පොසොන් ආක්‍රමණය -2023
Posted on May 24th, 2023

C. Wijeyawickrema, LL.B., Ph.D.

මිහින්තලේ හාමුදුරුවන්ට පොසොන් උත්සවය පවත්වන්නට භාධා කරමින් බලයේ ඉන්නා දේශපාලකයින් හැසිරෙන ආකාරය මතක් කරන්නේ 1980 දශකයේදී JRJ  විසින් ගැටඹේ පන්සල කොටුකර කම්බි වැටක් ගැසීමේ සිද්ධියය. දේශපාලකයාට පන්දම් අල්ලන්නට සුදානම් නැති හාමුදුරුවරුන්ට මේ පාලකයින් හිරිහැර කරන්නේ ඔවුන්ගේ බොරු බෞද්ධ ස්වරූපය නිසා අන්ධවීම නිසාය.

මිහින්තලේ හාමුදුරුවන් 13-A+  ට  විරුද්ධව පාර්ලිමෙන්තුව ඉදිරිපිට හාමුදුරුවරුන් කල විරෝධයේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටුකලේය. උන්වහන්සේට නඩු දමනවා යයි යම් නිලධාරියෙක් දැණුම් දුන් විට, ඕනෑ මඟුලක් කරගන්නයයි හාමුදුරුවන් ඒ නිලධාරියාට පැවසුවා යයි වාර්තා විය. රට බංකොලොත්ව ගිණිමැලයක්වී සිටින අවස්ථාවක හදිසියේ දවල් හීනයක් දැක්කා මෙන් අහක යන නයි කලිසම් සාක්කුවේ දමා ගන්නවා වැනි අඥාන ක්‍රියාවක්වූ 13-A+ ජරමරය අකුලා ගන්නට ජනාධිපති රනිල්ට සිදුවිය.

දිනේෂ් අගමැති හා සේමසිංහ මිහින්තලේ ගියේ ඉන් පසු කලෙක හාමුදුරුවන් රවටා ගැනීමට සිතාය. එහෙත් ඔවුන් හීනෙන්වත් නොසිතූ ලෙස, හාමුදුරුවන් ඔවුන්ගේ දේශපාලන රෙදි ගලවා නිර්වස්ත්‍ර කලේය. මේ නිසා ඔවුන් පොසොන් උත්සවයෙන් පල්ලි ගන්නට හදනවාද යන ප්‍රශ්ණය මතුවන්නේ අනිත් උත්සව මහ උජාරුවට පවත්වන්නට අරමුදල් තිබුනා නම් දැන් පොසොන් සඳහා අරමුදල් නෑ කියන නිසාය. මෙයත් මැතිවරණ කොමිෂමට පලාත් පාලන මැතිවරණය සඳහා සල්ලි නෑ කිව්වා වැනිමය.

මෙම සටහනින් පෙන්වා දෙන්නේ දිනේෂ් හා විදුර වික්‍රමනායක යන දෙන්නාවත් මේ අවස්ථාවේ රනිල් ගෙන යන උපායට අසු නොවී තමන්ගේ නම කැත කර නොගැනීමටවත් පොසොන් උත්සවය කඩකප්පල් නොකල යුතු බවය.

පොසොන් පෝය ගැන රනිල් දරණ මතය උපුල් ශාන්ත සන්නස්ගල විසින් රටට ඔහුගේ වීඩියෝවක් මඟින් එලිදරව් කලේය. ඒ පිළිඹඳව මා ලියූ ලිපියක් ලංකාවෙබ් වෙබ් අඩවියේ පලවිය. එය මෙහි පහතින් ලින්ක් කර ඇත.

ගෝටාභය විසින් රනිල්ට අගමැතිකම දුන් විට රටෙ බොහෝ වැසියා මෙන් මාත් සිතුවේ ඔවුන් දෙන්නාගේ සුසංයෝගයෙන් රටට යහපතක් වේය කියාය. තමන්ගේ පරණ පව් සෝදා, වහල් ක්‍රමය පවත්වා ගෙන යන්නට චන්දය ඉල්ලා ඉන්පසු එය නැතිකරන්නට යුද්ධයක් කර ජීවිතය පූජාකල ඒබ්‍රහම් ලින්කන් මෙන් රනිල්ද අළුත් චරිතයක් වෙනු ඇතැයි සිංහල බෞද්ධ ජනයා බලාපොරොත්තු තබා සිටියේය.

ගෙවිඳු කුමාරණතුංග නම් තවමත් සිතන්නේ රනිල්ට නූතන විමලධර්මසූරිය (රජු) කෙනෙක් වීමට ඉඩ ඇති බවය. කොනප්පු බණ්ඩාර ගෝවේට ගොස් පෘතුගීසීන්ගෙන් යුද පුහුණුව පවා ලබාගෙන ලංකාටට ඇවිත්, දෝන කතිරිනා උඩරට ක්‍රිස්තියානි රැජිණිය කිරීමේ සටනට, කන්ද උඩරට ක්‍රිස්තියානි බලකොටුවක් කිරීමේ සටනට එක්විය. එහෙත් පසුකලක කැප්පෙට්ටිපොල දිසාවේ අනුගමනය කල ක්‍රමයට වෙනස් අකාරයකින් ඔහු රටේ හා බුද්ධාගමේ චිරස්ථිතියට දායකවූ රජෙක් විය.

LankaWeb – අපට මඟක් ඇත (නොහොත් ලංකාවට මරුකටෙන් ගැලවිය හැකිය): අංක 1  (June, 2020)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress