ව්‍යවහාරික පොලිස් අධ්‍යාපන උපාධි පාඨමාලාවේ සමාරම්භක වැඩසටහන පැවැත්වීම සම්බන්ධව.
Posted on September 5th, 2023

මහජන ආරක්ෂක අමාත්‍යාංශය

ශ්‍රි ලංකා පොලීසියේ නිලධරයන්ගේ වෘත්තීමය දැනුම සහ කුසලතා වැඩිදියුණු කිරීම සඳහා ජාතික පොලිස් අභ්‍යාස ආයතනය සහ ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඒකාබද්ධව ආරම්භ කරන ලද ව්‍යවහාරික පොලිස් අධ්‍යාපන උපාධි පාඨමාලාව” (BA in Applied Police Studies) සමාරම්භක උත්සවය 2023.09.04 (ඊයේ) වන දින උදෑසන 10.00 ට ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැති තුමාගේ ප්‍රධානත්වයෙන් හා එම අමාත්‍යංශයේ ගරු ලේකම් වියානි ගුණතිලක මැතිතුමා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති තුමා ඇතුළු ආචාර්ය වරුන්ගේ සහභාගීත්වයෙන් අපරාධ වාර්තා කොට්ඨාසයේ ශ්‍රවණාගාරයේ පවත්වන ලදී. මෙහිදී මෙම උපාධි පාඨමාලාවට සහභාගී වීමට නියමිත ප්‍රථම පොලිස් නිළධාරීන් කණ්ඩායම ලියාපදිංචි කිරීමද සිදු කරන ලදී මෙම අධ්‍යාපනික ව්‍යාපෘතිය සඳහා උපාධි පාඨමාලාලාභීන් 150 දෙනෙකු සහභාගී වූ අතර ව්‍යාපෘතියේ අපේක්ෂාව වනුයේ වෘත්තීමය සහ ගුණාත්මක පොලිස් සේවාවක් ශ්‍රී ලාංකීය ජන සමාජය වෙත ලබා දීම සඳහා අවශ්‍ය මානව සම්පත නිසි සැලසුමකට අනුව සූදානම් කිරීමයි. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් රැසක් ද සහභාගී විය.


Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress