ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය කිරීමට ඉන්දීය ව්‍යවසායකයින්ගෙන් සහතිකයක්…  
Posted on September 13th, 2023

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය 

 ඉන්දීය ආයෝජන තවදුරටත් ශ්‍රී ලංකාවේ ප්‍රවර්ධනය කිරීමට ඉන්දීය වෙළඳ හා කර්මාන්ත ව්‍යවසායකයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා ඉන්දියා සංගමයේ සාමාජිකයෝ සහතික වෙති.   

 ශ්‍රී ලංකා ඉන්දියා සංගමයේ සාමාජිකයින් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් අද (2023.09.13)  අරලියගහ මන්දිරයේ දී පැවති අතර වෙළෙඳ හා ආයෝජන ඇතුළු ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා පුළුල් කරගැනීමේ මාර්ග සහ උපක්‍රම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

දෙරට අතර සංවර්ධන සහයෝගීතාවයේ වර්ධනය පෙන්වාදුන් අග්‍රාමාත්‍යවරයාපෞද්ගලික අංශයේ ඉන්දීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමට දරන ප්‍රයත්නය වෙනුවෙන් ඉන්දීය ප්‍රධාන විධායක නිලධාරීන්ට ස්තුතිය පළ කළේ ය.

ප්ලැටිනම් රියල්ටි ඉන්වෙස්ට්මන්ට්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා ඉන්දියා සංගමයේ සභාපති කිෂෝර් රෙඩ්ඩි පැවසුවේ කෘෂිකර්මසංචාරකතොරතුරු තාක්ෂණපුනර්ජනනීය බලශක්ති සහ අධ්‍යාපන යන අංශවල ආයෝජන සඳහා බොහෝ අවස්ථාවන් පවතින බව යි.

ශ්‍රී ලංකාව මෑත කාලීන ආර්ථික අර්බුදයෙන් මිදී යළි ස්ථාවර තත්ත්වයට පත් වෙමින් ඇති බැවින්තොරතුරු තාක්ෂණයසංචාරක කර්මාන්තය සහ පුනර්ජනනීය බලශක්තියට අමතර වමෝටර් රථ උපාංග නිෂ්පාදනයඛනිජ වැලි සඳහා අගය එකතු කිරීමගොවි සමුපකාර ව්‍යාප්ත කිරීම මඟින් කිරි හා පශු සම්පත්,කර්මාන්තය නගා සිටුවීමතක්කාලි යුෂ නිෂ්පාදනය වැනි කෘෂිකාර්මික නිෂ්පාදන සිදු කිරීමවැනි ක්ෂේත්‍ර රාශියකට සෘජු විදේශ ආයෝජන සඳහා විශාල ඉඩකඩක් පවතින හෙයින් ආයෝජනය කිරීම සඳහා මෙය යහපත් කාලයක් බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. දෙරට අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියා ශ්‍රී ලංකා සංගමයේ කටයුතුවලට ලබාදෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව රෙඩ්ඩි මහතා අග්‍රාමාත්‍යවරයාට ස්තුතිය පළ කළේ ය.

ඉන්දියානු  සමාගම් සමූහයක මෙරට ප්‍රධානී  ටී.එස්. ප්‍රකාශ් පැවසුවේ කිරි නිෂ්පාදනය සහ එකතු කිරීම සඳහා ගොවි සමුපකාර භාවිතා කිරීම මඟින් ඉන්දියාවේ අමුල්ආයතනය සාර්ථකත්වයට පත්වීමේ ක්‍රමවේදයෙන් පාඩම් ඉගෙන ගනිමින් ශ්‍රී ලංකාවට කිරි කර්මාන්තය පුළුල් කළ හැකි වනු ඇති බවයි.

දශක ගණනාවක් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කිරීමෙන් ලත් අත්දැකීම් පිළිබඳ සඳහන් කරමින් දැවැන්ත ඉන්දීය වෙළෙඳපොළ සඳහා නිෂ්පාදන සිදු කිරීම පිණිස ඉන්දීය ප්‍රාන්තවල සිටින ව්‍යවසායකයන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්තෙන් පසු වන බව ඉන්දීය නිලධාරීන් පෙන්වා දුන්නේය.

1949 දී පිහිටුවන ලද ශ්‍රී ලංකා ඉන්දියා සංගමයආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා කැප වූ ශ්‍රී ලංකාවේ ඇති පැරණිතම සහ විශාලතම මිත්‍රත්ව සංගම්වලින් එකකි.

 අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress