“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ
Posted on September 17th, 2023
Lanka Lead News
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ප්‍රකාශයට පත් කිරීම” අද පස්වරුවේ මාතර නූපේ සණස මන්දිරයේදී සිදු කෙරිනි.
රුහුණු රට භික්ෂු පෙරමුණේ සංවිධායකත්වයෙන්, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මෙහෙයවීමෙන්, ජාතික ප්‍රතිපත්ති අධ්‍යනය හා උපාය මාර්ගික පර්යේෂණායතනයේ අධීක්ෂණයෙන්, ශ්‍රී ලංකා ජාතික ඒකාබද්ධතා සංවිධානයේ සම්බන්ධීකරණයෙන් යුතුව මෙම මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරිණි.