වර්තමානයේ කොවිඞ්-19 වසංගතය කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපය ඇතුළු අනෙකුත් ප‍්‍රදේශවල පැතිරීම නිසා පැන නැගී ඇති සේවක ගැටළු පිළිබඳව සාකච්ඡුා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස කරනු ලබන ඉල්ලීම
Posted on October 22nd, 2020

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය

අතින් භාරදීම.
2020 ඔක්තෝබර් මස 22 වන දින.
මහින්ද රාජපක්‍ෂ මැතිතුමා
ගරු අග‍්‍රාමාත්‍ය,
අරලියගහ මන්දිරය,
කොළඹ 03.
ගරු අග‍්‍රාමාත්‍යතුමනි,
වර්තමානයේ කොවිඞ්-19 වසංගතය කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපය ඇතුළු අනෙකුත් ප‍්‍රදේශවල පැතිරීම නිසා පැන නැගී ඇති සේවක ගැටළු පිළිබඳව සාකච්ඡුා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස කරනු ලබන ඉල්ලීම
2020 ඔක්තෝබර් මස ආරම්භයේදී මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවෙන් පටන් ගෙන මේ වන විට ගම්පහ දිස්ත‍්‍රික්කය තුල, විශේෂයෙන්ම කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ පැතිරීම හේතුවෙන් කර්මාන්තශාලා හතරක් (4* ක් තාවකාලිකව වසාදමා ඇති අතර අනෙකුත් කර්මාන්තශාලා සීමිත සේවක සංඛ්‍යාවකගෙන් නිෂ්පාදනයන් පවත්වාගෙන යමින් සිටී. මෙසේ වසා දමා ඇති කර්මාන්තශාලාවල සේවකයින් අති බහුතරයක් එහි අවට පිහිටි නේවාසිකාගාරවල පදිංචිව සේවයට වාර්ථා කරන අය වන අතර වසා දමා නැති කර්මාන්තශාලාවල ද නේවාසිකාගාරවල පදිංචිව ඉන්නා සේවකයින් සේවයට නොකැඳවන නිසා ඔවුන්ට ද එම නේවාසිකාගාරවල රැුදී සිටීමට සිදුව ඇත.
එ් අනුව එම සේවක සේවිකාවන් සේවයේ යෙදී සිටි අවස්ථාවලදී එම ආයතන මගින් එම සේවක සේවිකාවන්ට උදෑසන ආහාරය අය කිරීමකින් තොරව ද, දිවා ආහාරය සහනදායී මුදලට ද ලබා දී තිබූ අතර මේ වන විට නේවාසිකාගාරවල රැුදී සිටින මෙම සේවක සේවිකාවන්ට එ්වා නොලැබෙන තත්ත්වයකට පත්ව ඇත.
එසේම මේ වන විට ඔවුනගේ ඔක්තෝබර් මස වැටුප ලැබී නැති බැවින් භාණ්ඩ මිලදී ගැනීමට ද හැකියාවක් නැති අතර ඇඳිරිනීතිය ක‍්‍රියාත්මකවීම නිසා කඩසාප්පු වසාදමා ඇති බැවින් මුදල් තිබුණ ද බඩු බාහිරාදිය ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත. මෙම තත්ත්වය යටතේ කිසිදු සහනයක් නොලැබී ඉතා අසරණ තත්ත්වයකට මෙම සේවක සේවිකාවන් පත්වී ඇති බව පෙන්වා දෙනු කැමැත්තෙමුු.
තවද, කොවිඞ්-19 වසංගතය පැතිරයාම වැළැක්වීම සඳහා ඡුක්‍ඍ පරීක්‍ෂණ සිදුකිරීම ද ක‍්‍රමවත්ව සිදු නොවන බව පෙනී යන අතර සමහර කර්මාන්තශාලා තෝරාගත් සේවක සේවිකාවන් ඡුක්‍ඍ පරීක්‍ෂණවලට ලක්කර ඇතත් එ්වායේ වාර්ථා ලබා ගැනීමට සතියකට වැඩි කාලයක් ගතවන බවත්, එතෙක් ඡුක්‍ඍ පරීක්‍ෂණවලට ලක්වූ සේවක සේවිකාවන්ට ද කර්මාන්තශාලාවල සේවයට පැමිණීමට සිදුවී ඇති බවත්, නේවාසිකාගාරවල නැවතී සිටීමට ද සිදුවී ඇති බවත්, ඔවුන්ගෙන් කිසිවකු හෝ ආසාධිතයින් බව පරීක්‍ෂණ වාර්ථාවලින් සොයා ගන්නා විට එ් අතරතුර ඔවුන් රෝග වාහකයන් බවට පත්වී ඇති නිසා නේවාසිකාගාරවල සියළුම අය නිරෝධායනයට ලක් කිරීමට සිදුව ඇති බවත් පෙන්වාදීමට කැමැත්තෙමු.
මෙම තත්ත්වය නිසා මෙම ඡුක්‍ඍ . පරීක්‍ෂණ පැවැත්වීම සඳහා කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ නිෂ්පාදකයින්ගේ සංගමය විසින් ඔවුන් විසින් වියදම් දරමින් ඡුක්‍ඍ. පරීක්‍ෂණ සිදු කිරීමේ එ්කකයක් කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ ස්ථානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අවසර ඉල්ලා ඇතත් මෙතෙක් එ් සඳහා අවසර ලබා දී නැති බව ද දැන ගන්නට ලැබී ඇත.
එසේම එම ප‍්‍රදේශයේ නේවාසිකව සේවය කරනු ලබන මෙම සේවක සේවිකාවන් එම ප‍්‍රදේශයේ පදිංචිකරුවන් නොවන බැවින් ආණ්ඩුව විසින් ගම්පහ දිස්ත‍්‍රික්කයේ පදිංචිකරුවන්ට ගෙවීමට සැළසුම් කර ඇති රුපියල් පන්දහසේ රු. 5,000/=* සහන දීමනාව ද මෙම සේවක සේවිකාවන්ට නොලැබෙන බව ද අපට දැනගන්නට ලැබී ඇත.
ඉහත කී තත්ත්වයන් එකී සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වයටත්, ඔවුනගේ එදිනෙදා ජීවනෝපායන්ටත් බරපතල අභියෝගයක්ව ඇති බැවින් මේ පිළිබඳව සාකච්ඡුා කිරීම සඳහා පහත නම් සඳහන් වෘත්තීය සමිතිවලට ඔබ හමුවීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඔබගෙන් ඉල්ලා සිටීමට අදහස් කළ බැවින් ඔබ හමුවී එවැනි සාකච්චාවක් කිරීමට අවස්ථාවක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.
ස්තූතියි.
මෙයට විශ්වාසී

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය
නිදහස් සේවක සංගමය
ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය,
එක්සත් කම්කරු සම්මේලනය
සී ෆෙයාරස් යුනියන්

වෙනුවෙන්

ඇන්ටන් මාකස්
සම ලේකම්
නිදහස් වෙළඳ කලාප සහ
පොදු සේවා සේවක සංගමය
පිටපත් :-

  1. නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා, ගරු කම්කරු අමාත්‍ය
  2. සභාපති ආයෝජන මණ්ඩලය
  3. පවිත‍්‍රා වන්නිආරච්චි මැතිතුමිය, ගරු සෞඛ්‍ය අමාත්‍ය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress