බෙදුම්වාදීන්ට තුවක්කුවෙන් කළ නොහැකි වූ අධිකරණ භාෂා නීති අධ්‍යාපන අයිතිය අහිමි කිරීම  අධිකරණ ඇමති – අගවිනිසුරු ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාව ගැසට් පත්‍රයකින් කළේ ඇයි?
Posted on November 22nd, 2022

සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන.

“මා රුසියාව මගේ මාතෘභූමිය ලෙස සළකන්නේ නම් එයින් අදහස් කරන්නේ මම රුසියානු ජාතිකයෙකු ලෙස රුසියාවට ආදරය කරන බවත්, මගේ සමස්ත චින්තනයෙන් මෙන්ම ගීත ගායනය, හැසිරීම පවා රුසියානු ජාතිකයෙකු ලෙස කටයුතු කිරීම බවත් ය. මම රුසියානු ජනතාවගේ අධ්‍යාත්මික ශක්තිය විශ්වාස කරමි. එහි ආත්මය මගේ ආත්මයයි. එහි ඉරණම මගේ ඉරණමයි. එය බිඳ වැටීම මගේ දුකයි. එහි සමෘද්ධිය මගේ සතුටයි.”

“If I see Russia as my motherland, then that means that as a Russian I love, think, sing and speak; that I believe in the spiritual power of the Russian people. Its spirit is my spirit; its destiny is my destiny; its suffering is my grief; its flourishing is my joy,”
-රුසියන් දේශප්‍රේමියෙකු වූ
අයිවන් ඇලෙක්සැන්ඩ්රොවිච් ඉලින් (Ivan Alexandrovich Ilyin or Il’in (Ива́н Алекса́ндрович Ильи́н) කියා ඇති
මෙම කියමන ශ්‍රී ලංකාවේ පුරවැසිටන්‍ටත් අදල නොවේද?

අද ශ්‍රී ලාංකිකයෙකු ලෙස නාමකරණයෙන් අලුත් වී තම මාතෘ භූමිය, තම මව් භාෂාව, තම ආහාර නිෂ්පාදන ක්‍රමය ස්වදේශීය සිංහල – දෙමළ ජනතාව අහිමි කර ගනිමින් සිටී. සිංහල – දෙමළ ජනතාවට අද සිංහලෙන් සහ දෙමළෙන් නීතිය ඉගෙනීමේ අයිතිය අහිමි කර ඇත. ස්වදේශිකයන් ණය කාරයන් කර ඇත. වසර ගණනාවක් බෙදුම්වාදී සන්නද්ධ ගැටුමක් තිබියදී පවා සිංහල භාෂාවෙන් සහ දෙමළ භාෂාවෙන් නීතිය ඉගෙනීමේ ජනතාවගේ අයිතිය ආරක්ෂා වී තිබුණි.
සිංහල භාෂාවෙන් සහ දෙමළ භාෂාවෙන් නීතිය ඉගෙනීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, නීති පැනවීමේ භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18, 23 සහ 24 ව්‍යවස්ථා මගින් ස්වදේශිකයන් ලැබූ අයිතියකි.

වසර ගණනාවක් තිස්සේ පැවති ආයුධ සන්නද්ධ බෙදුම්වාදය ජයගත්තා කියූ 2009 වසරෙන් පසු සිංහලෙන් සහ දෙමළෙන් නීතිය ඉගෙනීමට තිබූ අයිතිය අහෝසි කිරීමට “සංස්ථාගත නීති අධ්‍යයන සභාව” ක්‍රියා කළේය.
2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයෙන් එය තවත් ඉදිරියට ගෙන ගිය අලි සබ්‍රි අධිකරණ ඇමති සහ ජයන්ත ජයසූරිය අගවිනිසුරු ඇතුළු “සංස්ථාගත නීති අධ්‍යයන සභාව” සිංහලෙන් සහ දෙමළෙන් නීති අධ්‍යාපනය ලබා දීම පමණක් නොව නීති විභාග පැවැත්වීමද වැළැක්වීමට අනු නීති පනවා ගත්තේය.

ශ්‍රී ලංකාවේ,
මාතෘභූමියේ උපන් මිලියන 18ක් වූ සිංහල ජනතාව නීතිය නොදන්නවුන් පිරිසක් බවට පත් කර ඇත්තේ ලෙනාඩ් වුල්ෆ් ගේ “බැද්දේගම” (The village in the Jungle) ආරච්චිලාගේ, කලු සුදු නඩුකාරහාමුදුරුවන්ගේ, ප්‍රනාන්දු මුදලාලිලාගේ වහල් සේවයට

සිළිඳුලාට, පුංචිමැණිකෙලාට, බබුන්ලාට යාමට සි‍ඳුවන ලෙස නීතිය නොව ඉංග්‍රීසි ඉගෙනීමට කියමින් ය.
ජාත්‍යන්තර භාෂා 06 ලෝකයේ පිළිගෙන  ඇති බව නොදන්නා මේ බලධාරීහු ජනතාවගෙන් තොරතුරු සඟවා ඉංග්‍රීසියෙන් තීන්දු තීරණ ගනිමින් වසර 74ක්ම රට පාලනය කරගෙන යති.

මෙම බලධාරීන්ගේ ප්‍රායෝගික නීති චින්තනය අනුව
රාජ්‍ය භාෂාව, නීති පැනවීමේ භාෂාව සහ අධිකරණ භාෂාව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පමණි. නීතිය සහ යුක්තිය පසි‍‍ඳලන ක්‍රියාවලියේදී නොවේ.

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය රාජ්‍ය භාෂාවෙන්, නීති පැනවීමේ භාෂාවෙන් සහ අධිකරණ භාෂාවෙන් සිය නඩු තීන්දු සහ තීරණ ලබා නොදේ.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ජනතාවගේ පරමාධිපත්‍යය නිරූපණය කරන්නේය කීවද, උත්තරීතරය කීවද 
රාජ්‍ය භාෂාවෙන්, නීති පැනවීමේ භාෂාවෙන් සහ අධිකරණ භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු ලබා ගැනීමේ ව්‍යවස්ථාදායක බලය නොමැතිව ඇත. (බලන්න 2021.08.17 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව)
 
එහෙව් රටක මාතෘභූමියට, මව්භාෂාවට ආදරේ කරන්නෝ වැඩි වශයෙන් සොයා ගැනීම අසීරුවනු ඇත.

එහෙව් රටක් ගැති බවෙන් මුදා ගැනීමට නොහැකි වනු ඇත.

එහෙව් රටක් දියුණු කිරීමට නොහැකි වනු ඇත.

එහෙව් රටක සාධාරණත්වය, යුක්තිය, නීතිය මත පාලනය සහ යහපාලනය දැකිය නොහැකි වනු ඇත.

එහෙව් රටක අභිමානය කෙළෙසාගත් මිනිසුන් සහ ගැහැණුන් සමූහ වශයෙන් දැකිය හැකි වනු ඇත.

එහෙව් රටක ඩොලරයට, රූබලයට, පවුමට, විදේශීය පුරවැසිකමට, ද්විත්ව පුරවැසිකමට, ණයකට නොකළ හැක්කක් නැත.

මෙවැනි වටපිටාවක මෙම 16වැනි නීති අධ්‍යයන වැඩසටහන පවත්වන්නේ අභිමානවත් සහ සංවර්ධිත රටක් වෙනුවෙන් තම දෙපයින් නැගිට පාර සොයා යන්නවුන්ගේ නෛතික සාක්ෂරතාවය වර්ධනය කිරීමටය.

“පියාඹන්න බැරි නම් දුවන්න, දුවන්න බැරි නම් ඇවිදින්න, ඇවිදින්න බැරි නම් බඩගාන්න, නමුත් ඔබ කුමක් කළත් කළ යුත්තේ ඔබේ ඉදිරියට යාමය.”
මාටින් ලූතර්

“If you can’t fly then run, if you can’t run then walk, if you can’t walk then crawl, but whatever you do you have to keep moving forward.”
Martin Luther
(මෙම නීති අධ්‍යයන වැඩසටහන් මාලාව පවත්වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය – අභියාචනාධිකරණය ඇතුළු අධිකරණ වල නඩු පවරා අත්දැකීම් ඇති – නීති ග්‍රන්ථ 10ක් ප්‍රකාශයට පත් කර ඇති – විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ අධිකරණය සමාජය නීතිය පිළිබඳ ලිපි ලියන – නීති අධ්‍යයන වැඩසටහන් සහ නීති වැඩමුළු පවත්වන – කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධියද එම විශ්ව විද්‍යාලයේම උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවද ලැබූ නීතීඥවරයෙකි.)

සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress