කෝව්ඩ්- 19 #Covid – 19 වසංගත තත්වය උග‍්‍ර වෙමින් තිබියදී රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන් ඇතුලූ රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් සෞඛ්‍යාරක්ෂිත විධිවිධාන විධිමත්ව කි‍්‍රයාත්මක නොවීම බරපතළ තත්වයකි
Posted on October 22nd, 2020

ජනමාධ්‍ය නිවේදනයයි.සංවර්ධන නිලධාරී සේවා සංගමය.

ගරු රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය,
ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා,
රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය,
නිදහස් චතුරස‍්‍රය, කොළඹ – 07.

ලේකම්,
ජේ.ජේ.රත්නසිරි මහත්මා,
රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය,

ගරු අමාත්‍යතුමනි/ලේකම්තුමනි,

#කෝව්ඩ්- 19 #Covid – 19 වසංගත තත්වය උග‍්‍ර වෙමින් තිබියදී රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන් ඇතුලූ රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් සෞඛ්‍යාරක්ෂිත විධිවිධාන විධිමත්ව කි‍්‍රයාත්මක නොවීම බරපතළ තත්වයකි.

#කෝව්ඩ්- 19 #Covid – 19 වසංගත තත්වයක් රට පුරා ව්‍යාප්ත වෙමින් තිබියදි රාජ්‍ය සේවයේ සේවකයින් ඇතුලූ නිලධාරීන් සම්බන්ධයෙන් අනුගමනය කරන නොසැලකිලිමත්භාවය හේතුවෙන් සමස්ත රාජ්‍ය සේවකයින්ම අවධානම් තත්වයකට මුහුණ දීමට සිදු වන බව පළමුව පෙන්වා දෙන්නෙමු.

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් ආයතන, පළාත් සෞඛ්‍ය ආයතන, දිස්ත‍්‍රික් ලේකම්/ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල සේවා, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් ගොවිජන සේවා මධ්‍යස්ථාන ඇතුලූ ආයතන, ධීවර දෙපාර්තමේන්තුවට අයත් ආයතන ඇතුලූ ආයතන වල සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ක‍්‍රියාත්මක වන මොහොතක එම ආයතන වල සේවයේ යෙදෙන සංවර්ධන නිලධාරීන් ඇතුලූ රාජ්‍ය සේවකයින් #කොරෝනා රෝග වෛරසයේ ආශ‍්‍රීතයින් වීමේ අවධානමක් පවතින බව වැඩිදුරටත් පෙන්වා දෙන්නෙමු.

#කෝව්ඩ්- 19 #Covid – 19 වෛරසය ව්‍යාප්තිය දෙවන රැල්ල මතුවෙමින් පසු පසුගිය 05 වන දා සිට රජය රාජ්‍ය සේවයේ ක‍්‍රමවේදයන් පිළිබඳ යම් යම් නිවේදනයන් විවිධ ක‍්‍රමවේදයන් අනුගමනය කරන බවට ප‍්‍රකාශ නිකුත් කළ ද, ඔක්තෝම්බර් 05 වන දා සිට මෙම අවධානම් තත්වය යටතේ රාජකාරි කරන සංවර්ධන නිලධාරීන් ඇතුලූ රාජ්‍ය සේවකයින්ට අවම වශයෙන් දෑත් පිරිසිදු කර ගැනීමේ විෂබීජ නාශක දියර, ප‍්‍රමාණවත් මුඛ ආවරණ පවා ලබා දී නොමැති බව පෙන්වා දෙන්නෙමු. පළමුව දැඩි අවධානමක් මතු වු ගම්පහ දිස්ත‍්‍රික්කයේ ඇතැම්
ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වල සංවර්ධන නිලධාරින්ට මේ දක්වා ලැබි ඇත්තේ එකම එක මුඛ ආවරණයක් පමණි.

මේ වන විට කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල දිස්ත‍්‍රික්ක වල පොලිස් බල ප‍්‍රදේශ ගණනාවක නිරෝධායන ඇඳිරි නීතීය ක‍්‍රියාත්මක වන වටපිටාවක රාජ්‍ය සේවයේ යෙදෙන සංවර්ධන නිලධාරීන් ඇතුලූ පිරිස් සඳහා රජය විධිමත් සෞඛ්‍යාරක්ෂිත වැඩ පිළිවෙලක් හා විශේෂ සහන ක‍්‍රියාත්මක කළ යුතු යැයි ඉල්ලා සිටිමු.

2. ඇඳිරි නීතීය පනවා ඇති දිස්ත‍්‍රික්ක වල හා රටේ වෙනත් ප‍්‍රදේශ වල පවතින රාජය ආයතන වල සේවයේ යෙදෙන සංවර්ධන නිලධාරීන්, රාජ්‍ය සේවකයින් හා එම ඇඳිරි නීතීය පනවා ඇති ප‍්‍රදේශ වල පදිංචිව සිටින සංවර්ධන නිලධාරීන් හා රාජ්‍ය සේවකයින් සේවයට පැමිණීමේදී පොදු ප‍්‍රවාහන පහසුකම් වල පවතින අවධානම් තත්වය සැලකිල්ලට ගෙන අවශ්‍ය පරිදි රාජකාරි නිවාඩු ලබා දීම.

3. ආයතන වලට කැඳවිය යුතු අවම ප‍්‍රමාණය කැඳවීම හා සේවක සංඛ්‍යාව දින අනුව වෙන් කර පැමිණීම සතියේ දින කීපයකට පමණක් සීමා කිරීම.

උදා:- ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ දිස්ත‍්‍රික් කාර්යාල වලට හා ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත සංවර්ධන නිලධාරීන් දෛනිකව අඛණ්ඩව කැඳවීම් සිදුවන අතර ගොවීන් සමුහ වශයෙන් තම අවශ්‍යතා වෙනුවෙන් එම ආයතන වෙත නිරන්තරයෙන් පැමිණීම.

4. #කෝව්ඩ්- 19 #Covid – 19 වසංගත තත්වය යටතේ සේවයේ යොදවන සංවර්ධන නිලධාරීන් සඳහා ලබා දිය යුතු අවම සෞඛ්‍යාරක්ෂිත උපකරණ හා විෂබීජනාශක දියර හා මුඛ ආවරණ ලබා දීමට ආණ්ඩුව කඩිනම් වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීම.

වසම් මට්ටමින් මේ මොහොතේ රාජකාරි වල යෙදෙන සංවර්ධන නිලධාරීන් ඇතුලූ නිලධාරීන් සෘජුවම ගෘහ ආශ‍්‍රීත ජනතාවගේ සෞඛ්‍ය උපදෙස් අනුව තොරතුරු රැස් කිරීම ඇතුලූ වෙනත් රාජකාරි වල නිරත වෙමින් සිටි.

උද්ගතව ඇති අවධානම් තත්වය යටතේ ඉහත සඳහන් ඉල්ලීම් හා යෝජනා ක‍්‍රියාත්මක කිරීමට කඩිනමින් මැදිහත්වන මෙන් ආණ්ඩුවෙන් හා රජයේ වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
චන්දන සූරියආරච්චි
ප‍්‍රධාන ලේකම්,
සංවර්ධන නිලධාරී සේවා සංගමය.

පිටපත්:-
01. ගරු ජනාධිපතිතුමා (අ.ක.ස/දැ.ගැ.පි)
02. ගරු අග‍්‍රාමාත්‍යතුමා (අ.ක.ස/දැ.ගැ.පි)
03. ගරු සෞඛ්‍ය අමාත්‍යතුමිය (අ.ක.ස/දැ.ගැ.පි)
04. එකාබද්ධ සේවා අධ්‍යක්‍ෂ ජනරාල් (අ.ක.ස/දැ.ගැ.පි)
05. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් (වැ.බ* (අ.ක.ස/දැ.ගැ.පි)
06. සභාපති, යුධ හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා (අ.ක.ස/දැ.ගැ.පි)
(#කොරෝනා මර්ධන ජාතික මධ්‍යස්ථානය)
07. සියලූම දිස්ත‍්‍රික් ලේකම්වරුන් (අ.ක.ස/දැ.ගැ.පි)
08. ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් (අ.ක.ස/දැ.ගැ.පි)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress