ශ‍්‍රී ලංගමය ශක්තිමත් කිරීමට, සේවක අයිතීන් සුරක්ෂිත කිරීමට 2021 අයවැය ලේඛනය තුළින් ප‍්‍රවාහන අමාත්‍යාංශය යටතේම ශ‍්‍රී ලංගමයට පුනරාවර්ථන වියදම් හා ප‍්‍රාග්ධන වියදම් සඳහා රුපියල් මිලියන 22 000 ක මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීමට කඩිනමින් මැදිහත් වන ලෙස ඉල්ලා සිටීම.
Posted on October 28th, 2020

සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය.

2020.10.28

ගරු ජනාධිපති,
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

ගරු ජනපතිතුමනි,

ශ‍්‍රී ලංගමය ශක්තිමත් කිරීමට, සේවක අයිතීන් සුරක්ෂිත කිරීමට 2021 අයවැය ලේඛනය තුළින් ප‍්‍රවාහන අමාත්‍යාංශය යටතේම ශ‍්‍රී ලංගමයට පුනරාවර්ථන වියදම් හා ප‍්‍රාග්ධන වියදම් සඳහා රුපියල් මිලියන 22 000 ක මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීමට කඩිනමින් මැදිහත් වන ලෙස ඉල්ලා සිටීම.

ශ‍්‍රී ලංගම සේවකයින්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමටත්, මහජනතාවට විධිමත් ප‍්‍රවාහන සේවයක් ලබාදීමටත් ශ‍්‍රී ලංගම ය ශක්තිමත් කිරිමටත් 2021 වසර සඳහා ප‍්‍රවාහන අමාත්‍යාංශය යටතේම ශ‍්‍රී ලංගමයට රුපියල් මිලියන 22,000 ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස පළමුව අප සංගමය ඔබතුමාගෙන්
කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

විධිමත්ව නියමිත දිනට පාරිතෝෂික මුදල් ගෙවීමට, සේවක වැටුප් වැඩි කිරීමට, පාසල් ළමයි ඇතුළු වැඩකරන ජනතාවට සහන සැලසීමට ශ‍්‍රී ලංගමය ආයතනවලට ගෙවිමට ඇති ණය මුදල් ගෙවීමට, සේවක අර්ථසාධක අරමුදල් විධිමත්ව අඛණ්ඩව බැංකගු ත කිරීමට පනු රාවර්ථන වියදම් වශයෙන් රුපියල් මිලියන 2000ක මුල්‍ය ප‍්‍රතිපාදන ද,

2006 අංක 30 දරණ සහ 2016 අංක 02 දරණ කළමනාකාර සේවා චක‍්‍රලේඛණයට අනුව සියලූම ශ‍්‍රී ලංගම සේවකයින්ගේ වැටුප් විෂමතාවය ඉවත්කර නිලධාරීන්ගේ 2018.10.01 දින සිට හිඟ වැටුප් සමඟ වැටුප් සංශෝධනය කිරිමට, නව බස්රථ ලබාගැනීමට, ශ‍්‍රී ලංගමයේ කාර්මික අංශයට නවීන තාක්ෂණ උපකරණ ලබාගැනීමට, දැනට අඩාල වී ඇති සේවක සුභසාධන ක්‍රියාවලිය වධිමත්ව පවත්වාගැනීමට, සියලූම ඩිපෝ වැඩපලවල්, ආයතනල අළුත්වැඩියා කර සංවර්ධනය කිරීමට, කොටස් සහතික හිමියන්ට සාධාරණය ඉටු කිරීමට පරිගණක තාක්ෂණය වැඩි කිරීමට යන ඉල්ලීම් ඉටු කිරීමට ප‍්‍රාග්ධන වියදම් වශයෙන් රුපියල් මිලියන 20,000 ක මුල්‍ය ප‍්‍රතිපාදන ද ඇතුළු රුපියල් මිලියන 22,000 ක මූල්‍ය ප‍්‍රතිපාදන ප‍්‍රවාහන අමාත්‍යාංශය යටතේම 2021 අයවැය ලේඛනය තුළින් ශ්‍රී ලංගමයට ලබාදීමට කඩිනමින් මැදිහත්වන ලෙස ඔබතුමාගෙන් අප සංගමය කාරුණිකව ඉල්ලා සිටින අතර ප‍්‍රවාහන අමාත්‍යාංශය යටතේම අයවැය ලෙඛ්නය තුළින් වෙනමම ශ‍්‍රී ලංගමයට මුදල් වෙන්කරන ලෙස අප සංගමයේ ඉල්ලීමට පිළිතුරු වශයෙන් එවන ලද ලිපිවල පිටපත් ඔබතුමාගේ අවධානය සඳහා යොමු කරන්නෙමු.

ස්තූතියි.

මෙයට,
විශ්වාසී,
සේපාල ලියනගේ
සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress