ගරු විමල් විරවංශ ඇමතිතුමාට විවෘත ලිපියක්
Posted on October 4th, 2020

චන්ද්‍රසේන පණ්ඩිතගේ 

ගරු විමල් විරවංශ ඇමතිතුමනි,

20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව ඔබතුමා දරන මතය සම්බන්ධවයි.

වසර ගණනාවක් පුරා කොටි සංවිධානයට එරෙහිව ගෙනගිය අරගලය තවම නිමාවී නැති බව ඔබ තුමා ඉතා හොදින් දන්නා දේශපාලඥයෙකි. වර්තමානයේදී මේ රජය ගෙන යන්නේද කොටි සංවිධානයේම තවත් පෙරමුණු බල ඇණියක් සමග කරන අරගලයකි. එදා කොටි සංවිධානයේ යුධ පෙරමුණ සමතලා කල දේශපාලන නායකයින්ම මෙදා කොටි සංවිධානයේ වර්තමාන ස්වරූපයන් සමග සටන් වැදී සිටි.මතුපිටින් පාර්ලිමේන්තුව, ප්‍රජාතන්ත්‍රවාදය කතා කලද අද අප සටන් කරමින් සිටින්නේද ඕනෑම අවස්තාවක ආයුධ අතට ගෙන සටන් කිරීමට සුදානම් පෙරමුණු බල ඇණියක් සමගය. එබැවින් අපට ඔවුන් සමග කිසිදු දේශපාලන සංහිදියාවක් අවැසි නැත. ඔබතුමා ඉන්නා ස්ථාවරයද එය බව අපි දනිමු.

මේ සටන නිවැරදිව ගෙන යාමට නම්, මේ සටන් මෙහෙයවන සෙන්පතියන්ට එම කටයුත්ත ඉටු කිරීම සඳහා පුර්ණ බලතල තිබිය යුතුය. මේ පුර්ණ බලතල ඉල්ලන්නේ, ඉතා කෙටි කාලයකින් නව ශ්‍රී ලංකා ජනරජ ව්‍යාවස්තාවක් සම්පාදනය කරගන්නා තෙක්ය.එබවින් අප යෝජනා කරනුයේ,වර්තමාන රාජ්‍ය කටයුතු නිසිලෙස කරගෙන යාම සඳහා ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතාට උපරිම බලය ලැබෙනසේ 20 වෙනි ව්‍යාවස්ථා සංශෝධනය අනුමත කොට, නව ආණ්ඩුක්‍රම ව්යාවස්තාව මනා ලෙස නිර්මාණය කිරීමට දායක වෙන ලෙසය.

19 වෙනි ව්‍යාවස්ථා සංශෝධනය ඉවත් කිරීම සතුරාගේ විශාල පරාජයක් බැවින්ද, 20 එරෙහිව අපි කරුණු ඉදිරිපත් කිරීම සතුරාට විශාල ශක්තියක් බැවින්ද, එම පාප කර්මය එදා අපේ පිලේ අය විචාර බුද්ධියෙන් තොරව 19ය සම්මත කිරීමට අත එසවු ආකාරයේම දේශපාලන පාප කර්මයක් බැවින්, මේ ඉදිරිපත්කර ඇති, මාස කීපයකට පමණක් බලපාන 20 වෙනි සංශෝධනය සම්මත කිරීමට සියලු සහය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමු.

ඉන්පසු අපි සියලු දෙනාම එකතුව නව ව්‍යාවස්ථාවට  අවශ්‍ය කරුණු සම්බන්ධව සාකච්චා කරමු. ඇත්ත වශයෙන්ම දැන්ම ඒ සඳහා පුළුල් සාකච්චාවක් ආරම්භ කල හැක..

ඔබට ස්තුතියි..

ඔබ හා ඔබ පක්ෂයේ සියලු දෙනාටම තෙරුවන් සරණයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress