සජිතට සැප එයි.. සජිත් ඇමති කාලේ සංස්කෘතික අරමුදල වැනසූ හැටි සොයා පරීක්‍ෂණ…
Posted on November 26th, 2022

lanka C news

මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2015 – 2019 අතර කාලයේදී රුපියල් කෝටි දහසකට වැඩි මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විශේෂ පරීක්ෂණයක් පවත්වන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.

මේ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට 2017 වර්ෂයේදී මුරකරුවන් 2250 දෙනකු බඳවා ගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද කමිටුවේ අවධානය යොමුවිය.

පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් කෝටි සියයකට වැඩි මුදලක් ස්ථාවර තැන්පතු වලින් මුදා හැරීම සම්බන්ධයෙන්ද විශේෂ අවධානය යොමු වූ බව කෝප් කමිටුව පවසයි.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.

මේ කරුණු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2018-2019 අතර කාලයේදී සියයට 100 කින් වැඩි වී තිබූ බවටත් වැඩි මුදල් ප්‍රමාණයක් ආදායම් උත්පාදනය වන ව්‍යාපෘතිවලට වඩා දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් වැය කර ඇති බවටත් එහිදී තොරතුරු අනාවරණය විය.

සේවක වැටුප් වෙනුවෙන් රුපියල් කෝටි 12කට වැඩි මුදලක් වැය කර ඇතැයිද එහිදී සඳහන් විය.

ආදාහන පූජෝත්සව 21 සඳහා රුපියල් කෝටි ගණනක්ද වෙනත් ව්‍යාපෘති 368 කට රුපියල් ලක්ෂ 30 බැගින්ද වැය කර ඇතැයි මෙහිදී අනාවරණය විය.

Lankadeepa

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress