පෝලිම පැන්නාට මහේස්ත්‍රාත්වරයෙකුගේ බිරිඳකගෙන් කෝටියක වන්දියක් ඉල්ලයි
Posted on September 24th, 2023

උපුටා ගැන්ම  හිරු පුවත්

වෛද්‍යවරයෙකු හමුවීම සදහා පෝළිමේ සිටියදී පෝලිම් පැන,මහේස්ත්‍රාත්වරයෙකුගේ බිරිද සමග බහින්බස්වූයේ යැයි චෝදනා කරමින්, තමන්ව හා සිය බිරිදව පොලිසිය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට පියවර ගැනීමට එරෙහිව අඹුසැමි යුවලක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඔවුන් එම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ තම මූලික අයිතිවාසිකම් උල්ලංගනය වූ බවත් ඒ සඳහා රුපියල් කෝටියක වන්දි මුදලක් අයකර දෙන ලෙස ඉල්ලමිනුයි.

පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස රාගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක්, ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, ඔහුගේ බිරිද සහ ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා, පොලිස් කොමිසමේ සභාපතිවරයා ප්‍රමුඛ සාමාජිකයන් සහ නීතිපතිවරයා ඇතුළු 16 දෙනෙකු නම්කර තිබෙනවා.

පසුගිය මැයි මස 20 වනදා එවකට මාස 09 ක් වූ සිය දරුවාට ප්‍රතිකාර ලබාගැනීම සදහා රාගම ප්‍රදේශයේ පිහිටි එම රෝහලට ගිය අවස්ථාවේදී මෙම බහින් බස් වීම සිදුව තිබුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress