වික්ටර් රත්නායකට දෙවියන් වහන්සේ යලි කටහඬ දීමේ ප්‍රාතිහාර්ය හා මාධ්‍යය මඟින් අති ශෝක්තියෙන් එය හුවා දක්වන ඉවැන්ජෙලිකල් කල්ලි
Posted on January 28th, 2021

පාලිත ආරියරත්න

වික්ටර් රත්නායක මහතා සහ ඔහුගේ බිරිඳ යාච්ඤා මෙහයට සහභාගී වී ඇති අයුරු දක්වෙන පින්තුර කැබැල්ල

අද වනවිට අන්‍යාගමික මාරයා නැවත හිස ඔසවමින් සිටි, අන්‍යාගමික කරණය දැන් දැන් අයෙත් නාඩගමක් බවට පත්වී තිබේ. ටයි කොට් ඇඳගත් පාස්ටර් වරු මේ නීති විරෝධී අන්‍යාගමික කරණයේ යේදී සිටි. ලංකාවේ සිටින ප්‍රසිද්ධ මින්සුන් මෙන්නම අප්‍රසිද්ධ පුද්ගලයන් සොයා ගොස් මේ පාස්ටර් මග මරුවන් මේ නීති විරෝධී ක්‍රියාදාමයේ යෙදී සිටි. දැන් මේ කපටි පාස්ටර් වරු කොවිඩ් මරණ ගැනකථා නොකර අතර මිනිසුන්ට ඇස්  බැන්දුම් බැඳ දැන් උගුරු ආශ්‍රිත රෝග හොඳ කිරීමට පටන්  ගෙන තිබේ.

අනුතුන,අනුහතරවර්ෂවලදී වලදී සිදු වුයේ දවසින් දෙකින් කන්වල සැදුනු සැරව ගැලීම් වැනි රෝගවලට ක්ෂණයෙන් යාච්ඤා වලට කන්දිමෙන් සුවවන බව සහිත අත්පත්‍රිකා බෙදා හැරීමය. නමුත් දැන් දැන් මේ කාලයේ මේ පැතිරෙන උගුරේ අමාරු හා කැස්ස, සොටු ගැලීම්, ආදියත් මහත් වාසියක් ගෙනදීමට පාස්ටර් වරුන්ට කදිම අවස්ථාවක් වී තිබේ. දම්මිකලා  පැනිවලින් කාලි අම්මලා හරා වැඩ පෙන්වන විට පාස්ටර්ලා ”දෙක” වීමට කැමති නැති නිසා උගුර කැඩෙනකන් මයික්‍රෝෆෝන් වලින් දෙවියන්ට කැ ගසා කර ඇති කියා හිතන හදි හූනියම් කැපීමටදඟලයි . දම්මිකගේ පැනියටනම් කුමක් හෝ ඖෂධයක් එකතුවී තිබුනත් මේ පාස්ටර් වරුන්ගේ ශබ්ද  දුෂණය නම් අසා සිටීම නොහැකිය.

තම දේව සභාවට එන මිනිසුන් හට කෘමිනාශක ඉසින දකුණු අප්‍රිකානු දේවගැතිවරයෙකු

 අප්‍රිකානු සම්භවයක් ඇති පාස්ටර් වරු එදා කිවේ දෙවියන්ගේ පුත්‍රයන් වන මේ අපි ‘ චීනයේ වුහාන් ප්‍රාන්තයට ගොස් ‘ කොවිඩ් නැති කරණ බවය. ඒ අතර ඔවුන් මිනිසුන්ගේ මුහුණට විෂබීජ නාශක ඉසිමක්ද කළේය. ඒ අතින් බැලුවිට මේ ශ්‍රී ලාංකික පාස්ටර් වරුන්ට් පොඩ්ඩක් හෝ මොලේ ඇති බව පෙනේ නමුත් ‘සමාජ දුරස්ථ භාවය තබා නොගැනීමත් මිනිසුන්ට ඔහු යාච්ඤා කරණ අතර තුර මුකවාඩමක් පැළද නොගෙන සිටීමෙන් ව්ක්ටර් මහතාට අත්විය හැකි ඊළඟ ඉරණම කට හඬ නැවත පැමිණීමට වඩා භයානක එකක් බව නොවහැටීමෙන්ම මෙම සහ එම පාස්ටර් වරුන්ගේ ගොන් වැඩ ගැන අපහට සිතා ගත හැකිය.

ගායකයන්, වාදකයන් බිලිබැම සහ ඔවුන්ගේ වාග්ද්වාරයේ සිට ගුද මාර්ගයේ හැදෙන ලෙඩ දක්වා ප්‍රතිකාර කිරීමට උත්සුක වන මේ පාස්ටර් වරු සමහර තැන්හිදී කිසිම විලිලැජ්ජාවක් නැතිව සමහර රහස් ස්ත්‍රී රෝගවලට වලද ප්‍රතිකාර කිරීමට ඉදිරිපත් වේ. ඊට පසු සමහර සමාජ හුට පට වලට මදි වී ගුටි කන අවස්ථාද තිබේ.

ගැහැණියකුගේ කිහිලි ප්‍රදේශට මුඛ ලිංගික යක්ෂයින්ගෙන් මිදීමට පාස්ටර් වරයෙකු තවත් අවස්ථාවක නාශක ද්‍රව්‍යක් ඉසීමක්

නමුත් මොවුන් කෙසේ මොකක් කලත් මිනිසෙකු මරණයට පත්වූ පසු ‘දේවියන වහන්සේ ලඟට ගියා කියා ජාමේ බේරා ගැනීමටද ක්‍රියා කිරීමෙන් පෙනෙන්නේ  මේ උපක්‍රම ජාවාරමක් බවය. ප්‍රසිද්ධ  සැක්ෂ ෆෝන් වාදකයෙකු වූ ස්ටැන්ලි  මහතා මැරෙනතුරු ඔහුට තිබු කිසියම් රෝගයක්  මැඩ පැවැත්වීමට මේවන් ගනයේ  පාස්ටර් වරු එදා ඔහුට ‘මතුරා තැඹිලි වතුර  දිමක සිද්ධියක්’ සමාජයේ කථා බහාවුණි. ඊට පසු ඔහුට දිය වැඩියාව අධික ලෙස උත්සන්න වුවා යැයිද  යැයි සැකයක් එදා ඊට පසු ජන සමාජ ගත විය.

ෆැන්සිස් පාප්වහන්සේ සහ COVID-19 නිසා ඇති වූ සංකූලතා හේතුවෙන් ජනවාරි 9 වන දින මියගිය පුද්ගලික වෛද්‍යවරයා වන ෆැබ්රිසියෝ සොකෝර්සිට[/caption]

 ෆ්‍රැන්සිස් පාප්තුමාගේ පුද්ගලික වෛද්‍යවරයා කොවිඩ් 19 සංකූලතා හේතුවෙන් මියගොස් තිබේන අතර ඔහුට පළමුවෙන්ම ඇතිවෙන එනම්  කොවිඩ් නිසා කැස්ස හා උගුරේ අමාරුව හා පිලිකා තත්වය හොඳ කිරීමට ලොව සිටින ලෙඩ හොඳ කරණ කිසිම පාස්ටර් වරයන්ගේ අතරින් කිසිම කෙනෙක් ඉදිරිපත් නොවීම සිංහල බොදු අප දකින්නේ ඔවුන් දැඩි ලෙස සාමන්‍ය කතෝලික හා ක්‍රිස්තියානි අයට වැළදෙන රෝග ගැන වැඩි සැලකිල්ලක් දක් නොවන බවයි.

අද වෙනවිට ක්‍රිස්තියානි හෝ ඉවේන්ජෙලිකල් ආගමික බිරින්දෑවරු බැඳ ගත් රාජ්‍යය පාලන මට්ටමේ හා ගායක මට්ටමේ හා ඒ අතර පිත්තකින් බෝලෙට එහා මෙහා ගසන ක්‍රිකට් ක්‍රීඩකයන් පවා අන්‍යාගමික කරණයට ප්‍රසිද්ධියේ කරමින් සිටි. ඔවුන් සැමදෙනාම වෙසක් සැමරීමට වඩා නත්තල් ගීත ගැයීමට හා ගීත වාදනයට උත්සුක වේ තම ආදරණිය බිරිඳ පස් පවු හා දස අකුසල් කිරීමෙන් වලක්වා ගැනීමට හා බුදුදහමේ අගය කියා දී සසරින් එතෙර වීමට මේ කියන යුග පුරුෂයන් උත්සහා නොගැනීම හා හුදෙක් ස්වාමින් වහන්සේලාද පන්සල් තුල සැතපී සිටීම පමණක් හා උදේ හවා රුපවාහිනී පද්ධති මඟින් පමණක් බණ ඉදිරිපත් කිරීමට යාමේ ප්‍රතිපලය හා ක්‍රියාකාරීත්වයේ ඇති බරපතල තත්වය දඩ මීමා කරගෙන මේ පාස්ටර් වරු බොර දියේ මළුබායි.

”ජේසු තුමන්ද කියා ඇත්තේ තමා වෙනුවන් ආගමික ප්‍රචාරයන්වල නියයතු වන අය අනිවාර්යෙන් ස්වර්ගයට නොයන බවයි”.

”Not everyone who says to me, ‘Lord, Lord,’ will. enter into the Kingdom of Heaven”

Matthew 7:21

අළුත් ගිවිසුමේ මතෙව්ගේ සුවිශේෂයේ හත්වන පරිච්ඡේදයේ විසිඑක්වන පදය ඉහළින් උපුටා දක්වා ඇති අතර එය කන්ද උඩ දේශනාවේ කොටසකි.

”බොරු අනාගතවක්තෘවරුන්ට එරෙහිව යේසුස් දුන් අනතුරු ඇඟවීම මෙම පදය දිගටම කරගෙන යයි.”

ඉතින් බොදු අපහට බොරු බේගල් ඇද බා මෙලොව සිටිනා වෛද්‍යවරයෙකුටත් සුව කල නොහැකි රෝග මේ ටයි කොට් හැඳගත් ,සුවඳ විලවුන් ඇඟේ ගා  ගත් ,හොඳ සැලෝන් එකකින් කොන්ඩ මෝස්තර දාගත්, කනේ මයික්‍රෝ ෆෝන් ගහගෙන අර බෙල්ලට ගැසීමට යන ආකාරයෙන් අත දික්කිරිමෙන් හොඳ වෙනවානම් ඉතින් අපහට මේ බුද්ධිමත් සාමජයට කියා සිටීමට තියෙන්නනේ. මහරගම පිළකා වාට්ටුවේ අංශයක් මේ පාස්ටර් තුමාලට දී ජාතික ධනය ඉතිරි කරගෙන සියළුම ඉස්පිරිතාල හා වාට්ටු සංකීර්ණ වසා දමා සෞඛ්‍යය සේවයේ රැකි රක්ෂා කරන මිනිසුන් ගෙදර යැවීම හෝ රෝගීන් සියලන්ම මේ වර්ගයේ පාස්ටර් වරුන්ගේ ගෙවල් වලට යවන මෙන්ය.

වික්ටර් මහතා අන්ත අසරණ තත්වයකට වැටි ඇති බව මෙම පින්තුර තුලින් පෙනේ ඉතින් රෝගියෙකු තිබෙන තමාට උපකාරයක් කාගෙන් හෝ අවශ්‍ය වන සිතුවිල්ල දඩ මීමා කරගැනීමට පාස්ටර් වරු යදින්නේ වික්ටර් පමණක් නොවේ.

ලෙඩේට නිසියාකාර බෙහෙත නොගෙන ඕනෑම තැනකදී ගීත ගැයීමට වෛද්‍ය නියමයන් දීම අති භයානකය එය අනතුරු කාරී ලෙඩ රෝග පැති රිමක්ද වන්නේය, දණ්ඩ නීති සංග්‍රහයේ සදහන් වරදක් ගණයටද මෙය වැටේ.

අප බුද්ධිමතුන් වශයෙන් මෙවන් නීති විරෝධී ක්‍රියාවන් ගැන සමාජය දැනුවත් නොකිරීමෙන් සිදුවන්නේ. තවත් අතකින් කපටි ක්‍රියමාර්ග මඟින් නීති විරෝධීව සිදුවෙන අන්‍යාගමික කරණයට උල් පන්දන් දිමක්ය.

අද වෙනවිට අඩුම ගානේ ලෝකය දින ගණනකින් මැවූ ඒ මහා එකාධිපති දෙවියන් පවා කොරෝනා හමුවේ සැඟවී සිටින ස්වභාවයක් දිස්වේ. අද  මිනිසාගේ ආරක්ෂාවට මිනිසාම ඉදිරපත් වී තිබේ.කොරෝනා උවදුර පැතිරුණු මුල් කාලයන්වල සියලුම යාච්ඤා කරන මධ්‍යස්ථානය වසා ලෝකයේ සිටින පාස්ටර්වරු ඔවුන් ඔවුන්ගේ පවුල් රකිමින් සිටියේය. දැන් දැන් යළි කල එලි බසින්නේ අඩුපාඩු වසා ගැනීමටය.

ප්‍රසිද්ධ පුද්ගලයන් බිලි බාන්නේ හා ඔන්න මෙන්න ජීව්තයේ එල්ලී සිටින පුද්ගලයන්ගෙන් ‘ ලෙඩ හොඳවූවා යැයි දිව්රුම් හා ප්‍රකාශන ‘ ලබාගන්නේ කුමක් සදහාද ?

එය හොඳින් පැහැදිලිය…එය අන්‍යාගමික කරණයේ මුලික පියවරවලින් එකක් වන බැවිනි.

ජේසු තුමන්ද කියා ඇත්තේ තමා වෙනුවන් ආගමික ප්‍රචාරයන්වල නියයතු වන අය අනිවාර්යෙන් ස්වර්ගයට නොයන බවයි. ඉතින් මේ ලිපිය කියවන පාස්ටර් වරුන් හට මතක් කරන්නේ ඔබත් ඔබගේ දෙවියන්ගේ පණිවිඩය ගැන දෙපාරක් සිතන ලෙසය . ඒ යි කිවහොත් කපටියන් හට ඔහුට අනුව ස්වර්ගයේ තැනක් නැති හෙයිනි.

ඒවගේම පහත සදහන් ශෙ‍්‍රෂ්ඨාධිකරණය තීරණය කෙරෙහි අවධානය යොමු කරණ මේ කරුණාවෙන් ඉල්ලමි. යමක් කිරීමට පෙර දෙවරක් සිතන්න.

19/2003 ශෙ‍්‍රෂ්ඨාධිකරණය තීරණය. එකෙන් පැහැදිලිව කියනවා ආගම් ප්‍රචාරය කිරීමේ අයිතිය , මුලික අයිතියක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළි නොගන්නා බව හා සදාචාර සම්මත ක්‍රමවලින් පවා ආගම් ප්‍රචාරය කිරීම තුලින් පවා කෙනෙකුගේ මුලික අයිතිය වන නිදහස් චින්තනය බලපෑම් කිරීම නීති විරෝධී බව.

දැනට තිබෙන හෝ තිබුණු කිසිම රජයක් නිසියාකාරයෙන් අන්‍යාගමික කරණය නැවැත්වීමට ක්‍රියා නොකරයි. එම නිසා විශාල බෞද්ධයන් ප්‍රමාණයක් වෙනත් ආගම් වලට බලහත් කාරයෙන් හෝ රවටා හරවා ගැනීම සිදුවේ.

එය නීති විරෝධී වේ…

සැමරීමට (උත්සව මඟින් ) විශාල පිරිසක් එකතුවුනත් සම්බුද්ධ ශාසනය රැක ගැනීමට කිසිවෙක් නිසියාකාරයෙන් උත්සහා නොකිරීම බර පතල වරදක්. සිවුනක් පිරිසගේ අවධානයට මේ ලිපිය යොමු කරමි.

අති පුජ්‍ය මහනායක හිමිවාරුනි , ජනධිපතිතුමනි, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති තුමනි මෙවැනි පෞද්ගලික සිද්ධීන් මාධ්‍යය මඟින් අති ශෝක්තියෙන් හුවා දක්වා ඉවැන්ජෙලිකල් කල්ලි මඟින් පතුරවා හරින්නේ කුමකටද ? ඒ ඔබේ පවුලේ හෝ රටේ සිටින බෞද්ධයෙකු මොවුන් ආගමට බිලිබා ගැනීමටයි. පොඩ්ඩක් හිතා බලන්න.

වික්ටර් රත්නායක මහතා එදා කි ගීතයක කොටසක් ද මේ පාස්ටර් වරුන්ගේ දැනගැනීම සඳහාමෙම ලිපියේම ඉදිරිපත් කරමි. එදා බොදු මග ගිය මිනිසුන් අද යන්නේ කොයි බටද ?

මෝහෙන් මුලා වෙලා මානෙන් උදම් වෙලා
තණ්හාව ක්‍රෝධ ද්වේශ පාරේ
මිනිසා කොහේද මේ…

රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබලේ
එය රැකීම අප උරුමේ – වේ…

කේළම් කීමෙන් ඕපදූපුයෙන්
රට කොටවන වැඩ අවදානම්
උඩින් මිතුරු වී යටින් හතුරු වී
උගුල් අදින්නා යයි දිය වී
බොරුවෙන් රට පිරිහේවී…

මා හරි උගතා මා හරි ජගතා
සිතනා මිනිහා මෝඩයෙකී
අනුන් හෙළන්නට වලක් කපන්නා
ඒ තුළ වැටිලා මිය යන්නා
කළ දේ පල දේ එලෙසේ…

———————————-

නීති විරෝධී අන්‍යාගමික කරණයට තිත තැබීමට මේ කාලයයි !!!

ඔබ සැමට තෙරුවන් සරණයි !

දෙශාභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න

සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට

2021/ජනවාරි/28/බ්‍රහස්පතින්ද/දුරුතු පුර පසළොස්වක පෝය දිනදිය.

Reference :South African pastor found guilty for spraying followers with insecticide: https://www.premiumtimesng.com/foreign/africa/258147-south-african-pastor-found-guilty-spraying-followers-insecticide.htmlSHOCKING: Pastor Sprays Woman’s Crotch To Get Rid Of Oral Sex Demon [Video]:https://yardhype.com/shocking-pastor-sprays-womans-crotch-to-get-rid-of-oral-sex-demon-video/

Pope’s doctor dies of Covid-19 complications
https://www.independent.co.uk/news/world/europe/pope-francis-doctor-covid-death-fabrizio-soccorsi-b1785281.html

Victor Ratnayake at a Pooja to cure diseases with the blessings of God .. The voice says that he was healed: https://www.gossiplankanews.lk/en/%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A-%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A-%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%81%E0%B7%92%E0%B6%BB%E0%B7%8A/

Limitations on proselytism were outlined by the Supreme Court of Sri Lanka in 2018, with the ruling against a Catholic organisation stating that the provision of economic and financial support to vulnerable individuals while promulgating a faith was an infringement upon those individuals’ right to freedom of religion.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress