පාස්කු ප්‍රහාරය හා චැනල් 4 නාලිකාවේ රංගනය.
Posted on September 5th, 2023

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

අලුත් නාඩගමක් කරලියට පැමිණ තිබේ. ඒ නාඩගමේ නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය ලෝකයේ ත්‍රස්තවාදී සංවිධානවල මැර  ක්‍රියාවන්ට අහිංසක හැඩතල ගන්වන චැනල් 4 නාලිකාව විසින් සිදුකර ඇත. මේ නාඩගම සුපුරුදු ලෙසම හඹා යන්නේ කොටි සංවිධානය විනාශ කල රාජපක්ෂලාම ඉලක්ක කරගෙන වීම තුලින් මේ නාඩගම නිරුවත්බවයට පත්ව ඇත.
පාස්කු ප්‍රහාරයට සමාන ක්‍රියාවලියක් මෙරට තුල සිදුවෙන බව අප දුටුවේ, වර්ෂ 2010 වකවානුවේදීය. අපේ සිරිත අපි දකින දේ නිවැරදිවම සිදුවෙන්නක් බව තෙරුම්ගත්විට එය හඬ ගා පැවසීමයි. අප අපේ යුතුකම එදා ඉටු කළෙමු. ඒ මෙසේය. https://www.lankaweb.com/news/items/2016/06/13/%e0%b6%b1%e0%b7%94%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%85%e0%b6%b1%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad%e0%b6%ba%e0%b7%9a%e0%b6%af%e0%b7%93-%e0%b6%b8%e0%b7%99%e0%b6%bb%e0%b6%a7-%e0%b6%ad%e0%b7%94/

එදා මෙරට මුස්ලිම් ප්‍රජාව කුපිත කරවීම ආරම්භ කරනු ලැබුවේ.චැනල් 4 නාලිකාවේ නිජබිම වන මහා බ්‍රිතාන්‍ය තුලිනි. මේ සියල්ලක්ම අපි හෙළිකරනු ලැබුවේ, 2016 ජුනි මස 13 වෙනිදාය. එම ලිපියට අනුව පාස්කු ප්‍රහාරය පිටුපස් සිටින්නේ, රාජපක්ෂලා නොව මහා බ්‍රිතානයේ සිටින ත්‍රස්තවාදයේ නිර්මාතෘ වරුන්ය. එයට චැනල් 4 නාලිකාවද අයත්ය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress