බලංගොඩ කස්සප හිමියන් සැගවේ..
Posted on May 31st, 2023

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

තමන් වහන්සේට ජීවිත තර්ජන ඇති බැවින් මේ වන විට සැඟවී සිටින බව පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමියන් සඳහන් කරති.

මෝඩාභිමානී”ප්‍රසංගය සහ මේ දිනවල බෞද්ධ ආගම සම්බන්ධ කොටගෙන ඇති වී තිබෙන සිදුවීම් පිළිබඳව කතා කිරීම හේතුවෙන් තමන් වහන්සේට ජීවිත තර්ජන සිදු වෙමින් පවතින බව උන්වහන්සේ පවසති .

එමෙන්ම මංජු නිශ්ශංක නැමැති පුද්ගලයාට එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාවේන් මුදල් ලැබෙන බවත් එල්.ටී.ටී.ඊ අවශ්‍යතාවයට අනුව එම මුදල් යොදා ගනිමින් මංජු නිශ්ශංක කටයුතු කරන බවට බලංගොඩ කාශ්‍යප හිමියන් චෝදනා කරති

අත්අඩංගුවට ගත් රාජාංගනේ හිමියන් වෙනුවෙන් තමන් වහන්සේ පෙනී සිටින බව පෙන්වා දෙන බලන්ගොඩ කාශ්‍යප හිමියන් සඳහන් කරන්නේ රාජාංගනය හිමියන් දකින විට තමන් වහන්සේට කුඩාපොල හිමියන්’ මතක් වෙන බවය.

උන් වහන්සේ මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress