හිටපු ජනපති ගෝඨාභය ඝාතන සැලැස්මක් ගැන විමල්ගෙන් හෙළිදරව්වක්
Posted on November 15th, 2022

උපුටා ගැන්ම  හිරු පුවත්

පසුගිය ජූනි 9 වනදා අරගලකරුවන් කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ සැලසුමක් තිබූ බවට උත්තර ලංකා සභාගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

ඔහු මෙම අනාවරණය සිදු කළේ, හිරු ටී.වී ඔස්සේ ඊයේ විකාශ වූ සලකුණ දේශපාල සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින්.

මෙම සැලැස්මට පෙර අමරිකනු තානාපතිනි ජූලි චන්ග් විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැකදෙන ලෙස දෙවියන් වහන්සේගෙන් ඉල්ලා යාඥා කළ බවත්, නමුත් ඝාතන සැලැස්මක් වූ එහි අවසානය වූයේ ජනාධිපතිවරයාව ඝාතනය කිරීම බවත් මන්ත්රී වීරවංශ සඳහන් කළා.

අරගලකරුවන් මන්දිරයට ගොඩවදින තෙක් හිටපු ජනාධිපතිවරයා ඒ බව නොදැන සිටි බවත්, මන්දිරය ඇතුළත සිටි ආරක්ෂක අංශ ප්රධානියෙකු එම අවස්ථාවේ දී ගෝඨාභය රාජපක්ෂව නොමග යැවීමේ පිළිතුරක් ඔහු වෙත ලබාදෙමින් පැවසුවේ,

>නමුත් පිටතින් තත්ත්වය පාලනය කර ඇති බව එම ආරක්ෂක නිලධාරියා ජනාධිපතිවරයාට එම අවස්ථාවේදී ප්රකාශ කොට, සුබවාදී පණිවිඩයක් දුන්න ද, අහම්බයකින් හිටපු ජනපති ගෝඨාභය විසින් රූපවාහිනී නාලිකාව නැරඹූ විට ඒ මොහොතේදිත් අරගලකරුවන් මන්දිරයට ඇතුල් වී ඇති බව දුටු බවයි මන්ත්රී විමල් වීරවංශ සඳහන් කළේ.

ලිබියාවේ හිටපු ජනපති ගඩාෆි ඝාතනය කළ අයුරින් ම ගෝඨාභය රාජපක්ෂ අරගලය තුළ ඝාතනයට සැලසුමක් තිබූ බවත්, අමරිකානු තානාපතිනියගේ යාඥාව පවා ප්ලෑන් එකේම කොටසක් බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress