වරාය තුළින් #කොවිඩ්-19 #Covid-19 පොකුරක් නිර්මාණය වීමේ අවධානම පිළිබඳව
Posted on October 7th, 2020

ජනමාධ්‍ය නිවේදනයයි සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතිය

2020. 10. 07

යුද හමුදාපති,
ලූතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා,
ප‍්‍රධානී, #කොවිඩ්-19 පාලන මධ්‍යස්ථානය,
රාජගිරිය.

ගරු යුද හමුදාපති තුමනි,

වරාය තුළින් #කොවිඩ්-19 #Covid-19 පොකුරක් නිර්මාණය වීමේ අවධානම පිළිබඳව

#කොරෝනා වසංගතය ලොව පුරා සීග‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මොහොතක එම වෛරසය පාලනය කළ රටවල් අතර ශ‍්‍රී ලංකාව මුල් පෙලේ පැවතීම අප රටට ඉමහත් ගෞරවයකි.

එහෙත් පසුගිය දා දිවුලපිටියෙන් හමුවූ නව #කොරෝනා පොකුර මගින් නැවත වටයකින් අපේ රට කොරෝනා අවධානමට ලක්ව ඇත. එම අනතුර එසේ තිබියදී ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නෞකා මෙහෙයවීමේදී නිසි ආරක්ෂිත වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක නොකිරීම මගින් #කොරෝනා වෛරසය තවත් ආකාරයකින් රට තුළට ඇතුලූවීමේ අනතුරුදායත තත්වයක් මතුව ඇත. වගකිව යුතු වෘත්තීය සමිතියක් ලෙස අප පහත නීරීක්ෂණ ඔබ තුමාගේ අවධානයට යොමු කරවමු.

01 නෞකා මෙහෙයුම් ක‍්‍රියාවලියට ඝෘජු ලෙස දායකත්වය සපයන වරාය සේවකයින් සහ බාහිර සේවා සපයන්නන් ඉතාමත් අනාරක්ෂිතව නෞකා මෙහෙයුම් කටයුතු වලට සම්බන්ධ වීම.

02 වරායට පැමිණි නෞකා කිහිපයකම #කොරෝනා රෝගීන් වාර්තා වී තිබූ අතර නෞකා මත මෙහෙයුම් කටයුතු වලට සම්බන්ද වන වරාය සේවකයින් හා බාහිර සේවා සපයන්නන් ගෙන් එකී තොරතුරු වසන් කිරීම.

03 නෞකා වල සේවයේ නිරත දෙස් විදෙස් කාර්යය මණ්ඩල සේවකයින් නෞකා වලින් පිටතට පැමිණීම.

04 #කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා අභ්‍යන්තරිකව නිසි ආරක්ෂිත වැඩ පිළිවෙලක් නොතිබීම.

#කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා ඔබ තුමා ඇතුළු ත‍්‍රිවිධ හමුදාවත් සෞඛ්‍ය අංශත් ගනු ලබන ක‍්‍රියා මාර්ග පළිිබඳව ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගී ඇත. වගකිව යුතු වෘත්තීය සමිතියක් ලෙස අප ඉහත අවධානම් තත්වය පිළිබඳව ඔබතුමා දැනුවත් කරන අතර පහත යෝජනාද ඔබගේ අවධානයට යොමු කරවමු.

01 වරායන් වෙත පැමිණෙන සියළු නෞකා හා කුඩා යාත‍්‍රා වල කාර්යය මණ්ඩල සේවකයින් නෞකා වලින් හා යාත‍්‍රා වලින් පිටතට පැමිණීම වැලක්වීම.

02 නෞකා වලට හා යාත‍්‍රා වලට ඇතුළු වන වරාය සේවකයින් හා බාහිර සේවා සපයන්නන් සඳහා නෞකාවේ හෝ යාත‍්‍රාවේ #කොරෝනා රෝගීන් සිටීවී යන උපකල්පනයේ පිහිටා විධිමත් ආරක්ෂිත වැඩ පිළිවෙලක් කඩිනමින් ක‍්‍රියාවට නැගීම.

03 වරාය ආරක්ෂක අංශ සම්බන්ධ කර ගත් විධිමත් ආරක්ෂිත වැඩ පිලිවෙලක් නෞකා හා දොරටු මූලික කරගනිමින් සිදුකිරීම.

04 ලොව පූරා #කොරෝනා තත්වය පාලනය වන වරාය අදාල අංශ සම්බන්ධ කර ගත් නිසි බලධාරියෙකු යටතේ පැය 24 පුරා ක‍්‍රියාත්මක මෙහෙයුම් මධ්‍යස්ථානයක් වරාය තුළ ස්ථාපිත කර ක‍්‍රියාවට නැගීම.

ගරු යුද හමුදාපතිතුමනි,
ජාතික වැදගත්කමකින් යුතු ඉහත කරුණු කෙරෙහි ඔබ තුමාගේ කඩිනම් අවධානය යොමු වෙතැයි අප අපේක්ෂා කර සිටිමු. වගකිව යුතු වෘත්තීය සමිතියක් ලෙස #කොවිඩ්-19 #Covid-19 පාලනයට ඔබ ඇතුළු පිරිස ගනු ලබන වෙහෙසකර මැදිහත්වීම අගය කරන අප, අපගේ දායකක්වය ඉල්ලා සිටින  ඕනෑම මෙහොතක එම දායකත්වය ලබාදීමට කැමැත්තෙන් පසුවෙන බව ප‍්‍රකාශ කර සිටිමු.

ස්තුතියි.

මෙයට,
ජී. නිරෝෂන්
නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම්,
සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතිය.

සම්බන්ධීකරණය071-8443028

Coordinating – +94 71-8443028


පිටපත්
01
ගරු වරාය හා නාවික කටයුතු ආමාත්‍යරොහිත අබේගුණවර්ධන මැතිතුමා (..)
02
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී, අනුර කුමාර දිසානායක සහෝදරයා (පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කිරීම සඳහා)
03
ගරු සභාපති ජෙනරාල් ආර්.එම්.ඞී. රත්නායක මැතිතුමාශ‍්‍රී ලංකා වරාය අධිකාරිය (..)
04
වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධනී සුදත් සමරවීර මහතා (..)
05
සියළු ජන මාධ්‍ය වෙත (ජනතා අවධානයට යොමු කිරීම සඳහා) 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress