නාඩි වාක්‍යයෙන් හෙළි වූ කරුණු ජේසුතුමා බුද්ධ ශ්‍රාවකයෙක්
Posted on June 6th, 2023

උපුටා ගැන්ම දිවයින

අතිපූජ්‍ය බළන්ගොඩ
ආනන්ද මෛත්‍රෙය
මහ නාහිමි
(1980 රසවාහිනි සඟරාවට ලියන ලද ඉහත ලිපිය අප වෙත යොමු කළේ මාතලේ තිබ්බටුවාවේ එස්. එස්. වීරසූරිය)

වර්ෂ 1951 දෙසැම්බර් මස 23 වැනිදා මදුරාසියේ රායපෙටා වීදි මාවතේ තුබුණු ශ්‍රී කෞමාර නාඩි කාර්යාලයට ගියෙමි.

එහිදී පණ්ඩිත තංගවේලු නම් නාඩි ශාස්ත්‍රඥයා හමුවී සංක්‍ෂිප්ත බුද්ධ චරිතය (නාඩි වාක්‍ය) ලබා ගතිමි.

එයට ජේසුතුමාගේ චරිතය ද ගන්නට සිතිණි. මේවා ලබාගත හැක්කේ ප්‍රත්‍යෙක කාණ්ඩ හෙවත් ‘තනි කාණ්ඩම්’ නම් ග්‍රන්ථාංශයෙන් ය. මෙහි මනෝමය ප්‍රශ්නවලට උත්තර ඇත.

මම ජේසුතුමාගේ චරිතය ලැබේවා යි සිතීමි, සිතා ඒ බව නොකියා මගේ කේන්ද්‍ර පිටපත දුනිමි. එය හෙතෙම තමා ළඟ ඇති කේන්ද්‍ර සටහන් සහිත ප්‍රත්‍යෙක කාණ්ඩ බලා එහි ඇති බව කීය. මම ප්‍රශ්නයක් සිතූ බව කීමි. එවිට හෙතෙම යථෝක්ත පුස්කොළ පොත බලා ඔබ සිතුයේ ‘මරිය මගන්’ (මරියතුමියගෙ පුතා) ගැන යැයි කීය. එසේ යැයි කීමි. මම කොපි පොතක් කඩේකින් ගෙන්වා දුනිමි. හෙතෙම පළමුකොට තමා ළඟ තිබෙන පුස්කොළ පොතෙන් මා දුන් කොපි පොතට පහත දැක්වෙන ලියැවිල්ල ලියා දුන්නේය.

එය පේළි අටේ කවි තුනකි. මෙහි ඇත්තේ ඔහු ලියා දුන් ලියැවිල්ලේ පිටපතකි.

නාඩි වාක්‍යයෙන් හෙළි වූ කරුණු ජේසුතුමා බුද්ධ ශ්‍රාවකයෙක්

නාඩි ශාස්ත්‍රඥයා නාඩි ග්‍රන්ථය බලා ලියා දුන් කවි තුනෙහි ඡායාරූප පිටපතේ එක් සටහනක්

මම දෙමළ බස නොදනිමි. ඒ නාඩි ශාස්ත්‍රඥයා ද ඉංග්‍රීසි නොදනී. මා සේම නාඩි වාක්‍ය ගන්නට අවුත් සිටියවුන් අතරෙන් ද්‍රවිඩ ජාතික ඉංග්‍රීසි ගුරුවරයකු දැක ඔහු කැඳවා මට ලැබුණු නාඩි වාක්‍ය ඉංග්‍රීසියට නඟා දෙන්නැයි කීමි. එවිට නාඩි ශාස්ත්‍රඥයා තමා දුන් පැරණි ලියැවිල්ල වර්තමාන ව්‍යවහාර දෙමළ බසට නැඟීය. එය යට කී ගුරුවරයා ඉංග්‍රීසියට නැඟීය. එය මම ලියා ගතිමි. ඔහු ඉංග්‍රීසියට නඟා දුන් පරිදි ඉහත දක්වූ නාඩි ලේඛනයේ භාවාර්ථය මෙසේය.

ලග්නය වෘෂභය වූ, එහි කුජ ද සිංහයෙහි රවි ගුරු ශුක්‍ර කේතු ද කන්‍යායෙහි බුධ ද, තුලාවෙහි ශනි ද, කුම්භයේ චන්‍ද්‍ර රාහු ද ඇතිව උපන් ආනන්ද මෛත්‍රෙය නම් තැනැත්තා මරියතුමියගේ පුත්‍ර වූ ජේසුතුමා ගැන ප්‍රශ්න කරයි. එය විසඳමි. ඒ ජේසුතුමා ධනවත් නොවූ පවුලෙක උපන් කෙනෙකි. බාල වයසේදී සිය කැමැත්ත අනුව කල්යැවීය.

කලකට පසු බොහෝ ධර්ම ශාස්ත්‍ර ඉගෙන ඒවා විමැසුම් ඇසින් බලන්නට විය. අන්තිමේදී බුද්ධ ධර්මය ශ්‍රේෂ්ඨම ආගම යැයි නිශ්චය කොටගෙන එය අනුව පිළිපැද්දේය. එයින් තමා ලත් අවබෝධය අනුව ලොවට දහම් දෙසීය.

මිනිසුන් බොහෝදෙනා එතුමාගේ ධර්මයට විරුද්ධ වූහ. එතුමාට අප්‍රමාණ හිරිහැර කරන්නට වූහ. රළ ගසන්නාක් මෙන් එකක් ළඟට තවෙකක් කරදර හිරිහැර ඇති විය. එතුමා ස්වකීය ජන්ම භූමියේ ම රැඳී නොසිට ඒ ඒ පළාත්වලට වැඩ දහම් දෙසීය. අන්තිමේ දී සතුරෝ එතුමා අල්ලා කුරුසියේ ඇණ ගැසූහ. සිය ප්‍රතිපත්තියෙන් මිනිසකු විසින් ලැබිය යුතු උසස් තත්ත්වය අවබෝධ කොට එය ලෝවැඩ තකා අවංක වැ අභීත වැ කියාපෑමෙන් සත්‍යයේ නමට ජීවිත පරිත්‍යාග කළ බැවින් ලෝ වැස්සෝ එතුමාට මහත් ආදර බහුමාන දක්වති.”

මා දෙමළ නොදන්නා බැවින් මේ උඩ කී පරිදි ඒ දෙමළ කවි තුන අන්කෙනකු ලවා පරිවර්තනය කරවා ගත් අයුරුය. තවත් නාඩි පොතක ජේසුතුමා ඉන්දියාවට වැඩි බව දැක්වෙයි. එතුමා ඉන්දියාවෙහි උතුරෙහි වූ ලාඩාක් (බටහිර ටිබෙට්) රටේ හිමිස් ආරාමයේ කලක් විසූ බව ඒ ආරාමයේ පොත්ගුලේ ඇති පැරණි ලියැවිල්ලෙක සඳහන්ව ඇතැයි කලකට පෙර එහි පැමිණි ‘රෝරික්’ නම් ගත්කරු ්‍යැ්රඑ දf ්ිස් නම් තම පොතෙහි සඳහන් කරයි. අවුරුදු කිහිපයකට පෙර සුළු ආසියාවේ මළ මුහුද අසල පොළොව හැරීමේ දී ලැබුණු බොහෝ පැරණි ලියැවිලි රැසෙක් Dead Sea Scrolls නමින් පළ වී ඇත. ඒවායින් ජේසු නමින් දෙදෙනකු සිටි බව ද පළමු ජේසු තුමාට අවුරුදු 105 කට පසු පැන්දීරා නම් කෙනකුගේ පුත් වූ තවත් ජේසු නම් කෙනකු ඇතිව මහජනයාට අනුශාසනා කරමින් සිටි බව ද දැක්වෙතැයි ඒ පොත් කියවා පිරික්සූ මහතකු කලකට පෙර Theosophist සඟරාවේ පළකොට තිබුණි.

කාස්මීරයේ ශ්‍රී නගර් පුරයෙහි පොළොව කැණීමේ දී හමු වූ ශිලා ලේඛනයකින් එය තුබූ තැන ජේසු නම් කෙනකුගේ සොහොන වී යැයි පැවසේ. අද එය වටා ගෙයක් තනා එය ඉදිරියෙහි Grave of Jesus යැයි නාම පුවරුවක් ද සවි කොට ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress