අශෝභන ලෙස හැසිරුණු ටියුෂන් පෙම්වතුන් පොලිසියට කොටුවෙයි (වීඩියෝ)
Posted on September 24th, 2023

උපුටා ගැන්ම  හිරු පුවත්

ලව් කරන එකයි සිප් එක පාත් කරන් ඉන්න එකයි දෙකක් මහත්තයෝ “

හෝමාගම නගරයේ පවත්වාගෙන යනු ලබන පෞද්ගලික ආයතනයකට අයත් උද්‍යානයක ආවරණය කළ කුඩා කාමර තුල බාලවයස්කාර දරැවන් ලිංගික කටයුතු සිදු කරන බවට ලද පැමිණිලි මත එම ස්ථානය අද (24) දින වැටලූ බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසනවා.

පොලිසිය පවසන්නේ තම දරැවන් සමග අදාල උද්‍යානයට යාමේදී පාසල් වයසේ දරුවන් වැනි දරුවන් අදාල ආවරණය කල කුඩා කාමර තුල නොහොබිනා අයුරින් සිටින බැවින් මේ සදහා පියවරක් ගන්නා ලෙස ප්‍රදේශයේ දෙමාපියන්, ආගමික නායකයින් සහ බුද්ධි අංශ මගින් සිදුකල පැමිණිලි මත හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා ගත් සෝදිසි කිරීමේ නියෝගයක් මත මෙම වැටලීම සිදුකල බවයි.

ඒ අනුව අදාල වැටලීමේදී අදාල කුටි තුල සිටි තරැණ ජෝඩු 24 ක් හමු වූ බවත්, වැටලීම සිදුකරන අවස්ථාවේදී බොහොමයක් ජෝඩු අසභ්‍ය ආකාරයෙන් සිටි බැවින් එම සියලු දෙනා කැඳවා එම දරැවන්ට කරැණු පැහැදිලි කර දී උපදෙස් ලබා දීමෙන් පසු අදාල දැරියන්ගේ භාරකරැවන් වෙත දුරකතන ඇමතුම් ලබා දී මුදා හැරීමට කටයුතු කල බවත් පොලිසිය පවසනවා.<br /><br />අදාල ස්ථානයේ බොහෝ තරුණ තරුණියන් බාහිර පන්ති යන බව පවසමින් එම ස්ථානයට පැමිණ සිටි බවද අනාවරණය වී තිබෙනවා.

මෙම වැටලීම සිදුකල අවස්ථාවේදී එම උද්‍යානයේ හිමිකරැ පැමිණ පොලිස් නිළධාරීන් සමග දැඩි ස්වරයෙන් කතා බහ සිදු කිරීම නිසාවෙන් උණුසුම් තත්වයක්ද එහිදී ඇතිවූ බවයි අප වාර්තාකරු පවසන්නේ.

මෙවැනි ආවරණය කල ස්ථානවලදී තරැණ පිරිස් අතර සිදුවන කටයුතු නිසාවෙන් එම තරැණ ජීවිත විනාශවීමට ඉඩ ඇති බැවින්මේ පිළිබදව දෙමාපියන් දැඩි ලෙස අවදානයෙන් පසුවන ලෙස ද හෝමාගම මූලස්ථාන පොලිසියේ උසස් නිළධාරියෙකු ⁣ප්‍රදේශයේ දෙමාපියන් ගෙන් ඉල්ලා සිටියහ.””

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress