ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වූ රුසියානු දූත පිරිස හා අග්‍රාමාත්‍ය වරයා අතර හමුවක්.
Posted on November 10th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වූ රුසියානු සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල නියෝජ්‍ය සභාපති පොලොස්කොව් ව්ලැඩිමීර් (Polozkov Vladimir) මහතා හා  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් 2022.11.10 ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ  දී සිදුවිය.  
දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා රුසියානු දූත පිරිස පිළිගත්තේය.
ශ්‍රී ලංකාවේ සිදුකළ හැකි මහා පරිමාණ ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා කළ දෙපාර්ශවය කර්මාන්ත, වරාය, නාවික ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක   ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.    
මෙම අවස්ථාවට අමාත්‍ය රමේෂ් පතිරණ, මොස්කව් හි ශ්‍රී ලංකා තානාපති ජනිතා ලියනගේ මොස්කව් හි ප්‍රමුඛ පෙළේ සංවර්ධන සමාගම් කිහිපයක  අධ්‍යක්ෂ මණ්ඩල සභාපති Ryzhkov Petr, සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක  ඇතුළු පිරිසක්  එක්ව සිටියහ.
 

Leave a Reply

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress