයි මේ අන්ද පාලකයෝ  ප්‍රජාතන්ත්‍ර වාදය කියන්නේ. මෙවුන් දැනටමත් ජනතාවට තිත්තවෙලා. 

ඒකට ජනතාවිමුක්තිපෙරමුනේ සහයත් ලැබුනා තවත් ලැබෙමින් පවතිනවා.  19වන සංශෝද්නයෙන් පමණක් නොවේ, යහපාලනයේ  සම්පුර්ණ සැලැස්ම වුයේ මහින්ද ජනාධිපති තුමා ගෙන ආ සංවර්ධන කටයුතු  සියල්ලක්ම නවතා ඔවුන්ගේම සන්වර්ධන සැලැස්මක්  ගෙන ඒමයි.   කොළොඹ වරාය නගර සංවර්ධනයත් අත් හිටෙව්වා, හම්බන්තොට වරායත්  අවුරුදු 200කට චීනෙට බදු දුන්න,  ගුවන්තොටුපොළ වී ගබඩාවක් කළා.  

ඒ විතරක් නොවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පටන් ගත්  පුංචි දේවල් පවා මොවුන් අහකදමා තිඋයෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නුවර එළියේ  උදලුමඩ  ආරම්භකළ නැණසල  තොරතුරු  තාක්ෂණ මද්යස්තානයත් කාර්ය විරහිතකිරීමට යහපාලනය ක්‍රියාකර තිබෙන බව  ඊයේ   ටීවී නාලිකාවකින් දැනගන්නට ලැබුනා.  

රාජපක්ෂලා රටෙන් තුරන්කරන්නට මොවුන් කෙතරම්   ශ්‍රමයක් යොදවනවාද ?  20 වන සංසෝදනය ගැන කතාකිරීමේදීත් කිරිඇල්ල වගේ සමගිබලවේගයේ එවුන් හදන්නේ  මහින්ද රාජපක්ස මැතිතුමා හා ජනාධිපතිතුමා අතර භේදයක් ඇති කරන්න .  රාජපක්ස පවුලක් ගැන කතා නොකරන වෙලාවක් නෑ. 

මුන්ට සිංහලෙන් කීවාට පරලිමේන්තුවේ රාජපක්ෂ පවුලක් නෑ කියා එක තේරුම් ගන්න තරම් මොලයක් ඔවුන්ට නෑ. පාරලිමේන්තුවේ ඉන්න හැම රාජපක්ෂ කෙනෙක්ම  ජනතාවගේ චන්දයෙන් පත්ව ආ  අයයි? එබැවින් පවුල් කතාවෙන් මුන් කරන්නේ ඒ රාජපක්ෂලාට චන්දය දුන් චන්දදායක්යින්ට කරන අගෞරවයක්.  මේවා කටහැකර මරික්කාර්, හේෂා,  මනුෂ නානායක්කාරලාට අලවතුවලලාට  තේරෙන්නෙම නෑ. 

මෙවුන්   කියනවා ගනාධිකාරිය, ජනාධිපති හා  අගමැති කර්යාලාදිය ප්‍රක්ෂනය 20වන සංශෝදනයෙන් ඉවත් කරලා කියල.  නෑ;  එහෙම කිසිවක් අහක් කරලා නෑ එක තේරුම් ගැනීමේ අපහසුවක් උන්ට තියෙනවා . 19වන සන්සොදනය අහක්කිරීමේදී ව්‍යවස්ථාව 19 ය එන්න පෙර තිබුණු තැනට යනවා. එකයි වෙලා තියෙන්නේ.ආයි අහනවාඇයි වසරින් වසර පරලිමෙන්තුව විසුරුවාහැරීමේ බලය ජනාධිපතිතුමාට පැවරෙන්නේ  කියලා. ඒක මම හිතනවා  අවුරුදු හතරහමාරකට පෙර විසුරුවාහරින්න බෑ කියන තහනමට වඩා හොඳයි. 

එහෙම අවුරුද්දෙන් අවුරුද්දට පාරලිමේන්තුව විසුරුවාහරින්න පුළුවන් යයි  සඳහන් කලත් බුද්ධිමත් ජනාධිපතිවරයෙක් එසේ කරන්න ඉදිරිපත්වෙන්නේ නෑ .  ගොටාබය රාජපක්ෂ ජනාධිපතිතුමා  බහුතර ජනතාව දන්නා හැටියට යහපත් බුද්ධිමත් කෙනෙක් එබැවින් එතුමා  අවුරුද්දෙන් අවුරද්දට  පරලිමේන්තුව විසුරුවාහරින්නේ නැති බව කාරුණික බුද්ධිමත් ජනතාවත් දන්නවා. 

ආයි මුන් අහන එකක් මොකක්ද මෙතරම් හදිස්සිය කියලා. උන්ට බලය තිබුන අවස්ථාවේ උන් මොනවාද කලේ  ? උන් කලේ එතුමාට එතුමාගේ වැඩකිරීම පමාකිරීමයි. දැන් උන්ට ඒක අමතකවෙලා. දැන් අවස්තාව ජනාධිපතිතුමාගේ අතට පැමින තිබෙනවා. ඉතින් මොකටද තවතවත් මුන්ගේ ඉලව් සටකපටකම්වලට  හිස නමන්නේ. එතුමාට කරන්නට ඉඩනොදී පමාකළ වැඩ කොටස් කරගෙන යාමට එතුමාට දැන් අවශ්‍යයි.  ඒකයි හදිස්සිය. ඒක මුන්ට තේරෙන්නේ නැතිවාට කරන්නදෙයක් නෑ. 

ජනාධිපතිතුමාට චන්දය දුන් බහුතරයක් ජනතාව  සජිත් ප්‍රේමදාස හා ඔහුගේ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් කෙරෙහි කිසිම විශ්වාශයක් නෑ. ඉතින් තවතවත් විපක්ෂය රට ඉදිරියට ගෙන යාමට ඉඩ නොදෙන ඔවුන්ගේ ජනතා විරෝධී ක්‍රියාපිලිවෙලට ඉඩ නොදියයුතුයි. ඒ ජනතාව සඳහාත් රටෙත් දියුනුව සඳහා  ගන්න පියවරක්. 

සමගිබලවේගය මෙන්ම ජනතා විමුක්තිපෙරමුනත්  ජනතාව හා රටේ ඉදිරි යහපත් ගමනක් වෙනුවෙන් ඉදිර්පත්වී සිටින පක්ෂ නොවෙයි. ඔවුන්ට බලයට එන්න හදිස්සිය නිසා ජනාධිපති ගොටාබය රාජපක්ෂ මැතිතුමාගේ රජය ජනතා අප්‍රසාදයට ලක්කරන්න ඔවුන්  නින්දිත ප්‍රයත්නයන් ගෙනයනවා .  

පසුදිනක ජනතාවිමුක්ති පෙරමුණේ විජිත හේරත් කියනවා 20වන සංශෝධනය ඒකාධිපතියෙක් හිට්ලර් කෙනෙක් මවන්ට ගෙන එන සන්සොධනයක්ලු; මෙවැනි අසමත්ජාති කාතා කියන ජනතාවිමුක්ති පෙරමුණට  ජනතා අප්‍රසාදය ලැබිලා ඉවරයි; නමුත් ඔවුන්ගේ මෝඩකම නිසා ඔවුන්ට එය තේරුම් ගන්න නොහැකියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress