සිංහළ රාජ්‍ය භාශාව කිරීමේදී දෙමළ  ජනයාට විශේශිතව අබමල් රේණුවක අසාධාරණයක් සිදුවූවාද? 
Posted on November 9th, 2022

චන්ද්‍ර අබේනායක

සිංහළ භාශාව රාජ්‍ය භාශාව කිරීමෙන්  එවකට රටෙහි මුළු ජනග්‍රහණයෙන් 6% වැනි කුඩා කොටසක් පරිහරණය කල ඉංගිරිසි බස අභිබවා, 94% ක් වැනි ජනකොටසකට තම බසින් රජයත් සමග ගනුදෙනු කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී මහඟු අවකාශය  තහවුරු විය. එමගින්  දෙමළ ජනයාට විශේශිතව අබමල් රේනුවක අසාධාරනයක් වූවාදැයි අභියෝගාත්මකව ප්‍රශ්ණ කල හැක.   

නිදහසෙන් පසු ලංකාව පාලනය කිරීමේ ක්‍රියාදාමය කේදවාචකයක් යයි පවසන සමාජ දේශපාලන විශ්ලේශකයෙකු වශයෙන් හැඳින්වන තැනැත්තෙකු විසින් සමාජ මාද්‍ය  ජාලය ඔස්සේ පවසන්නේ සිංහළ භාශාව රාජ්‍ය භාශාව කිරීම හේතුකොටගෙන බර්ගර් ජනයා සහ දෙමළ ජනයා රට හැර ගිය බවය.       

ප්‍රතිශතයක් වශයෙන් ඉතා කුඩා ජනකොටසක්වූ බර්ගර් ජාතිකයන් හට බ්‍රිතාන්‍ය සමයෙහි  ඔවුන්ගේ යුරෝපීය සම්භවය නිසා  ඔවුනට විශේශ වරප්‍රාසාද  බුක්තිවිඳීමට අවකාශය ලැබිණ. සිංහළ භාශාව රජයේ භාශාව කිරීමෙන් බර්ගර් ජනයාට අපහසුතාවයක් දැනුනානම් එය ඉතාමත් සීමිතය. මක්නිසාදයත් එවකට රාජ්‍ය සේවයෙහි නිරතවූ බර්ගර් ජනයා සිටියේ ඉතාමත් සුළු කොටසකි. ඔවුන් වැඩිවශයෙන් රැකියා කලේ වෙළඳ අංශයේය.  ඔවුනට යම්කිසි අවහිරතාවයන් සිදුවූවත් ඔවුන් ඔස්ට්‍රෙලියාවට සංක්‍රමණය වීමට හේතුව වුයේ එවකට  එමරටෙහි රැකියා හිඟයක් හේතුකොටගෙන ආගමන නීති වෙනස්කොට යුරෝපීය  සම්භවයක් ඇති අයට එරටට සංක්‍රමනය වීමට විශේශ පහසුතාවයක් ස්ථාපිත කිරීමෙන් පසුය. කෙසේ වෙතත් බොහෝ කලක් ඔවුන්ගේ  අන්යෝන්‍ය සංකෘතික ගති පැවතුම් රැකගෙන ලාංකික සම්භවයක් ලත් බර්ගර්වරු වගකිව යුතු පුරවැසියන් වශයෙන් මෙරටෙහි රැඳී සිටියහ. ඉහතකී විශ්ලේශකයා කියනා අන්දමට ඔවුන් සිංහළ භාශාව රජයේ භාශාව කල නිමිත්තෙන්ම විශාල වශයෙන්  ඔස්ට්‍රෙලියාවට  හෝ වෙනත් රටවලට සංක්‍රමනය වූයේ නැත. 

එවකට විදේශගතවූ ලාංකිකයන් අතර දෙමළ ජනයාද විශේශිත ජන කොටසක් නොවීය.  විශේශිතව  ඔවුන් බටහිර රටවලට සංක්‍රමනය වූයේ ‘කලු ජූලිය’  නමින් හැදින්න්වන ඛේදවාචකයට පසුවය. ඉන් අනතුරුව එල්.ටී.ටී. ඊ.ත්‍රස්තවාදය උත්සන්න වීමත් සමග සරණාගතයින් ලෙසින් බොහෝ දෙමළ ජනයා රට හැර ගියහ.   

සිංහළ දෙමළ ජනවාර්ගික ප්‍රශ්ණවලට තුඩුදුන් හේතූන් අතර 1956  වසරේ   එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බන්ඩාරනයක මහතාගේ ආගමනය සහ, විශේෂයෙන්ම ඔහු විසින් ස්තාපිත කල සිංහළ භාශාව රාජ්‍ය භාශාව කිරීමේ ක්‍රියාවලිය බව තතු දත් සේම තතු නොදත් බොහෝ දෙනා අදටත් ගෙනහැර පෑමට උත්සාහ කරති. තතු දත් වුවන් අතර පන්ච මහා බලවේගය නමින් බන්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් දියත්වූ සමාජ දෙශපාලන පරිවර්තණය නුරුස්සන සිංහළ/දෙමළ ප්‍රභූ වරුන් කොටසක් විය. මොවුන් යටත් විජිත පාලනය තුල වරප්‍රසාද ලත්  එහි පාලකයන්ට ගැති  සිංහළ/දෙමළ/වෙනත් කුඩා කණ්ඩායමක්  වූ  අතර ඉංගිරිසි භාශාව පමනක් කතාකරණ යටත් විජිත විදි විදාන අගය කල,  සාමාන්‍ය ජනයාගේ අභිවෘධිය තකා ඉදිරිපත් කරන්නට යෙදුනු සෑම ප්‍රතිසංස්කරණ යෝජනා  හෙලා දකින, ඒවාට අවහිර කළ බලගතු ජනකොටසක් විය. එම කුඩා පිරිස මාටින් වික්‍රමසිංහ මහතා හැඳින්වූයේ බමුණු කුලය යනුවෙනි. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නංගර මහතාගේ නිදහස් අධ්‍යාපනය, ස්වභාශා වැනි මහගු අධ්‍යාපන සං කල්ප මොවුන් විසින් එකහෙලා ප්‍රතික්ෂේප කලහ. එකී බමුණුකුලය කාලය ඇවෑමෙන් අතුරුදන්වීගෙන යන අතර අදටත් යම් කුඩා කන්ඩායමක් ඔවුන්ගේ සෙවනැලි පසුපස යන්නාක්මෙන් තතු විකෘති කිරීමට තැත්කරමින් සිටිති.  දෙමළ ත්‍රස්තවාධයක් කරා රට ගෙනයාමටද  ප්‍රධාන  හේතුවක් ලෙස සිංහල භශාව රාජ්‍ය භාශාව කිරීම බව ප්‍රචලිත කිරීමට ඔවුන් උත්සාහ දරති. මෑතක විපක්ශ නායක සජිත් ප්‍රෙමදාස මහතාද සිංහළ බස රාජ්‍ය බස කිරීම සාපයක් යයි ප්‍රකාශ කිරීම ඛේද ජනකය.  

ප්‍රතිශතයක් වශයෙන් රටෙහි ජනග්‍රහනයෙන් 70% කට අධිකවූ සිංහළ ජනයාගේ භාශාව වන සිංහළ භාශාව රාජ්‍ය භාශාව කිරීමේදී දෙමළ ජනයාට කිසියම් අපහසුතාවයන්  සිදුවූවානම් එයට විසඳුමක් වශයෙන් දෙමළ භාශාව පරිහරණය කිරීමට  සාධාරණ විදි විධාණ අඩංගු පනතක්ද බන්ඩාරනායක මහතා විසින් නීතිගත කරනු ලදී. කෙසේ වෙතත් සිංහල භාශාව රජයේ භාශාව කිරීමෙන්  එතෙක්  ඉංගිරිසි භාශාවෙන් පමනක් වැඩකල රජයේ සේවකයන්ට යම් කිසි අපහසුතාවයන් සිදුවූවානම් එම අපහසුතා සිංහළ දෙමළ ජනකොටස් දෙකටම එකාකාරව බලපෑහ.   

සිංහළ භාශාව රාජ්‍ය භාශාව කිරීමෙන් හා දෙමළ භාශාව සාධාරන ලෙස පරිහරණය කිරීමට විදි විදාන නීතිගත කිරීමෙන් ජනග්‍රහණයෙන් 6% පමණකට සීමාවූ  ඉංගිරිසි පරිහරණය අභිබවා තම තමන්ගේ බසින් රජයත් සමග ගනුදෙනු කිරීමට රටෙහි ජනග්‍රහනයෙන් 94% වැනි කොටසකට ප්‍රජාතන්ත්‍රවාදී මහඟු අවකාශය තහවුරුවූ වග අභියෝගාත්මකව ප්‍රකාශ කලහැක. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress