කවුද මේ නටාෂා ?
Posted on May 29th, 2023

Courtesy Lanka Lead News

මෝඩාභිමානය නම් බුද්ධාගමට දිගින් දිගටම අපහාස කරමින් රංගනයක් ඉදිරිපත් කිරීම හේතුවෙන් අද වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින නටාෂා එදිරිසූරිය සිය මුහුණු පොතෙහි තමා සම්බන්ධයෙන් කළ හඳුන්වාදීම අනුව ඇය සෘජුවම අමෙරිකානු එක්සත් ජනපදයේ USAID මගින් සෘජුවම වැටුප් ගන්නා සාමාජිකාවක් බවට සැක කළ හැකි බව ඇය වැනි අයගේ කටයුතු සම්බන්ධයෙන් අධ්‍යනය කරන්නන් විසින් හඳුනාගෙන තිබේ.
ඇයගේ මුහුණු පොතට අනුව,

1) 2020 නොවැම්බර් මාසයේ සිට මේ දක්වා අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති කළමනාකරුවෙකු ලෙස කටයුතු කරමින් සිටී.
2 USAID ආධාර ලබන ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි ගුරුවරුන් පුහුණු කරන්නන් සංගමයේ ව්‍යාපෘති කළමනාකරුවෙකු ලෙස 2020 ජනවාරි මාසයේ සිට ජූනි දක්වා කටයුතු කර ඇත.
3 සර්වෝදය සංගමයේ ව්‍යාපෘති හවුල්කරුවෙකු ලෙස 2019 මාර්තු මාසයේ සිට 2020 ජනවාරි දක්වා කටයුතු කර ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress