2022 සඳහා වූ පාසැල් ඉතිහාස පොත් වල ශ්‍රී ලාංකික ඉතිහාසය විකෘති කිරීම් බොහෝයි; නිවැරදි කල යුතුයි
Posted on November 27th, 2021

චානක බණ්ඩාරගේ, සභාපති, සිංහල සංවර්ධන සංවිධානය

මෙම කරුණ පිළිබඳව අප විසින් කලින් ලිපි කිහිපයක් පල කිරීමෙන් අනතුරුව ලබන වසර (2022) සඳහා වන පාසැල් පොත් වල කලින් තිබු ශ්‍රී ලාංකික (සිංහල) ඉතිහාසය විකෘති කිරීම්  නිවැරදි කර තිබේ. මෙවර පොත් යුරෝපිය, ඉන්දීය ඉතිහාස වලින් ද පුරවා ඇති බව පෙනේ.

නමුත්, සිංහල ඉතිහාසයට අහිතකරවු වැරදි රාශියක් තවමත් ඇත. ඒවා අප මෙසේ ඉදිරිපත් කරමු:

6 ශ්‍රේණිය පොත  (සංස්කාරක මණ්ඩලය –  හඟුරන්කෙත ධීරානන්ද හිමි, රාජ් සෝමදේව, පත්මසිරි කන්නංගර, චන්දිමා ධර්මපාල) –

33වෙනි පිටුව – විජය නමින් හැඳින්වෙන කුමරෙකු ……. ඉන්දියාවේ සිට පැමිණ මේ රටේ පදිංචි වූ බව ඉතිහාසයේ සඳහන්ය. මේ බව පැහැදිලිව විස්තර වන්නේ  ……. මහාවංශය නම් වූ වැදගත් ඓතිහාසික මුලාශ්‍රයෙනි.” 

විජය ‘නමින්’ , මහාවංශය ‘නම්වූ’ වදන් වලින් සිසු දරුවාගේ මනසේ විජය, මහාවංශය පිළිබඳව කුකුසක් ඇති කරවයි. මෙය උවමනාවෙන්ම සිදු කර ඇති දෙයකි.

මෙම පොත විජයාගමනය ඉතාම  සුළුවෙන් හුවා දක්වයි. විජය රජු උතුරු ඉන්දියාවේ වංග දේශයේ, ලාට රටේ සිංහබාහු රජුගේ පුත්‍රයා බව මෙම පොත පාසැල් දරුවන්ගෙන් වසන් කරයි. 19, 20වෙනි ශතවර්ෂ වල ලියැවුණු පාසැල් ඉතිහාස පොත් වල මේ බව අනිවාර්යයෙන්ම සඳහන් වුණි. ඒ පිළිබඳව දීර්ඝ විස්තර ලබා දෙන ලදී.

සිංහලයා තමා විජය රජුගෙන් පැවත ඒම ගැන ඉතා ආඩම්බර වුහ. දැනට වසර 20ක පමණ සිට සිංහලයා පැවතෙන්නේ විජයගෙන් නොව රාවණා වැනි මිත්‍යා චරිතවලින් බව පෙන්වා දීමට ඇතැම්  ඉතිහාසඥයෝ මහත් උත්සහයක් දරත්. ඒසේත් නොමැතිනම්, සිංහලයාගේ සම්භවය නොපැහැදිලි, අවුල් සහගත දෙයක් ලෙස පෙන්වීමට ඔවුහු උත්සහ දරත්. මහාවංශය බොරු බවත්, සිංහලයාට ප්‍රථම මේ රටේ ද්‍රවිඩයන් වාසය කල බවත්, සිංහලයාට ඇත්තේ උතුරු ඉන්දීය නොව දකුණු ඉන්දීය සම්භවයක් බවත් ඉතා  සුක්ෂම ලෙස පෙන්වා දීම ඔවුන්ගේ වෑයමයි. ප්‍රභාකරන්, ඇන්ටන් බාලසිංහම්, විග්නේස්වරන්, සීවජිලිංගම් වැන්නන්ට අවශ්‍ය කලේ ද  මේ මතයම සමාජගත කිරීමටය.  

දෙමළ ඊලාම් වාදීන් සිංහල ඉතිහාසය අවුල් කිරීමට කුවේණිය ද්‍රවිඩ කාන්තාවක් යයි කියති. දේවානම් පියතිස්ස ‘පියතිස්සම්’ වශයෙන් හුවා දක්වති. 

බුදුන් වහන්සේ පැමිණීමට ප්‍රථම ශ්‍රී ලංකාවේ බුදු සසුන තිබුණි, ශ්‍රී ලංකාවේ දෙමළ බෞද්ධයෝ වුහ, බුදුන් වහන්සේ උපන්නේ ශ්‍රී ලංකාවේය, ලොව සියල්ලන්ටම පෙර වාගේ වී වගාව, යකඩ සොයා ගැනීම සිදු කලේ සිංහලයාය, ශ්‍රී ලංකාවේ සිංහයෝ සැරි සැරූහ, මීට වසර 49,000 පෙර සිංහලයෝ හෝර්ටන් තැන්නේ බාර්ලි, ඕට්ස් වැවුහ වැනි  බොරු කියන ඉතිහාසඥයෝ/පුරාවිද්‍යාඥයෝ අද සිටිති.

මේ බොරු ප්‍රචාර වෙනුවෙන් ඇතැම් පුද්ගලික රුපවාහිනි නාලිකා තදින්ම වැඩ කළහ, අදද වැඩ කරති. රාවණා රුවක් රාවණා ඇල්ල පසු පස කළු ගලේ දිස්වන බවට බොරුවක් මේ මෑතකදී අන්තවාදී ද්‍රවිඩ අයිතිකරුවන් ඇති එක් රූපවාහිනී මාධ්‍යයක් විසින් ප්‍රචාරණය කරන ලදී.  අද ඇතැම් යු ටියුබ් නාලිකාද මේ බොරු ප්‍රවර්ධනයට තදින්ම වැඩ කරයි. 

ශ්‍රී ලංකාවේ තරම් ඉතිහාසය ඉතා හොඳින් ග්‍රන්තාරූට කරන ලද වෙනත් කිසිම රටක් ලොව නැතැයි කිවේ පොන්නම්බලම් රාමනාදන්ය. නමුත් නුතන ඉතිහාසඥයන් උත්සහ දරන්නේ එම පැහැදිලි ඉතිහාසය අවුල් ජාලාවක් බවට පත් කිරීමටය. එහිදී, අපේ දරුවන් නොමඟ යැවීමට තැත් කිරීම සමාව නොදිය හැකි වරදකි.

වසර 2000ට එහා සිට මුළු ලොවම පිළිගත් ඉතිහාසයක් මෙරට අපට ඇත. එය අනගාරික ධර්මපාල, වලිසිංහ හරිස්චන්ද්‍ර, පෝල් ඊ පීරිස්, සෙනරත් පරණවිතාන, පී ද එස් කුලරත්න, එල් එච් මෙත්තානන්ද, චාර්ල්ස් ගොඩකුඹුර, ගුණපාල මලලසේකර, මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරත්චන්ද්‍ර, මඩිහේ පන්ඥාසීහ හිමි  වැනි වියතුන් අපට ඉගැන්වූ ඉතිහාසයයි. තමන් මේ වියතුන්ට වඩා දන්නේය යන මතයේ සිට අපේ පිළිගත් ඉතිහාසය විකෘති කිරීමට වලිකණ නුතන ඉතිහාසඥයන්/පුරාවිද්‍යාඥයන් පිරිසක් මතුවීම අභාග්‍යයකි. සියල්ල සිදුවුයේ ශ්‍රී ලංකාවේ යයි ඔවුහු කියති. මේවා විශ්වාස කරන අප දරුවන් ජාත්‍යාන්තරයට ගිය විට තමන්ගේ දැනුම වැරදි බව වැටහෙන විට සියල්ල පමා වී වැඩිය.

35 පිටුව – අවුරුදු 4000 කට ඉහත කාලයකදී ඔවුහු යකඩ සොයා ගත්හ.”

මෙය නව සොයා ගැනීමකි. එවැන්නක් ‘peer review’ මඟින් ලෝකයේ පිළිගත් ඉතිහාසඥයන් විසින් සනාථ කල යුතුය. අප දන්නා පරිදි එවැන්නක් සිදුවී නොමැත. ලෝකයේ පැරණිතම මානව ශිෂ්ටාචාරය වන්නේ ඉන්දු වැලිය. එය වසර 5500කට එහා වුවකි. විකිපීඩියා අනුව ලොව මුලින්ම වාත්තු යකඩ සොයා ගත්තේ චීනයේය. ඒ මින්  වසර 3500කට පෙරය.

7 ශ්‍රේණිය පොත   (සංස්කාරක මණ්ඩලය – පද්මසිරි කන්නංගර, රාජ් සෝමදේව, අනුෂා සේනාධිරාජා, චන්දිමා ධර්මපාල) –

60වෙනි පිටුව – යාපනය රාජධානිය ගැන වෛය්පමාලයි සහ ගේගරාසසේකරමාලයි යන ග්‍රන්ථ මේ රාජ්‍ය ගැන තොරතුරු සපයන මුලාශ්‍රයන් වේ.”

මෙවැනි ග්‍රන්ථ ගැන අප කිසිදා අසා නැත්තෙමු. මේවා මෑතක බිහිවූ ග්‍රන්ථ විය නොහැකිද? අප අසා ඇත්තේ මහාවංශය, දීපවංශ, චුලවංශය, පුජාවලිය වැනි මුලාශ්‍රය. ඒවායේ දැක්වෙන ඉතිහාසය සත්‍යය.

61 වෙනි පිටුව – යාපනය රජ පරම්පරාව ආර්ය චක්‍රවර්තී පරපුර ලෙස හැඳින්වේ. එම රජ පරම්පාරාවේ ආරම්භකයා විජය කුලංගෛය් ආර්ය චක්‍රවර්තී වේ. මෙබඳු පාලකයන් 12 දෙනෙකු සිටි බවට තොරතුරු තිබේ. ගම්පොල යුගයේදී සහ කෝට්ටේ යුගයේදී යාපනය රාජ්‍ය ප්‍රධාන රාජධානියට යටත් කෙරුණි. එහෙත් පසුව යාපනයේ රජවරු යළි තම බලය පිහිටුවා ගත්හ. පෘතුගීසින් පැමිණෙන විට යාපනය පාලනය කරන ලද්ද්දේ සංකිලි රජු විසිනි. 1619 වර්ෂයේදී පෘතුගීසීහු යාපනය ආක්‍රමණය කොට තම ආධිපත්‍යට යටත් කළහ.”

විජය කුලංගෛය්’ වදන නව සොයා ගැනීමක්ද?  විජය රජු සහ ආර්ය චක්‍රවර්ති එකම සම්භවයක් ඇති බවට පෙන්වීමට වෑයම් කිරීමක්ද?

අනුරාධපුර යුගයේ ආරම්භයේ සිට මහනුවර යුගයේ අවසානය දක්වා කිසිම අවස්ථාවක යාපනය අර්ධද්විපයේ ස්වාධින ද්‍රවිඩ රාජ්‍යක් තිබුනේ නැත වශයෙන් මහාචාර්ය සිරිමල් රණවැල්ල පවසයි.

දාමරික දකුණු ඉන්දියානුවන් විටින් විට පැමිණ ශ්‍රී ලංකාව ආක්‍රමණය කල බව සැබවී. සිංහල රජවරුන් සෑම විටම ඔවුන් පලවා හැරියහ. එළාර දෙමල නොව ඉරාණ සම්භවයක් ඇත්තේ යයි ඇතැම් ඉතිහාසඥයන් දක්වා ඇත. මෙහි සත්‍ය අසත්‍ය භාවය මෙම ලිපිකරු නොදනී.

දෙමළ ආර්ය චක්‍රවර්තී වසර එකහමාරකට අඩු කාලයක් බලහත්කාරයෙන් යාපනය පාලනය කල බව ඉතිහාසඥයන් දක්වා ඇත.  ඉන්පසු සපුමල් කුමාරයා කෝට්ටේ 6 වන පරාක්‍රමබාහු රජතුමා යටතේ යාපනය පාලනය කළේය. එය සත්‍යයකි.

6 වන පරාක්‍රමබාහු රජතුමා (1412 – 1467) කෝට්ටේ සිට යාපනය මුලුමනින්ම පාලනය කළේය. යාපනය සිංහල රාජ්‍යට අයත් විය. කාර්තිගේසු ඉන්ද්‍රපාල මහාචාර්යවරයා පවසන්නේ මෙම පරාක්‍රමබාහු රජු යාපනය පාලනය කරන අවධියේ කයිට්ස් දුපතේ ඉතා වැදගත් නාවික මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බවයි (1983න් පසු මොහු ඊළාම්වාදියෙක් වී තමන්ගේ පර්යේෂණ තමන් විසින්ම මොට කරගැනීමට උත්සහ ගත්තේය).

දෙමළ රජවරුන් 12ක් ඇත්තටම ස්වාධීනව යාපනය පාලනය කලේ නම් ඒ අයගේ නම් අපගේ දරුවනට මේ පෙළ පොත් මඟින් දිය යුතුය.          මේ කියමන් සත්‍ය බව සාක්ෂාත් කල යුතුය.

යාපනයේ දෙමළ රජවරුන් සිටියා නම් ඔවුන්ගේ සෙල් ලිපි තිබිය යුතුය. නමුත් එවැනි එකදු සෙල් ලිපියක්වත් මෙතෙක් හමුවී නොමැත.  

8වන ශ්‍රේණිය පොත (සංස්කාරක මණ්ඩලය  – පත්මසිරි කන්නංගර, අනුෂා සේනාධිරාජා, චන්දිමා ධර්මපාල)

කිසිදු අඩුපාඩුවක් නොමැත

9වන ශ්‍රේණිය පොත (සංස්කාරක මණ්ඩලය  – පත්මසිරි කන්නංගර, පී පුෂ්පරත්නම්, කේ අරුන්තවරාජා, චන්දිමා ධර්මපාල, සමන්ති ගුණවර්ධන)

අනගාරික ධර්මපාලතුමා පිළිබඳව මෙවර පොතේ වැඩි සඳහනක් කිරීම හොඳය. නමුත් ‘හින්දු පුනර්ජීවන ව්‍යාපාරය’ යනුවෙන් වන පර්ච්චේදයේ ආරුමුගම් නාවලර්ට ධර්මපාලතුමාට වඩා වැඩි තැනක් පොතෙන් දී තිබේ.

10වන ශ්‍රේණිය (සංස්කාරක මණ්ඩලය – හඟුරන්කෙත ධීරානන්ද හිමි, රාජ සෝමදේව, පත්මසිරි කන්නංගර, අනුෂා සේනාධිරාජා, සමන්ති ගුණවර්ධන) –

29වෙනි පිටුව මහාවංශය සඳහන් කරන ආකාරයට විජය කුමරු ඇතුළු ඔහුගේ පිරිස මෙරටට පැමිණෙන අවධියේ ශ්‍රී ලංකාවේ ඉතා සංවිධානාත්මක සමාජයක් පැවතිණි.”

මෙය අසත්‍ය ප්‍රකාශයකි. මහාවංශයේ එවැන්නක් සඳහන්ව නැත. කුවේණිගේ යක්ෂ ගෝත්‍රිකයන් ‘දඩයම සහ එකතුකිරිම’ යන ජීවන රටාව ගෙවුවෝය. ඔවුන් ඕස්ත්‍රේලියාවේ ඇබරජින්වරුන්ට වඩා දියුණු තත්ත්වයේ වුහ. නමුත් කෘෂිකාර්මික නොවුහ. ශ්‍රී ලංකාවේ දියුණු කෘෂිකාර්මික ජීවන රටාවක් ඇරඹියේ විජයාගමනයට පසුවයි. එවැනි සමාජයකට මුලාරම්භය හොඳින්ම වැටුනේ පණ්ඩුකාභය/දේවානම් පිය තිස්ස රජ සමයන්හීය.

මහාවංශය සඳහන් කරන ආකාරයට විජය ලංකාවට පැමිණියේ බුදුන් වහන්සේ පිරිනිවන් පෑ දිනයේය. මහාවංශයට අනුව පිරිනිවන් මංචකයේ හොත්තාවූ බුදුන් වහන්සේ ශක්‍රයා අමතා ‘සිංහබා පිත් තෙල විජය කුමර අනගත සත් සියයක් පිරිවර ඇතිව ලාට රටින් ලක්දිව් බැසේය. දේවේන්ද්‍රය මාගේ සස්න ලක්දිව්හි පිහිටන්නේය. එහෙයින් පිරිවර සහිත උහුද ලංකාවද මොනවට රකුව’ යි වදාළ සේක.”

31වෙනි පිටුව – ක්‍රිස්තු පුර්ව 2400ක තරම් ඈත කාලයක සිට මෙරට කෘෂිකාර්මික සමාජයක් දියුණු වෙමින් පැවති බව බෙරගල, හල්දුම්මුල්ල ආදී ප්‍රදේශවලින් සොයා ගෙන තිබෙන පැරණි සොහොන් බිම්වලින් තහවරු වී ඇත.” 

මේවා දැවැන්ත නව සොයා ගැනීම්ය; ඒවා ලෝක ඉතිහාසඥයන් කිසි තැනක සනාථ කර නැත.  සොහොන් බිම් වලින් මෙවැනි දේ සනාථ වෙන්නේ කෙසේද? 

මේ පොතේ කතෘන්  කියන ලෙස දැනට වසර 4400 ක පමණ සිට මෙරට කෘෂිකාර්මික ජිවන ක්‍රමයක් පැවතිණි. මුළු ලොවම පිළිගන්නේ ලොව ප්‍රථම කෘෂිකාර්මික ජිවන ක්‍රමය බිහි වුයේ මිසපොටේමියාවේය (දැනට වසර 5500ට ප්‍රථම). ඉන්පසුව ලොව බිහිවූ කෘෂිකාර්මික ශිෂ්ටාචාර වනුයේ  ඊජිප්තුව, ඉන්දු වැලි සහ දකුණු ඇමරිකාවේ ඇන්ඩිස් කඳුකරය ආශ්‍රිතවයි. ලොව කිසිම පොතක ශ්‍රී ලංකාවද මේ ගොන්නට අයත් වන බව පවසා නැත.

කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක් (ජීවන රටාවක්) යනු බෝග වගාවන් සහ සත්ව පාලනයෙන් ජිවන ක්‍රමය ගෙන යන සමාජයකි. ක්‍රමානුකූලව භුමිය වගා කිරීම සහ සතුන් පාලනය කිරීම ඒ සමාජයේ ප්‍රධානතම ජීවන ක්‍රමයයි. ඒ තත්ත්වයට එන්නේ ‘දඩයම සහ එකතුකිරිම’ යන ජීවන රටාවෙන් ඔබ්බට දියුණු වීමෙනි. කර්මාන්ත ඇතත් අද ද  ශ්‍රී ලංකාව කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක් (ජීවන රටාවක්) ඇති රටක් වශයෙන් දැක්විය හැක (කලින් සඳහන් කලාක් මෙන් පන්ඩුකාභය/දේවානම් පියතිස්ස ඒ ආරම්හය අපට දුනහ). වෙනත් බොහෝ රටවල්ද එසේය.  ඉන්දියාව කාර්මික වීමට උත්සහ දරන තවමත් කෘෂිකාර්මික රටකි. කෘෂිකාර්මික ජිවන රටාවක් තුල වවන ලද බෝග වල අතිරික්තය ගබඩා කිරීමක් සිදුවේ.  කෘෂිකාර්මික ජිවන රටාවට පසුව එන්නේ 3වෙණි සහ අවසාන ජිවන රටාව වන කාර්මික ජිවන රටාවයි. අද ඇමරිකාව, බටහිර යුරෝපය, ජපානය, ඕස්ත්‍රේලියාව, දකුණු කොරියාව වැනි රටවල්.  මේවාද කාලාන්තරයක් කෘෂිකාර්මික ජිවන රටාවන් හෙබි රටවල් විය.  

පිටුව 31 – එහෙයින් මෙරට සමාජයේ දේශපාලන බලය දියුණු වීමේ ඉතිහාසය විජය කුමරුගේ පැමිණීමට පෙර වකවානුවට අයත්ය.”  

දේශපාලන බලය යනු නුතන සංකල්පයකි. එය පක්ෂ දේශපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය වැනි දේ හා බැඳේ. විජය/කුවේණි කල පැවතියේ ජීවන රටාවකි, දේශපාලනයක් තිබුනේ නැත.

පිටුව 31 – රටක් පාලනය කිරීමේ බලය රජුට හෝ රැජිනකට පවරා දෙනු ලබන්නේ එරටේ වෙසෙන මහජනයා විසිනි. කවරෙකුට වුව රටක් පාලනය කිරීමට මහජනතාවගේ කැමැත්ත අවශ්‍යය.”

මේ අදහස වැරදිය. මේ අදහස නුතන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයනට බලපායි. නමුත් ආදී ශ්‍රී ලංකාවේ රජවරුන් බලයට පැමිණයේ මහජන කැමැත්ත ලබා ගෙන නොවේ.  උරුමය, යුධ වැදීම්, රජුන් ඝාතනය කිරීම වැනි ක්‍රියාවලින් බලය අල්ලා ගත්හ.  අදද ලෝකයේ ඒකාධිපති පාලන ක්‍රමයන් ඇත – එනම් මහජන කැමැත්ත නොමැතිව බලහත්කාරයෙන් කරන රාජ්‍ය පාලනයි.

42 පිටුව – විමධ්‍යගතව පැවතී මෙරට දේශපාලනය මධ්‍යගත කිරීමේ ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ දුටුගැමුණු රජතුමා විසිනි.”

දුටුගැමුණු රජතුමාට ප්‍රථම සිටි එළාර මුළු රටම රාජ්‍ය කල බවට සාධක නොමැත. ඔහුගේ අණසක අනුරාධපුරය කේන්ද්‍ර කර පැවතුනි. එසේ නම් මධ්‍යගත රාජ්‍ය කිරීමක් එළාරට අදාළ නොවේ. දුටුගැමුණු රජතුමා දේශපාලනයක් නොකළ බවත් එතුමා පිය උරුමයෙන් රජකමට පත්වූ බවත් ඕනෑම කෙනෙක් දන්නා කරුණකි. බලය විමධ්‍යගත කිරීම වැනිදේ නුතන සංකල්පය, ඒවා පුරාණ රාජධානි සමයේ නොපැවතිණි. රජවරුන් ඒකාධිපතිත්වයෙන්, සිය අමාත්‍ය මණ්ඩලය සමඟ, තනිව රාජ්‍යන් පාලනය කළහ. ඒකාධිපති වුවත් ඉතා හොඳ, කාරුණික, ධාර්මික, බුද්ධිමත් බොහෝ රජවරු ශ්‍රී ලංකාවේ වුහ.

 61 පිටුව – පුරාණ කාලයේ ශ්‍රී ලංකාවේ පාලන කටයුතු විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යනුවෙන් ආයතන තුනක් මඟින් ක්‍රියාත්මක විය.”

මෙය වැරදිය. සියල්ල පැවතියේ රජතුමාගේ අණසක යටතේය. සුළු නඩු ඇසීමට රජතුමා  නිලධාරීන් පත් කල බව සැබවී. මරණ දඬුවම නියම කිරීමේ අයිතිය තිබුනේ රජතුමාට පමණි. රජකාලයේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකයක් තිබුනා යයි පැවසීම වැරදිය. මේවා ඉතා නුතන සංකල්ප වේ. අපගේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නම් රාජ්‍ය පාලනය විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන කාණ්ඩ 3ට බෙදා තිබේ. එදා රජ කාලයේ මෙවැනි රාජ්‍ය පාලන සංකල්ප තිබුනේ නැත.

61 පිටුව – ….. සෑම  අවස්ථාවකදීම අපේ පැරණි පාලකයෝ නම්‍යශීලි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළහ.”

ඒ කාලයේ ‘විදේශ ප්‍රතිපත්ති’ කියා දෙයක් තිබුනේ නැත. නම්‍යශීලි විදේශ ප්‍රතිපත්තියක් පැවැත්වුයේ කිනම් රාජ්‍යයන් සමඟද කියා සිසුනට දැක්විය යුතුය. 1955 බැන්ඩුන් සමුළුවෙන් පසු නොබැඳි ව්‍යාපාරය ලොව මුලින්ම ඇරඹුණේ 1961දි යුගෝස්ලාවියාවේ බෙල්ග්‍රේඩ් නුවර පැවති සමුළුවෙනි.

103 පිටුව – යාපනය රාජධානියේ ආරම්භකයා විජය කුලංකෛ ආර්ය චක්‍රවර්තී ලෙස සැලකේ. ඔහුගේ පාලන කාලයේ සිට පෘතුගීසින්ගේ පැමිණීම තෙක් යාපන ප්‍රදේශය පාලනය කළ කුලශේකර, වික්කිරම, වරෝදය, මාර්තන්ඩ වැනි පාලකයන් දොලොස්දෙනෙකු පිලිබඳ විස්තරයක් යාල්පාන චෛය්පව මාලයි ග්‍රන්ථයෙහි දක්වා තිබේ.”

මේවා මෑත කාලයේ එළිදැක්වූ ග්‍රන්ථ නාමය. සමහවිට 21 වන සියවසේ මතුවූ පොත් විය හැක. මෙම ලියුම්කරු මේ පොත් ගැන නොදනී.

අප දන්නා පිළිගත් ඉතිහාසය නම් යාපනයේ ස්වාධින දෙමළ රාජ්‍යන් තිබී නැත. පෘතුගීසින් පැමිණෙන තෙක්ම යාපනයේ සිටි යුව රජුන්/කුමරුන් පාලනය වුයේ කෝට්ටේ සිංහල රාජධානියෙනි. ‘ලංකා ආක්‍රමණය’ යන පොතේ ක්ව්රෝස් නමැති පෘතුගීසි කතෝලික ඉතිහාසඥයා සඳහන් කරන්නේ ද්‍රවිඩ නායකයන් ඒ ප්‍රදේශ පාලනය කරන ලද්දේ කෝට්ටේ රාජ්‍යය යටතේ වූ පාලකයන් වශයෙන් බවය.  ඕලන්ද කාලයේ කාලයේ විසු ඕලන්ද ජාතික පිලිපස් බැල්දියස්  පියතුමා ශ්‍රී ලංකාව පිළිබඳව විස්තරයක් සඳහන් කරමින් දක්වනුයේ එකල සිටි දෙවන රාජසිංහ රජු (1635 – 1687) ශ්‍රී ලංකාවේ එම්ප්‍රදෝරු රජු වශයෙන් ඕලන්ද ආණ්ඩුකාරතුමා හැඳින්වූ බවයි. ඔහු කියන පරිදි එකල ශ්‍රී ලංකාව ඒ රජු හට ආරූට කරන ලද රාජ්‍ය 5කින් සමන්විත විය – කන්ද උඩරට, කෝට්ටේ, දඹදෙණිය, අනුරාධපුරය සහ යාපා පටුනයි. එම රජු ත්‍රිකුණාමලේහි සහ මඩකලපුවේ කවුන්ට් වරයා යන විරුදාවලියෙන් ඕලන්ද නායකයන් සලකා ඇත. රොබර්ට් නොක්ස් ත්‍රිකුණාමලයේදී අත් අඩංගුවට ගැනීමෙන් පසු භාර දෙන ලද්දේ කන්ද උඩරට රජුටය, දෙමළ රජෙකුට/නායකයෙකුට නොවේ.

103 පිටුව – රජරට ශිෂ්ටාචාරය බිඳ වැටීමෙන් පසු නැගෙනහිර, උතුරු මැද හා වයඹ  පලාත්වල ජන ඝනත්වය අඩු ප්‍රදේශ ආශ්‍රිතව වන්නි වශයෙන් හැඳින්විය හැකි කුඩා පාලන ඒකක කිහිපයක් නිර්මාණය වූ බව පෙනේ.”

අප දන්නා පමණින් වන්නි වශයෙන් හැඳින්වෙන්නේ වවුනියාවේ උතුරේ සිට කිලිනොච්චි/එලිෆන්ට් පාස් දක්වාවූ ප්‍රදේශයි.

131 පිටුව – ‘සංකිලි නම් රජෙක් 1519දි සිට 1561 දක්වා යාපනය රාජධානිය පාලානය කළේය.’ 

මේ පෘතුගීසි පාලන සමයයි. එවිට කෝට්ටේ රාජධානිය දෙදරුම් කා තිබුණි. 1530දි පමණ කෝට්ටේ පාලනය කල බුවනෙකබා රජු තම සහෝදර මායාදුන්නේගෙන් පලි ගැනීමට පෘතුගිසින්ගෙන් ආධාර පැතිය (ලංකාව අත් හැර දමා පෙරලා යාමට සිටි පෘතුගීසින්ට යලි ලංකාවේ නතර වීමට සිතුනේ එවිටය). මේ කෙටි කාලයේදී සංකිලි සමහර විට ස්වාධීනව යාපා පටුන පාලනය කළා විය හැකියි. ඔහු තවදුරටත් කෝට්ටේ යුව රජ වශයෙන් කටයුතු කළා යයි ඇතැම්හු තර්ක කරති. 1621 පමණ වන විට යාපන අර්ධද්වීප පාලනය මුළුමනින්ම පෘතුගීසින් අත්ට පත්ව තිබුණි.

20වෙනි සියවසේ මුල් භාගයේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිලිබඳව පොත් පලකල බී හෝර්ස්බර්ග්, ජේ පී ලුවිස්, එස්  ඥානප්‍රගාසම් පියතුමා, එස් ඩබ්ලිව් කුමාරස්වාමි යන අය ලියා ප්‍රසිද්ධ කර ඇත්තේ මුල පටන්ම යාපනය සිංහල  ප්‍රදේශයක් වූ බවත් ද්‍රවිඩයන් පසුව සිංහල ගම් නම් දෙමළ කල බවත්ය. ඒ බව තහවරු කිරීමට ඔවුහු උතුරේ බෞද්ධ වෙහෙර විහාර පිළිබඳව කරුණු රාශියක් හෙළි දරව් කර ඇත.

11 වන ශ්‍රේණිය  පොත (සංස්කාරක මණ්ඩලය  – පත්මසිරි කන්නංගර, අනුෂා සේනාධිරාජා, චන්දිමා ධර්මපාල)

කිසිදු අඩුපාඩුවක් නොමැත.

12 Responses to “2022 සඳහා වූ පාසැල් ඉතිහාස පොත් වල ශ්‍රී ලාංකික ඉතිහාසය විකෘති කිරීම් බොහෝයි; නිවැරදි කල යුතුයි”

  1. NeelaMahaYoda Says:

    විජයාගමනයට පෙර හෙළ ශිෂ්ඨාචාරය.
    විජයාගමනය සිංහලයාගේ ආරම්භය බව පෙන්වීම සදහා බොහෝ දෙනා විවිධ උත්සාහ ගත් අතර විජයා‍ගමනයට පෙර ලංකාවේ ජනාවාස තිබූ බව පිළිගන්නට ඔව්න් අකැමැති පිරිසක් විය. නමුත් එම සියළු මතවාදයන් සත්‍යයෙන් තොර වූවක් බව සනාත වන්නාවූ ප්‍රභල සාධක කිහිපයක් පසුගිය කාළයේ සිදුකෙරුණු පුරාවිද්‍යා කැණීම් තුළින් සොයාගන්නට හැකි වී ඇත.
    මෙය අනුරාධපුරයේ ඇතුළුනුවර කරන ලද කැණීම් වලීන් මතුකරගන්නා ලද ප්‍රාග් අනුරාධපුර යුගයට අයත් නටබුන් වන අතර මෙය දැනට පවතින අනුරාධපුර නගරයට අඩි තිහක් පමණ ගැඹුරින් පිහිටා ඇති අතර ක්‍රි:පූර්‍ව 800 ත් 1000 ත් අතර යුගයට අයත් බව සැලකෙන අතර මෙය විශාල වෙළෙද මධ්‍යස්ථානයක නටබුන් බව පුරා විද්‍යාඥයින් සදහන් කරයි.

    සිංහලයාගේ ආරම්භය පිළිබදව ප්‍රධාන මත කිහිපයක් දක්නට ඇත. එම අදහස් සියල්ල එකට කැටි කළ විට ප්‍රධාන වශයෙන් සිංහලයාගේ උපත පිළිබදව මත දෙකක්

    උතුරු ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වූ බව
    ස්වදේශිය යක්ෂ, දේව, නාග, රාක්ෂ යන්හි එකතුවක් බව
    මෙයින් වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ ඉන්දියාවේ සිංහ වංශය ලංකාවට පැමිණ සිංහල වූවා යන මතයයි.
    උතුරු ඉන්දියාවෙන් සිංහලයාගේ උපත සිදුවූවා යන මතය පිළිබදව, මූලාස රැසක් අපවෙත දක්නට ඇත. ඒ අතර ප්‍රධාන ලෙස දීප වංශය, සමන්තපාසාදිකාව, දිව්‍යාවදානය, මහා භාරතය ආදී ග්‍රන්ථ සහ දේශ ගවේශකයන්ගේ වාර්තාද වැදගත් වේ.

    සිංහයාගෙන් ආරම්භ වි -> සිංහබාහු -> විජය ->පණ්ඩුවාසු දේව – අභය
    සිංහල නම් වෙළෙන්දා ->සිංහල දේශය

    ලංකාව තුළ ජනප්‍රිය මතය වන මෙහි මා හට පෙනෙන ආකාරයටනම් එය එතරම් පිළිගත හැකි වැදගත් අදහසක් නොවන බවයි . මොකද දැනට සොයාගෙන ඇති පුරා විද්‍යාත්මක සාධක වලට අනුවත් මහා වංශය , මහා භාරතය ආදී ඉතිහාස ග්‍රන්ථ වලට අනුවද විජයගේ ආක්‍රමණයට පෙර ලංකාවේ දියුණු ශිෂ්ටාචාරයක් පැවති බවටත් සාක්ෂි ඉතිහාස සිදුවීම් සියුම්ව අධ්‍යනයේදී අනන්තවත් සොයාගත හැකිය.

    මහා වංශය තුළින්ම සොයාගත හැකි කරුණු රැසකි.

    කුවේණි නම් වූ යක්ෂ නායිකාව ඇයට සේවිකාවන් සිටි බව (ඇගේ නම සීස පාටිකා බව කාම්බෝජ මහා වංශයේ සදහන්ව ඇත.)
    විලි වසාගැනීමේ අවශ්‍යතාවයට පමණක්ම සීමා නොවූ රෙදි කර්මාන්තය දියුණුව පැවතීම.
    දියුණු නගර – සීර්ශවස්තු නමැති යක්ෂ පුරය, ලංකා නගරය
    නගරාන්තර විවාහ සබදතා සිදුවීම, ආදී වශයෙන් කරුණු රැසකි.
    එසේම දැනට සිදුවී ඇති පුරා විද්‍යාත්මක පර්යේෂණ තුළින් විජයගේ පැමිණීමටත් පෙර එනම් ක්‍රී.පූ 6 වෙනි සියවසට පෙර යුගයට අයත්වන දියුණු නගරයක් (එය දකුණු ආසියාවේ ප්‍රධාන වෙළද මධ්‍යස්ථානයක් ව පැවති බවට සාක්ෂි ලැබී ඇත) අනුරාධපුර ඇතුළුනුවර කැණීම් වලින් සොයාගෙන ඇත.

    පසුගිය දිනවල තිස්සමහාරාමයෙන්ද කි.පු 6 සියවසට ‍පෙර යුගයට අයත් දියුණු නාගරික ලක්ෂණ සහිත නගර සංකීර්ණයක නටබුන් හමුවී ඇති බවත් දැනගන්නට ලැබිණ. මේ ආදී ලෙස බලන කල නම් සිංහලයාගේ උපත අප දන්නා සිංහබාහු විජය පරපුරෙන් නම් නොවන බවට මට සහතික විය හැකිය.

  2. Chanaka B Says:

    Correction:
    ‘බුදුන් වහන්සේ පැමිණීමට ප්‍රථම ශ්‍රී ලංකාවේ බුදු සසුන තිබුණි’; මෙය මිහිඳු රහතන් වහන්සේ පැමිණීමට ප්‍රථම වශයෙන් නිවැරදි විය යුතුයි.

  3. Chanaka B Says:

    NeelaMahaYoda:

    ස්තුතියි.

    විජයට පෙර කුවේණි සමයේ ශ්‍රී ලංකාව ඉතා දියුණුව තිබු බව මහාවංශය සඳහන් නොකරයි. කිනම් පරිචිචේදයේද?

    ශිරිවස්තු පුරයේ දෙටු යක්ෂයාට ලංකානගරවාසීහු කුමරියක ගෙනෙන මංගලෝත්සවයක් පැවැත්වීම පිළිබඳව මහාවංශය සඳහන් කිරීම සබැවි.
    නමුත්, කුවේණි සිටියේ අනුරාධපුරයේ නොවේ විල්පත්තු වනයේය. විජය ගොඩ බට තම්භභපන්හනිය තිබෙන්නේද විල්පත්තුවේය. අදත් ඒ ප්‍රදේශ කැලෑය. මහාවංශය පවසනුයේ විජය රජ වූ පසු විජයගේ ඇමති, අනුරාධ, අනුරාධ ගම (ජනපදය) පිහිටවූ බවයි.

    මහාභාරතය අනුව (ඉන්දියාවේ ප්‍රබන්ධනාත්මක ග්‍රන්ථයකි) ලංකාවේ දියුණු ශිෂ්ටාචාරයක් (විජයට පෙර කාලයේ) තිබු බව අනුමාණ කල හැක (දඬු මොණර ආදිය නිසා). රාවණ මහාභාරතයේ එන චරිතයක් පමණි. එම පොත පරිදි රාවණට ඔලු 10කි. ඉන්දියාවේ හින්ඳුන් අතරද රාමායනය පිළිගන්නේ සමහරෙක් පමණි. එය ඒ තරමටම වූ ප්‍රබන්ධයකි.

    විකිපීඩියා වෙබ් අඩවිය සඳහන් කරන්නේ ලොව මෙතෙක් සිටි භක්තිවන්තම ශිව භක්තිකයා ශ්‍රී ලංකාවේ රාවණ රජු කියායි (එනම්, රාවණ ද්‍රවිඩයෙක් බවයි). රාවණ විෂ්ණු දෙවියන්ගේ දොරටුපාලකයා බවද විකිපීඩියා සඳහන් කරයි. BBC, World History Encyclopedia, Oxford Dictionary ද මේ මතයම දැන් දරත්. මුළු ලොවම මෙවන් මතයක් දරද්දී රාවණ සිංහල බව අප තර්ක කරන්න යාම ඊළමුනට උඩ ගෙඩි දීමකි.

    රාවණ දෙමළ රජෙක් නම්, ඔහු සිංහල රජෙක්ද විය නොහැක. රාවණ ද්‍රවිඩයෙක් ලෙසට ද්‍රවිඩයනට ඉතා පහසුවෙන් ජාත්‍යාන්තරයේ ඔප්පු කල හැක. ඔවුන්ගේ තර්කය වඩා බලවත් බව පෙනේ, විශේෂයෙන්ම මහාභාරතය නිසා.

    රාවණ සිංහල යයි කියා අප රට තුල සනාථ කරගත්තත් (සිංහලයන් අතර), ජාත්‍යාන්තරව එසේ කිරීමට අපට ඇති ඉඩ ප්‍රස්ථාව අඩුය.

    සිංහලයන් කුමක් කීවත් ජාත්‍යාන්තරය එය නොපිලිගනු ඇත. ද්‍රවිඩ මතය දැනටමත් පිළිගෙන ඇති බවයි පෙනෙන්න තිබෙන්නේ.

    “පසුගිය දිනවල තිස්සමහාරාමයෙන්ද කි.පු 6 සියවසට ‍පෙර යුගයට අයත් දියුණු නාගරික ලක්ෂණ සහිත නගර සංකීර්ණයක නටබුන් හමුවී ඇති බවත් දැනගන්නට ලැබිණ. මේ ආදී ලෙස බලන කල නම් සිංහලයාගේ උපත අප දන්නා සිංහබාහු විජය පරපුරෙන් නම් නොවන බවට මට සහතික විය හැකිය.”

    මෙවැනි සොයාගැනීමක් ගැන නොදනිමි. දියුණු නාගරික ලක්ෂණ සහිත නගර සංකීරණයක නටඹුන් හමු වුවා යයි කියා, ඒවා විජයට පෙර සිංහලයන් සිටි බවත්, ඒවා ඔවුන්ගේ (එම සිංහලයන්ගේ) නිර්මාණත් කියා නිගමනය/ඔප්පු කරන්නේ කෙසේද? ඊලාම් වාදීන් දැන් බොරු පතුරවමින් කියන්නේ ඔවුන් සිංහලයන්ට පෙර ශ්‍රී ලංකාවේ සිටි බවයි. කුවේණිට දෙමළ සම්භවයක්යි ඇතැයි එක් සිංහල පුරාවිද්‍යාවේදීයෙක් මෑතක සිට කියයි. තිස්සමහාරාමයේ නගරයත් ඔවුන්ගේ නිර්මාණයක් කියා ඔවුන් (ඊළමුන්) බොරු කියනු ඇත. ජාත්‍යාන්තරය (බොහෝ විට) පිළිගන්නේ ඔවුන් කියන දේය.

    ඉතිහාසය සත්‍යයක්ම විය යුතුය. අප අකමැතිය කියා අපට විජය බැහැර කල නොහැක. මහාවංශය බොරු කියා ඔප්පු කිරීම ඉතා අපහසු වේ. එය බොරුවක් බව පෙන්වීමට ප්‍රභාකරන් බොහෝ උත්සාහ කළේය.

    අප දන්නා ඉතිහාසය පිළිගෙන ඒ අනුව බෙදුම්වාදීන්ට පිළිතුරු දෙමු. විජය බොරුවක් කියා ඔහුව අත් හැර රාවණා හෝ වෙනයම් කෙනෙක් බදා ගැනීමට ගියහොත් (අළුත් ඉතිහාසයක් බදා ගත්තොත්) අපට දැනට තියෙන ඉතිහාසයත් නැතිවේ, මහාවංශය ද ඇතුළු. දැන් සිදුවෙමින් යන්නේ එයයි. එවිට සිදුවන්නේ තදබලම අතරමං වීමකි.

    අවුරුදු 2500ක ප්‍රෞට ඉතිහාසයක් අපට තිබේ. එයින් අප සෑහිමකට පත් නොවෙනවා සේය.

    රාවණ යනු මිත්‍යාවක් බව ප්‍රකාශ කර,වසර 2000කට කිට්ටු කාලයක් තිස්සේ අප රට පිළිගත් (අප දෙමවිපියන්/මුතුන් මිත්තන් පිළිගත්, ගුරුවරුන් ඉගැන්වූ), ඒ මහාවංශ ඉතිහාසය පමණක් සත්‍ය බව ලොවට දැන්වීමයි දේශප්‍රේමින් වශයෙන් අප කළ යුතු වන්නේ. අපට එය සිදු කල හැක. ඕනෑවටත් වඩා සාධක තිබේ.

    ද්‍රවිඩයන් සිංහලයනට පසුව පැමිණි බව පැවසුවේ එදා සිටි ද්‍රවිඩ ඉතිහාසඥයන්මයි. බෙදුම්වාදීන් (සාමන්‍ය දෙමළ ජනතාව නොවේ). ඊළමුන් ශ්‍රී ලංකා ඉතිහාසය කෙළේසන්න පටන් ගත්තේ 1980 පමණ සිටය. ඔවුන්ගේ පදයට අප නැටීමට අනවශ්‍යය.

    යම් හෙයකින් ඉතා දියුණු ශිෂ්ටාචාරයක් මේ රටේ විජයට පෙර තිබුනා යයි ඔප්පු වුවහොත් – එසේ සිතීමට අපහසුය (ලොව පිළිගත් සෙසු ඉතිහාසඥයෝද පිළිගතහොත්), එය කුවේණි හා ඊට ප්‍රථම සිටි ලාංකිකයන්ට බැරවේ. සියල්ල අපේ (සිංහලයන්ගේ) යයි කියා අපට බදා ගැනීමට නොහැකිය.

    කුවේණි දෙමළ නොවිය. ඇය හෙලයෙකි. රාවණා ඇත්තටම සිටියා නම් ඔහුද හෙළයෙකි. සිංහබාහුගේ පුත් හෙළයන් සමඟ මුසුවූ නිසා සිංහල නම් විය. (සිංහ + හෙළ = සිංහල).

    (විජය පඬි රජුගේ දු කුමරිය විවාහ කර ගත්තේය, නමුත් ඔහුට දරුවන් නොවිය).

    විජයගෙන් පසු රජවූ පඬුවස් දෙව් පැමිණියේද ලාට රටේ සිංහබාහු පුරයෙනි.

    කුවේණි තමන්ගේ එකියක යයි අපේ ආදීවාසින් (වැද්දෝ) පවසති. (මහාවංශය කියනුයේ කුවේනියගේ දරු දෙදෙනාගෙන් ආදිවාසී (වැදී) පරපුර ඇරඹි බවයි).
    තමන් ද්‍රවිඩ නොව සිංහලයනට තදින්ම සම්බන්ධ යයි ආදීවාසින් තරයේ පවසති. එය සත්‍යයය. ආදී වාසීන්ගේ ගති සිරිත්, චාරිත්‍ර වාරිත්‍ර බොහෝ සෙයින් අප (සිංහල) හා සමානය.

    මහාවංශය සඳහන් කරන්නේ “එදා සිංහබාහු රජ සිංහයා ගත් ගෙයින් සිංහල නම් විය” වශයෙනි.

  4. aloy Says:

    The best way to sort out this problem is to develop our country fast. Given the hardworking nature of our people this country can be developed to be a economic powerhouse in less then five years. It seems amid all the problems due to Corona and shortages our exports have achieved the same level as before pandemic.

    I travel from B’mulla to Colombo on most days in the morning and I see how busy our people are with their Battas conveying various goods. When the country has enough money everybody will forget history etc and try to win benefits. That is the reason tamils and others flock to our capital. We can then rewrite history, the same way Singapore has done within the last two decades or so. But we do not want idiotic politicos to steal the wealth they generate by various means.

    Technology is an area which is untapped. Foreigners see this opportunity. If the rulers stop stealing, which can only be done by changing the old guards and giving an opportunity to young crowd nobody will be able to stop the forward march of this nation.
    One more thing we should do:
    Tell the venerable monks to dissociates themselves from politics without coming to the scene and try to ‘pick mangos’.

  5. Chanaka B Says:

    Thanks.

    Aloy said –

    (i) “When the country has enough money everybody will forget history etc and try to win benefits.”

    Yes, this is exactly what is happening today. People are obsessed with money and will do anything to earn money. Today lots of people think we were created on the spur of the moment. This is sad.

    Economy and History are two different things. They are like Pineapples and Mangoes – two entirely different things.

    Sometimes History is more important than Economy. It tells us who we are and how/why we are in our present state. History tells about our values, culture, traditions, religion etc. History is also Heritage – what we leave for future generations. Economically we can be poor today, but, that can be fixed. If we allow our History to be permanently distorted, we can even lose our own being – our identity, and even parts or whole of the country.

    Yes, in 3rd world countries we do not care about history and archeology. That is why one can find our rich artefacts (ගල් කුළුණු, සඳකඩපහණ, සෙල් ලිපි, කැඩුණු බුදු පිළිම ආදිය) lying scattered in the North and East jungles even today. Such a thing will never happen in rich countries.

    (ii) “When the country has enough money everybody will forget history etc and try to win benefits.”

    C’mon, how can this be done. History must always be the truth. History is not something we can change according to our whim and fancy.

    This is why I stated to NeelaMahaYodhaya – “අප දන්නා ඉතිහාසය පිළිගෙන ඒ අනුව බෙදුම්වාදීන්ට පිළිතුරු දෙමු. විජය බොරුවක් කියා ඔහුව අත් හැර රාවණා හෝ වෙනයම් කෙනෙක් බදා ගැනීමට ගියහොත් (අළුත් ඉතිහාසයක් බදා ගත්තොත්) අපට දැනට තියෙන ඉතිහාසයත් නැතිවේ, මහාවංශය ද ඇතුළු. දැන් සිදුවෙමින් යන්නේ එයයි. එවිට සිදුවන්නේ තදබලම අතරමං වීමකි.

    අවුරුදු 2500ක ප්‍රෞට ඉතිහාසයක් අපට තිබේ. එයින් අප සෑහිමකට පත් නොවෙනවා සේය.”

    NeelaMahaYodhaya said the following:

    (i) විජයාගමනය සිංහලයාගේ ආරම්භය බව පෙන්වීම සදහා බොහෝ දෙනා විවිධ උත්සාහ ගත් අතර විජයා‍ගමනයට පෙර ලංකාවේ ජනාවාස තිබූ බව පිළිගන්නට ඔව්න් අකැමැති පිරිසක් විය. නමුත් එම සියළු මතවාදයන් සත්‍යයෙන් තොර වූවක් බව සනාත වන්නාවූ ප්‍රභල සාධක කිහිපයක් පසුගිය කාළයේ සිදුකෙරුණු පුරාවිද්‍යා කැණීම් තුළින් සොයාගන්නට හැකි වී ඇත.
    මෙය අනුරාධපුරයේ ඇතුළුනුවර කරන ලද කැණීම් වලීන් මතුකරගන්නා ලද ප්‍රාග් අනුරාධපුර යුගයට අයත් නටබුන් වන අතර මෙය දැනට පවතින අනුරාධපුර නගරයට අඩි තිහක් පමණ ගැඹුරින් පිහිටා ඇති අතර ක්‍රි:පූර්‍ව 800 ත් 1000 ත් අතර යුගයට අයත් බව සැලකෙන අතර මෙය විශාල වෙළෙද මධ්‍යස්ථානයක නටබුන් බව පුරා විද්‍යාඥයින් සදහන් කරයි. “

    “මෙය විශාල වෙළෙද මධ්‍යස්ථානයක නටබුන්” –

    Two of the world’s oldest civilizations – Indo Valley and Mohenjo-Daro Harappa did have central market places and swimming pool type wells, but, they are internationally accepted archeological sites. This new alleged Anuradhapura finding is not internationally accepted. In this tiny island, we can say many things. But, if they are not accepted by the international community, they have no purpose and value.

    If we had a giant central market in Sri Lanka more than 3500 years ago, it is of paramount importance that we obtain world recognition for same. Peer Review is the key. Our good historians/archeologists who make these claims must go and publish their scholarly findings in international history/archeological journals and obtain recognition from fellow professionals.

    Once published, their work will be subjected to thorough scrutiny by others who are experts in history/archeology. They will say the excavations have been done in high academic and scientific quality and the findings are authentic.
    We have not done this.

    This is how new historical findings obtain international sanction. When Paranawithana, PEP Deraniyagala (1900 – 1976), Charles Godakumbura et al made new discoveries they always put them for peer review. Their research was subjected to worldwide discourse and evaluation.

    In effect, if these new findings are true (the new discoveries that NeelaMahaYodhaya says about Anuradhapura and Thissamaharama), they can receive world heritage status like the Pyramids, Taj Mahlal, Angkor Wat, , Sigiriya and Sri Maha Bodhiya.

    If the government believes that the claims are genuine, it must give high emphasis in obtaining international recognition.

    Unfortunately, recently we enacted laws that discourage overseas historians and archeologists from coming to Sri Lanka to do research. The restrictions imposed on them are so severe and harsh. Effectively, they may somewhat say ‘ the government is saying us not come to Sri Lanka to do research’

    Romanticizing History is real. It is a phenomenon prevalent mainly in 3rd world countries. Some Australian Aborigines have it. It is not bad. It gives us mental satisfaction and happiness. What it really means is that when the present is not sustaining us we try to romanticize the past and try to hold on to such ideas, even though they are not real.

    (ii) “සිංහලයාගේ ආරම්භය පිළිබදව ප්‍රධාන මත කිහිපයක් දක්නට ඇත. එම අදහස් සියල්ල එකට කැටි කළ විට ප්‍රධාන වශයෙන් සිංහලයාගේ උපත පිළිබදව මත දෙකක්
    උතුරු ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වූ බව
    ස්වදේශිය යක්ෂ, දේව, නාග, රාක්ෂ යන්හි එකතුවක් බව
    මෙයින් වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ ඉන්දියාවේ සිංහ වංශය ලංකාවට පැමිණ සිංහල වූවා යන මතයයි.
    උතුරු ඉන්දියාවෙන් සිංහලයාගේ උපත සිදුවූවා යන මතය පිළිබදව, මූලාස රැසක් අපවෙත දක්නට ඇත. ඒ අතර ප්‍රධාන ලෙස දීප වංශය, සමන්තපාසාදිකාව, දිව්‍යාවදානය, මහා භාරතය ආදී ග්‍රන්ථ සහ දේශ ගවේශකයන්ගේ වාර්තාද වැදගත් වේ.
    සිංහයාගෙන් ආරම්භ වි -> සිංහබාහු -> විජය ->පණ්ඩුවාසු දේව – අභය
    සිංහල නම් වෙළෙන්දා ->සිංහල දේශය
    ලංකාව තුළ ජනප්‍රිය මතය වන මෙහි මා හට පෙනෙන ආකාරයටනම් එය එතරම් පිළිගත හැකි වැදගත් අදහසක් නොවන බවයි . මොකද දැනට සොයාගෙන ඇති පුරා විද්‍යාත්මක සාධක වලට අනුවත් මහා වංශය , මහා භාරතය ආදී ඉතිහාස ග්‍රන්ථ.”

    NeelaMahaYodhaya says we Sinhalayas are not descendants of Vijaya, but are a blend of යක්ෂ, දේව, නාග, රාක්ෂ. He has come to this conclusion after reading Maha Vansha and Maha Bharatha. I have already responded to this but further add this.

    When we say we are a blend of යක්ෂ, දේව, නාග, රාක්ෂ, Vigneswaran and Sivajilingam et al will say yes you are; but we were the යක්ෂ, දේව, නාග, රාක්ෂ. So, we were here first.

    Note my following comments to NeelaMahaYodhaya:

    “යම් හෙයකින් ඉතා දියුණු ශිෂ්ටාචාරයක් මේ රටේ විජයට පෙර තිබුනා යයි ඔප්පු වුවහොත් – එසේ සිතීමට අපහසුය (ලොව පිළිගත් සෙසු ඉතිහාසඥයෝද පිළිගතහොත්), එය කුවේණි හා ඊට ප්‍රථම සිටි ලාංකිකයන්ට බැරවේ. සියල්ල අපේ (සිංහලයන්ගේ) යයි කියා අපට බදා ගැනීමට නොහැකිය.

    කුවේණි දෙමළ නොවිය. ඇය හෙලයෙකි. රාවණා ඇත්තටම සිටියා නම් ඔහුද හෙළයෙකි. සිංහබාහුගේ පුත් හෙළයන් සමඟ මුසුවූ නිසා සිංහල නම් විය. (සිංහ + හෙළ = සිංහල).

    (විජය පඬි රජුගේ දු කුමරිය විවාහ කර ගත්තේය, නමුත් ඔහුට දරුවන් නොවිය).

    විජයගෙන් පසු රජවූ පඬුවස් දෙව් පැමිණියේද ලාට රටේ සිංහබාහු පුරයෙනි.

    කුවේණි තමන්ගේ එකියක යයි අපේ ආදීවාසින් (වැද්දෝ) පවසති. (මහාවංශය කියනුයේ කුවේනියගේ දරු දෙදෙනාගෙන් ආදිවාසී (වැදී) පරපුර ඇරඹි බවයි).
    තමන් ද්‍රවිඩ නොව සිංහලයනට තදින්ම සම්බන්ධ යයි ආදීවාසින් තරයේ පවසති. එය සත්‍යයය. ආදී වාසීන්ගේ ගති සිරිත්, චාරිත්‍ර වාරිත්‍ර බොහෝ සෙයින් අප (සිංහල) හා සමානය.”

    I reiterate:

    (i) If there are new archeological findings prior to Vijaya, that credit must go to Helayas – Kuweni’s clan. Not to the Sinhalese.

    That is the right and honourable thing to do. Just because ‘we have the spoon in our hand, we must not serve only ourselves.’

    I personally think Veddhas belong to Kuweni’s clan. This is my personal opinion only.

    Veddhas have lived in this country for many thousands of years as hunters and gatherers. Balangoda Manawakaya is a Veddha.

    Since Independence, we have treated Veddhas very badly. The Mahaveli Scheme hit them very badly. They were confined to tiny settlements (before, they were a free flowing people).

    Veddhas are a dying race. They will soon become extinct.

    (ii) No matter how much we try to say otherwise, we Sinhalayas are the descendants of Vijaya. Mahavamsha is right. If we try to meddle with this, we will fall into a giant pit, and it will be very difficult to come out of it.

    2500 years ago, we built a magnificent civilization in this country. We must be proud of that. We must be satisfied with it. If we are too greedy and now want more; and try to say ‘no, we have done more things that none of the other civilizations have done prior to 2500 years ago’; we will become a laughing stock before the rest of the world.

    (iii) Sinhalese are not descendants of the Tamils. Though some present day archeologists try to say we are from Tamilnadu or Kerala; we are not. We are from North India.

    Tamils are good people. They came here much later to live here permanently.

  6. aloy Says:

    Chanaka,
    It looks as if you have not taken into consideration many recently discovered things about A’pura.
    They have discovered an ancient Greek settlement in A’pura that dates back to 900 BC. Vijaya supposed to have arrived here 600 BC. And the ruins an A’pura has similarities to those in Athens. Have you seen a well designed sewerage system in an ancient palace even in India. If you would care to have a look at the map of Ptolemy ( 1st Century AD) Taprobana was only slightly smaller than India (or Hindia), with all the rivers as mentioned in Thripitaka. In deep inside Dimbulagala jungles there are scripts written on rock which are not yet decoded. I have seen a video which clearly showed each line started with SWASTIKA.
    Is there no possibility that the so called Aryans originated here and migrated to Europe via India?.
    Listen to this revelation by a Sri Lankan scholar:

    “https://youtu.be/4Rx1hWgOSS8”

    Anothaptha wila must have been something like a volcano which was gushing out water from a deep aquifer instead of lava. They have found plant material 15,000 years old within the Hortan Plains . Perhaps Sigiriya was same with an opening at the center which gave a water supply to a palace (or the ancients built palace around the top and surrounding the rock. There is another effect called capillary pressure that brings water up provided the surface is covered and wet.
    This points to the notion that Sinhalaya is as old as the Veddas, if not more.
    If you listen to Prof. Raj Somadeva you will discover that some veddas are actually anti-Sinhalese. Have you heard of a Vanni Kumar?. Perhaps the problem we have with some people at K’gala is a pointer to that.
    Now about the economy:
    How big was Portugal when they conquered many distant areas of the world. Their population is half that of ours even today. But for them there was an eccentric price who gave them the boost. That was astronavigation copied by the rest of Europe.
    So, he need of the hour is technological advancement. And I know we have enough guys and gals. But they have been suppressed by the political authority since 1977.

  7. aloy Says:

    Sorry, please correct as “….an eccentric prince called Henry who gave them the boost by establishing a naval college to train sailors on astronavigation.” They are the ones who discovered the Portuguese speaking Cuba and South America (Brazil).

  8. Chanaka B Says:

    Aloy, re. Anuradhapura new discovery – we can make many claims, but, as I have repeatedly stated Peer Review is a must. It is subjecting the author’s scholarly work, research, or ideas to the scrutiny of others who are experts in the same field (peers). In archeology etc it is a must. Peer Review is so necessary to ensure the academic and scientific quality of the article that the author wants to obtain recognition.

    Peer Review embodies assessing the validity, quality and often the originality of the findings. Then only such work will be published in a reputed journal. If the findings (the article) is of poor quality, it will not be published. Afterwards, fellow professionals will respond with their own views and comments. This is a must do thing worldwide. It preserves the integrity of archeological science.

    It is nothing but preposterous to blame the Veddhas as anti- Sinhalese (if that’s what was actually stated). We have caused Veddahs enough carnage. Thanks to us only few hundreds of them are now left. Veddhas are great Hela people.

    There’s very little difference between us and the Veddhas. In many instances, they have better qulities than us. They treat women much better than we do.

    Perhaps Veddahs were the යක්ෂ, දේව, නාග, රාක්ෂ ancient people.

    In my previous comment I wrote “C’mon, how can this be done. History must always be the truth. History is not something we can change according to our whim and fancy.” Inadvertently, this was placed under a wrong comment that you made. It actually relates to your this comment: “When the country has enough money everybody will forget history etc and try to win benefit.”

  9. aloy Says:

    Chanaka,
    I beg to differ. Our so called western educated are biased. Unless something comes out from somebody from the west, it’s not gospel truth. the writers in this forum and others too, do same mistake. It has become a fashion to quote from some obscure name from the west to buttress he or she’s argument. Sigiriya that has been there for millennia but was covered by jungles had to be discovered by Jonathan Forbes and surveyor turned historian HCP Bell. So was the Sri Vijaya Empire (which is the pride of Malays) lost in the jungles of Sumatra discovered by a Frenchman doing an areal survey just about a hundred years ago.
    Nobody talks of Ray Wijewardana for inventing the hand tractor (which was copied by Japanese to be Kubota). The western guys can make their rules and bend them when it suits, playing all tricks in the trade. The game of cricket is the same. SL’s team was eliminated by the Brits for them to have a go at the finals.
    SL is suffering even today due bogus human right issues because the army’s annihilation of Praba’s forces as they were the blue eyed boys of the west.
    The sacred city of A’pura’s claim is the same.

    I tell you one more thing:
    The global warming is the same. Without finding out what actually causes it they flog the CO2 as the culprit. The BBC was showing yesterday that the unusual weather pattern that we face today is a repetition of a 100 year thing. Probably Corona is the same. Nobody talks how fish in rivers or sea can come down from heaven. This I observed when I was only a five year old kid.

  10. Chanaka B Says:

    (i) Aloy said: “Our so called western educated are biased. Unless something comes out from somebody from the west, it’s not gospel truth. “

    – I did not say we must go to western archeologists. There are good, reputed archeologists in Asia, including South Asia. I am sure archeologists from countries like Myanmar, Thailand, India, Pakistan and Bangladesh will not be biased against us. A combination from these countries is the best. They will do an independent study (unfortunately our government has recently placed restrictions on them coming to Sri Lanka and doing research).

    Currently, our own modern archeologists are making a huge noise that they have made so many new discoveries. Their list seems to be endless. I mentioned some of them in my main article.

    Yes, they seem to say prior to Vijaya we had civilizations that may even exceed Egypt, Indo Valley, Mohenjo-Daro Harappa Andes etc.

    But, the world has not accepted them.

    Of course, our people are thrilled to bits. But, what’s the purpose if there is no worldwide recognition.

    I have previously mentioned to you about ‘Romanticizing History’. I say this is what’s happening here.

    Just read the lies they are telling to our school children in තේ History Book 10 (pp 29, 31, 42, 61, 103 therein).

    But, let’s wait until the world renowned archeologists come here and say what they have to say, after proper research.

    Obtaining international sanctioning for these massive discoveries is important (if they exist). This issue is very important as it goes to our credibility.

    (ii) “The sacred city of A’pura’s claim is the same.”

    – Yes, our modern archeologists seem to be saying that pre-Vijaya Anuradhapura and Thissamaharama (the brand new discoveries) were very high level social organizations. According to them they had central market places, building complexes, swimming pool type wells, sophisticated drainage systems etc. If these citadels really existed we must market them, so foreign tourists will flock to see them like the Pyramids, Taj Mahal, Angkor Wat, etc. These news discoveries will bring us millions of $. Currently, we are starving without $.

    There is no point in these archeologists boasting locally. They must publish their theses in reputed journals (there are such journals in Asia), and obtain worldwide recognition. Otherwise, one day we will become a laughing stock in the world’s archeological community (or, have we already become one?).

    What happened to the notable artefacts that were found in the recent excavations? I hope they were duly handed to the National Museum, with correct inventories.

    (iii) “the writers in this forum and others too, do same mistake”

    – I believe I have not done this.

    (iv) “SL is suffering even today due bogus human right issues because the army’s annihilation of Praba’s forces as they were the blue eyed boys of the west.”

    – well said.

    (v) “The global warming is the same.”

    – global warming යන වචනය ෆේල් වුනාට පසු ඔවුන් දැන් කියන්නේ climate change කියායි. climate change ඇත්තකි. අපිට ඇද හැලෙන දැවැන්ත වර්ෂාවම බලන්න – එය මිට වසර 5ට එහා සිදු නොවුණි. නමුත්, එය හුදු ෆොසිල් ෆියුඑල් දහනය නිසා වායුගෝලයේ කාර්බන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහල යාම නිසා සිදු වෙනවාය කියා කීම මුසාවකි.
    චීනය, ඉන්දියාව (ලංකාව) වැනි රටවල් ගල් අඟුරු තාප බල ස්ථාන නිපදවා තම රටවල් දියුණු කරනවා දැකීමට බටහිර දියුණු රටවල් (විශේෂයන්ම ඇමරිකාව සහ මහා බ්‍රිතාන්‍යය) අකමැතිය.

    ස්වභාව ධර්මය විසින් කාලගුණ විපර්යාස අවුරුදු මිළියන ගණනක් තිස්සේ සිදු කර ඇත. ඉදිරියටත් සිදු කරනු ඇත. මේ දැන් සිදු වෙමින් පවතින climate change ද එවැනි දෙයකි. ගල් අඟුරු බලාගාරයක් දෙකක් වැසුවා කියා ලෝකයේ දැන් සිදුවෙමින් පවතින මහා පරිමාණයේ කාලගුණ වෙනස්වීම් නතර නොවේ.

    මේ climate change අද මුදල් උපයන ‘මාෆියාවක්’ බවට ද පත්ව ඇත. CNN, BBC, climate change සංකල්පය වවා ගෙන කන ආයතන දෙකකි. විකල්ප මතයක් ඉදිරිපත් කිරීමට ඔවුහු කිසිම අවස්ථාවක් නොදෙති. Sky News පමණක් එයට ඉඩ සලසා ඇත – මේ ලිපිකරු වරක් සිය අදහස් ප්‍රකාශ කළේය.

    deforestrtration සම්බන්ධව නම් පුද්ගලිකව විරුද්ධ වෙමි. එයද විශාල වශයෙන් CO2 පිට කරන සාධකයකි. කැලෑ කැපීමට ඉඩදී රජයන් බලා සිටින බවක් පෙනේ. මෙය ඉතා අසතුටුදායකය.

    කැලෑ කැපීම ගැන රජයන් නිහඬ වන්නේ (උල්පන්දම් දෙන්නේ) අසරණ , අහිංසක සතුනට චන්දය නොමැති නිසාද? සමහරවිට අපේ ජිවිත කාලය තුලදීම – තව අවුරුදු 35 -40 ක් ඇතුලත (අප ජීවත්ව සිටියහොත්!), අපට බලන්න ඉතුරුවනුයේ කැටයමින් කපන ලද අලි පමණක් විය හැක.

    (vi) “Nobody talks how fish in rivers or sea can come down from heaven.”

    – Nothing of that sort happens in real life.

  11. aloy Says:

    Chanaka,
    (vi) “Nobody talks how fish in rivers or sea can come down from heaven.”

    “– Nothing of that sort happens in real life.”

    Wrong!

    Please google ‘fish rain”. It has happened even in SL recently. It happens in Honduras three times every year, according to my search. There is animal rain also!. But the funny thing is always it tis the same kind that rains.
    My observation as a kid was also the same. They were about ten inches long fish as I can remember. So many things that science that we know of cannot explain.
    History apart, the GOSL has to do a lot to technological advancement by making use of the young talent pool hat we have. Time has come for the people to get organize and and steer country forward by asserting their power on the system which actually is independent of the parliament, according to constitution.

  12. Chanaka B Says:

    Aloy, Yes fish rain exists though very rarely.

    True, Honduras is famous for it. Sri Lanka had a massive fish rain in 2004 (in Chilaw).

    When, you mentioned ‘heaven’, ‘kid’ I misunderstood as I do not believe in heaven. Sorry.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress