ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමඟ වෙළඳ හා ආයෝජන සමුළුවට සහභාගී වේ
Posted on February 24th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සමඟ  අද 2021.02.24 දින පෙරවරුවේ කොළඹ පැවති වෙළඳ හා ආයෝජන සමුළුවට” සහභාගී විය.

දෙරට අතර වෙළඳ හා ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවති මෙම සමුළුවට ශ්‍රී ලංකාවේ සහ පාකිස්තානයේ ඉහළ පෙළේ ව්‍යාපාරික නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා ඊයේ (23) දින අරලියගහ මන්දිරයේ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී ද දෙරටේ ආර්ථික සහයෝගීතාව සහ ආයෝජනයන් ඉහළ නැංවීම පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වූහ.

මෙම වෙළඳ හා ආයෝජන සමුළුව දෙරටේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයින් උදෙසා සිය රුචිකත්වය අනුව අනාගත වෙළඳාම් හා ආයෝජන අවස්ථා  ජාලගත කිරීමට ඉඩ ලබාදුන් අනගි අවස්ථාවක් විය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress