කෝවිඩ් 19 වසංගතය හේතුකොටගෙන මේ වන විට කටුනායක නිදහස් වෙළඳ කලාපයේ වසා දමා ඇති සහ සේවයට නොකැඳවා ඇති ආයතනවල සේවක සේවිකාවන් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ඛෙදාදීමේ අප සංගමය ගෙන යන වැඩ පිළිවෙළට අවසර ලබා දෙන ලෙස කරනු ලබන ඉල්ලීම
Posted on October 22nd, 2020

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය

2020 ඔක්තෝබර් මස 22 වන දින.
ලූතිනන් ජෙනරාල් ශවේන‍ද්‍ර ශිල්වා මැතිතුමා
හමුදාපති
සහ
සභාපති
කොවිඩ්-19 සම්බන‍ධ ජනාධිපති කාර්ය සාධන බලකාය
කාර්ය සාධන බලකා කාර්යාලය,
රාජගිරිය.
ප්‍රිය මහත්මයාණෙනි,
කෝවිඩ් 19 වසංගතය හේතුකොටගෙන මේ වන විට කටුනායක නිදහස් වෙළඳ කලාපයේ වසා දමා ඇති සහ සේවයට නොකැඳවා ඇති ආයතනවල සේවක සේවිකාවන් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ඛෙදාදීමේ අප සංගමය ගෙන යන වැඩ පිළිවෙළට අවසර ලබා දෙන ලෙස කරනු ලබන ඉල්ලීම
ඉහත කරුණ සම්බන‍ධයෙන් අද දින පහත අත්සන් කරන මා ඔබ සමග කරන ලද දුරකතන සාකච්ඡාවේදී පැහැදිලි කර දුන් පරිදි කටුනායක නිදහස් වෙළෙඳ කලපයේ වසා දමා ඇති ආයතනවල සේවක සේවිකාවන් මෙන්ම සේවයට නොකැඳවා ඇති ආයතනවල සේවක සේවිකාවන් එහි අවට පිහිටි නේවාසිකාගාරවල නැවතී සිටින අතර ඔවුන් සේවය කරන අවස්ථාවලදී අදාල සමාගම් විසින් ඔවුනට උදෑසන ආහාරය හෝ දිවා ආහාරය නොමිලයේ සපයන අතර අනෙකුත් ආහාරපාන සහන මිලට ලබා ගැනීමට හැකියාව තිබුණි. එහෙත් ආයතන වසා දැමීම නිසා නේවාසිකාගාරවල නැවතී සිටීමට ඔවුනට සිදුවී ඇති අතර ඇඳිරිනීතිිය ක්‍රියාත්මක වීම නිසා අවට පිහිටි කඩසාප්පු ද වසාදමා ඇත. තවද, අසළ පිහිටි කඩවලින් මාසය අවසානයේ වැටුප් ලබා ගැනීමෙන් පසුව ගෙවීමේ පදනම මත ණයට බඩුබාහිරාදිය ලබා ගත්ත ද මේ වන විට ඔවුනගේ ආයතන වසා දමා ඇති බැවින් එම පදනම මත කඩවලින් අත්‍යවශ්‍ය බඩු ලබා ගැනීමට ද නොහැකි වී ඇත.
එම සේවක සේවිකාවන් සඳහා අදාල සමාගම් විසින් ඔවුනට අවශ්‍ය ආහාර පාන ලබාදීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිතුමාට උපදෙස් දී ඇති බව ඔබ ප්‍රකාශ කළ අතර එය සාර්ථකව ක්‍රියාත්මක නොවන බව එම ආයතනවල සේවකයින් අප වෙත දන්වා ඇත.
මෙම තත්ත්වය ද සැළකිල්ලට ගත් අප සංගමය 2020 මාර්තු මස අවසානයේදී ඇදිරිනීතිය හේතුකොට ගෙන නේවාසිකාගාරවල රැදී සිටීමට සිදුවූ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවක සේවිකාවන්ට කටුනායක පොලීසියේ අවසරය ඇතිව පොලිස් නිලධාරියකුද සමග ගොස් එම නේවාසිකාගාරවල සේවක සේවිකාවන් හට වියළි ආහාර ලබාදුන් බැවින් මේ අවස්ථාවේදී ද එසේ කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලා අප සංගමය විසින් කටුනායක පොලිස් ස්ථානාධිපතිතුමා වෙත 2020 ඔක්තෝබර් මස 16 වන දින දරණ ලිපිය මගින් ඉල්ලා සිටි අතර එA අනුව එසේ කිරීමට කටුනායක පොලිස් ස්ථානාධිපතිතුමා අවසරපතක් නිිකුත් නොකළ නමුත් අප සැළැසුම් කළ ආකාරයට එය ක්‍රියාත්මක කරන ලෙසට උපදෙස් දෙන ලදී. එA අනුව 2020 ඔක්තෝබර් මස 21 වන දින කටුනායක ඇවරියවත්ත, බෝලගල ශ්‍රී රතනසාර නා හිමි මාවතේ පිහිටි අප සංගම් කාර්යාලයේදී එම වියළි ආහාර ඛෙදාදීම කරන ලද අතර එළෙසම 2020 ඔක්තෝබර් මස 22 වන දින ද එය සිදු කරන බව කටුනායක එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය නිලධාරී මහතාට ද දන්වා සිටි අතර කටුනායක පොලිස් ස්ථානාධිපතිතුමාට ද එA බව අප දුරකථනයෙන් දන්වා සිටින ලදී. එම වැඩපිළිවෙල එA අනුව ක්‍රියාත්මක කරන ලෙස එA මහතුන් ලබාදුන් උපදෙස් අනුව අද දින එම වියළි ආහාර මලූ උඡ ඡෘ 6457 දරණ අප සංගමයේ වාහනයෙන් ගෙනයාමට කටයුතු කළ නමුත් එම භාණ්ඩ ගෙනයාම සඳහා අප වාහනයට ඉඩ දිය නොහැකි බව එම ප්‍රදේශයේ මාර්ග බාධකවල සිටින පොලිස් නිලධාරී මහතුන් දන්වා සිටන ලදී.
එA අනුව අද දින ඔබගෙන් දුරකතනයෙන් ඉල්ලා සිටි පරිදි අප සංගමය සැළසුම් කර ඇති එම වියළි ආහාර මලූ ඛෙදා දීම සඳහා අවසරය සහ පහසුකම් ලබාදීමට කටයුතු කරන ලෙස අදාල පොලිස් ස්ථානවලට පොලිස්පතිතුමා මගින් උපදෙස්දීමට කටයුතු කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නෙමු.
මේ පිළිබඳව වැඩි විස්තර අවශ්‍යවන්නේ නම් 0777281477 දරණ මාගේ ජගම දුරකථනයට කථා කර එය ලබාගත හැකි බව ද දන්වා සිටින්නෙමු.
ස්තූතියි.
මෙයට විශ්වාසී

ඇන්ටන් මාකස්
සම ලේකම්
නිදහස් වෙළඳ කලාප සහ
පොදු සේවා සේවක සංගමය
පිටපත් :-

  1. පොලිස්පතිතුමා
  2. සභාපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
  3. ස්ථානාධිපතිතුමා, කටුනායක පොලිස් ස්ථානය
  4. ස්ථානාධිපතිතුමා, සීදූව පොලිස් ස්ථානය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress