කතෝලික සභාව ජරා දේශපාලනය කරන්න යන්න එපා. වින්දිතයන්ට සාධාරණය ඉටුකරන්න.
Posted on September 10th, 2023

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

පාස්කු ප්‍රහාරය සම්බන්ධව නන්දොඩවමින් රටේ හා ජනතාවගේ කාලය විනාශ කරන්න එපා. එය පාස්කු ප්‍රහාරයෙන් මියගිය මිනිසුන්ට සිදුකරන නිගාවකි. මේ නිගාකිරීමට අගරදගුරු තුමාද සම්බන්ධවී ජාත්‍යන්තර දේශපාලනයේදී උන්ට අවශ්‍ය ගොදුරක් වූ ගෝඨාභය රාජපක්ෂයන් ඉලක්ක කරගෙන ඔවුන්ගේ සටන දියත්කිරීමට ඉඩදිම කතෝලික ප්‍රජාවට සිදුකරන අගෞරවයකි..

පාස්කු ප්‍රහාරය සිදුවෙන විට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිව, රාජපක්ෂලාව පාරක් පාරක් ගානේ ඇවිද්දවනවායයි නන්දොඩවමින්, රාජපක්ෂලාට නඩු පිට නඩු පවරමින්,ඔවුන්ව බන්ධනාගත කරමින් සතුටුවූ යුගයකි. ඒ. ගෝඨාභය රාජපක්ෂයන්ව සිරගත කිරීමට එදා මෛත්‍රිපාලයන්ට දැඩි අවශ්‍යතාවයක් තිබුන අතර, ගෝඨාභයන්  ඒ නඩුවලින් ගැලවීම සඳහා දැඩි වෙහෙසකර ව්‍යායාමයක යෙදෙන්න සිදුව තිබු යුගයකි ඒ.

ජනාධිපති යටතේ රාජයේ සියලුම ආරක්ෂාවන් සඳහා වූ බලතල තිබු පසුබිමක යුද්ධයෙන් පසු මෙරට සිදුවූ පළමු ප්‍රහාරය සිදුවූ අතර, එය රාජ්‍යයේ ආරක්ෂාව භාර ජනාධිපතිවරයාගේ සහයෙන් තොරව සිදුවිය නොහැක. සහය යනු, ජනාධිපතිවරයාගේ නොසැලකිලිමත් බාවයද ඇතුලත් බව වටහා ගන්න.

ප්‍රහාරයේ ඉලක්කය රටතුල ජාතිවාදී අරගලයක් නිර්මාණය කිරීම වුවද, අගරදගුරු රන්ජිත් මැල්කම් පියතුමා ප්‍රමුඛ කතෝලික ප්‍රජාවගේ, දුරදර්ශී බාවය හේතුකොටගෙන මෙරට වර්ගවාදී ගැටුමක් ඇතිවීමට තිබු සියලු ඉඩකඩ ඈහුරුනි.

එදා එලෙස කටයුතුකළ රංජිත් මැල්කම් අගරදගුරුතුමා පරීක්ෂණයක් ඉල්ලා සිටි අතර, එතුමා ඇඟිලි දිගු කෙරුවේ, එවකට ජනාධිපතිව සිටි මෛත්‍රිපාල සිරිසේනයන් වෙතය. එය සාධාරනය. මුස්ලිම් අන්තවාදයට හොඳ සරුබිමක් මෙරට නිර්මාණය වුයේ, මහින්ද රාජපක්ෂයන්ගේ අගබාගය ආරම්භවූ විල්පත්තු සංහාරයෙන් හා මෛත්රිපාලයන්ගේ මුළු පාලන කාලයම තුලදීය,

ප්‍රහාරයෙන පසු අගරජගුරුතුමා ස්වාධින පරීක්ෂණයක් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම ඉටුවිය. පරීක්ෂණය, මෛත්‍රිපාල සිරිසේන පාලන සමයේ සිට ගෝඨාභය පාලන සාමය දක්වාම සිදුවිය. ගෝඨාභය සිරිසඟබෝ රජමෙන්ම වූ අසරණ පාලකයෙක් විය. ඔහුට මුහුණ දීමට සිදුවුයේ බැමිණිටියා සායට නොව කොරෝනා වසංගතයටය  ඒ අතර පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණද සිදුවූ අතර, එහි වාර්තාව, ගෝඨාභය ජනාධිපති අතට බාරදුනි.

සිදුවිය යුතුව තිබුනේ, තමන් අතට ලැබුන ඒ වාර්තාව විගසම රටට ප්‍රකාශ කිරීමය. එය සිදු නොවිණි. පසුව එහි පිටු කීපයක් අඩුකොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල බවක්ද කියැවිණි. එය එතුමා විසින් සිදුකල බරපතල වරදකි. එයට හේතුව තමන් කියවා සම්පුර්ණ නොකළ වාර්තාවක් පිටු කඩා ඉවත්කර පාර්ලිමේන්තුවට භාරදුන්නේ නම් එය එතුමා කල වරදක් බව කිවයුතුමය. මේවා එදා එතුමාට එරෙහිව පලවූ වාර්තාවන්ය.

රනිල් වික්‍රමසිංහයන් බලය ලබාගත් විට සම්පුර වාර්තාවම කතෝලික සභාවට ලබාදීමට පියවර ගත්හ. ඒ මිට වසරක ආසන්න කාලයකදීය. මෙය ඉල්ලා මහා සටනක් කල කතෝලික සභාවට මේ වාතාව සම්පුර්ණයෙන්ම කියවා එහි ඇති අඩුපාඩු පෙන්වා දීමට පමණක් නොව ඒ වාර්තාව මෙරට ජනතාව අතරට පත්කිරීමටද අවකාශ තිබුණි. නමුත් මෑතකදි කතොලික සභාවෙන් කියවුනේ එම සභාව තවමත් එය කියවමින් අධ්‍යනය කරමින් සිටින බවය. එය අධ්‍යනය කරමින් සිටින කතෝලික සභාවට චැනල්  4 නාලිකාව පලකල වාර්තාව සම්බන්ධව ජාත්‍යන්තර කොමිසමක් පත්කරන ලෙස ඉල්ලීමට අයිතියක් නැත. පළමුව තමන් අත ඇති කොමිසම් වාර්තාව කියවා, ඒ සම්බන්ධව තම ස්ථාවරය පලකල යුතුය. එසේ නොකොට අනම් මනම් පසු පස හඹා යාමෙන් මියගිය සියල්ලන්ටම සිදුකරන්නේ මහත්වූ අපහාසයකි. කතෝලික සභාව කාගේවත් දේශපාලන පඹයෙක් නොවී සිය යුතුකම් ඉටුකළ යුතු කාලය පැමිණ ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress