සුපිරි ත්‍යාගලාභීන් 09 දෙනෙකුට අග්‍රාමාත්‍යතුමා චෙක්පත් ප්‍රදානය කරයි
Posted on February 16th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ජාතික ලොතරැයි මණ්ඩලය විසින් බිහි කළ සුපිරි ත්‍යාගලාභීන් සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද 2021.02.15 දින අරලියගහ මන්දිරයේ චෙක්පත් ප්‍රදානය කෙරිණි.

මාස 03ක් වැනි කෙටි කාලයක් තුළ ජාතික ලොතරැයි මණ්ඩල විසින්  බිහි කළ සුපිරි ත්‍යාගලාභීන් 09 දෙනෙකු සඳහා රුපියල් කෝටි 52ක් ඉක්මවූ මුදල් චෙක්පත් අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් මෙලෙස අදාළ ත්‍යාගලාභීන් වෙත පිරිණැමුවේය.

ජාතික ලොතරැයි  මණ්ඩලයේ මෙගා පවර්, ගොවිසෙත, මහජන සම්පත, සුපිරි වාසනා,  ධන නිධානය යන ලොතරැයිවලින් මෙම ත්‍යාගලාභීන් බිහිවී තිබේ.

මෙම අවස්ථාව සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතීඥ ලලිත් පියුම් පෙරේරා, ප්‍රධාන කළමනාකාර ජී.එම්.වයි.කේ.ශිරෝමි ජීවමාලා, අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝජනය කරමින් අධ්‍යක්ෂ ඩී.ඩී.ජයසිරි ඇතුලු මහත්ම මහත්මීන් හා ත්‍යාගලාභීන් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress