20 වෙනි ව්‍යාවස්තා සංශෝධන අරගලය රටට හා ජනතාවට කියාදෙන පාඩම
Posted on October 24th, 2020

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි 

69 ලක්ෂයක්වූ ජනතාව මෙරට ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාව තෝරාගත්තේය. ඒ ඔහු ද්විත්ව පුරවැසිභාවය අත්හැර දමා මෙහි දේශපාලන පිටියට පැමිණි නිසා නොව, ද්විත්ව පුරවැසිභාවය තිබුනද ඔහු මේ රටේ ඕනෑම කටයුත්තක් සඳහා සුදුසුම පුද්ගලයා ලෙස ජනමනස තුල දිදුලමින් සිටි පුද්ගලයා බැවිනි. බලයට පත්වූ එතුමාගේ බලතල ව්යාවස්තාවෙන් කප්පාදු කර තිබු බැවින් තමන්ට වැඩ කිරීමට ඇති බාදාව ජනතාවට පෙන්නා දුන් එතුමා මේ බාධක ඉවත් කිරීම සඳහා තමන්ට 2/3ක් පාර්ලිමේන්තු බලයක් ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

ප්‍රතිපලය වුයේ එතුමා ඉල්ලා සිටි ආකාරයටම ජනතාව එතුමාට් 2/3 ජනවරමක් ලබාදීමයි. මේ ජනතාව අවශ්‍යදේ අවශ්‍ය ආකාරයට තේරුම්ගෙන කටයුතු කල හැකි ජනබලවේගයක් බව මේ මැතිවරණ දෙකේදීම ඉතා පැහැදිලිවම ප්‍රකාශ කර සිටියහ.

පාලනයේ පවිත්‍රකරණයක් සිදුකිරීම අත්‍යවශ්‍ය කටයුත්තක්ව තිබුණි. එය කලයුතේ හා කල හැක්කේ නව ව්යාව්ස්තාවක් රටට හදුන්වාදිමෙනි. නමුත් නව ව්යාවස්තාවක් ක්ෂණයකින් ගොඩ නැගිය හැකි දෙයක් නොවේ. එබැවින් පවතින ගැටලුකාරිතත්වයන්  සමනය කරගෙන, පාලනය ගෙන යාමේ අවශ්‍යතාවය උදෙසා 20 වෙනි ව්යාවස්තා සංශෝධනය නිර්මාණය කර ඉදිරිපත් කරන ලදී.

20 වෙනි ව්යාව්ස්තා සංශෝධනය යනු උපරිම වශයෙන් වසර දෙකක කාලයක් පැවතිය හැකි. නව ව්යාවස්තාවේ පැමිණීමත් සමග ඉවත්ව යන තාවකාලික දෙයකි. මෙහි ආයුකාලයවත් නොදන්නාවුන්සේ  මෙහි තිබිය යුතු දා සම්බන්ධව මෙරට ජනතාව වන අප බලා සිටියේ හාස්‍ය ජනක සිතුවිලි පෙර දැරිවය.

20 වෙනි ව්යාව්ස්තා සංශෝධනයට එරෙහිව රටේ කණ්ඩායම් දෙකක් පන නැගිණි. ඒ,

1. රජය අභ්‍යන්තරයේ විටින කණ්ඩායම හා
2. විපක්ෂ කණ්ඩායම ලෙස හැදින්විය හැක.

අපට වැදගත වන්නේ රජය අභ්‍යන්තරයේ සිටින කණ්ඩායම ඉදිරිපත් කරනු කාරනා සම්බන්ධවය.

අපි විශ්වාස කරන්නේ සම්පුරන්යෙන්ම 19 වෙනි ව්‍යාවස්ථා සංශෝධනය අහෝසිකලා නම් ප්‍රමාණවත් බවයි.

නමුත් රජය එසේ නොකොට 19යේ අඩංගු යම් යම් වගන්ති එසේම තබාගෙන 20 ඉදිරිපත් කරන ලදී.මෙහිදී අපි 19යේ ඇති වටිනා දේවල් යයි කියා තියාගත් දේවල් වලට එකඟ නොවුනද ඒවා සම්බන්ධව කතාකිරීමට වෙහෙස නොගන්නේ, මේ සියල්ලක්ම වසර දෙකක කාලයක් තුලදී අහෝසිවී නව ව්යාවස්තාවක් එන බව විශ්වාස කරන නිසාය.

ආංඩුවේ අභ්‍යන්තරයේ ගැටුම්කාරී තත්වයක් නිර්මාණය වෙන්න බලපෑ ප්‍රධානම වගන්තිය වුයේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට තිබු බාධාව ඉවත් කිරීම හේතු කොටගෙනය. දැන් 20 ව්යාවස්තා සංශෝධනය තුලින් සිදුකර ඇත්තේ, ද්විත්ව පුරවැසියෙකු පාර්ලිමේන්තුවට පත් කර ගන්නවාද නැද්ද යන බලය මෙරට පරමාධිපත්‍ය උසුලන ජනතාවට බාරදීම පමණි. අවසාන තීන්දුව දෙන්නේ ජනතා පරමාධිපත්‍ය බැවින් ඒ ගැටළුවටද මෙරට ජනතාව නිවැරදි තීරණයක් ලබාදෙනු ඇත. ජනතාව තීරණය කලයුතුදේ ජනතාවට තීරණය කිරීමට ඉඩදීම තුලින්, රනිල් වික්රම්සින්හයන්ව පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරියා සේම  නෙරපා හරිය යුත්තේ ද්විත්ව පුරවැසියාද නැත්නම්, ශ්‍රී ලාංකික පුරවසියාද යන්න ජනතාව නිවැරදිව තීරණය කරනු ඇත.මේ ජනතා අයිතියට අත තියන්න එපා.

ස්තුතියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress