දියුණුවීමට නම් මුළු ලංකාවම විකුණා දැමිය යුතුයි..- වරාය සභාපති
Posted on January 29th, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

දියුණුවීමට නම් මුළු ලංකාවම විකුණා දැමිය යුතු බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති දයා රත්නායක මහතා සඳහන් කළ බව රාවය පුවත්පත වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ සංවර්ධනයක් සිදු වීමට නම් වරාය නැගෙනහිර පර්යන්තය පමණක් නොව මුළු ලංකාවම විකුණා දැමිය යුතු බව ඔහු පැවසූ බව එම වාර්තාවේ දැක්වෙයි.

රත්නායක මහතා මෙලෙස අදහස් පල කර ඇත්තේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට කොටස් පැවරීම ගැන පුවත්පත විසින් කල විමසීමකදීය.

ශ්‍රී ලංකාවේ දේශපාලකයන් සහ මාධ්‍වේදීන් සමඟ රට දියුණු කිරීම අපහසු බැවින් රටම විකිණීම වඩා යහපත් බව ඔහු වැඩිදුරටත් පැවසූ බව වාර්තාව කියයි.

One Response to “දියුණුවීමට නම් මුළු ලංකාවම විකුණා දැමිය යුතුයි..- වරාය සභාපති”

  1. Geeth Says:

    කතාව ඇත්ත. රටම විකුණලා දැම්මම මේ කිසි ප්‍රශ්නයක් නැහැ. අනික ඔය දේශපාලකයෝ කියන හැතිකරේ නිදහසෙන් පස්සේ කරලා තියෙන්නෙම රට කන එකනේ. වෘතීය දේශපාලකයා කියන්නේ කඳ පණුවෙක්.විකුණන එක සංවර්දනයනම්, ඉතින් මොකෝ? රටම විකුනහල්ල.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress