දකුණු පළාත් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන්, පොලිස් ස්ථානාධිපතිවරුන් සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්.
Posted on November 5th, 2023

මහජන ආරක්ෂක අමාත්‍යාංශය

දකුණු පළාත් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන්, පොලිස් ස්ථානාධිපතිවරුන් සහ මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා අතර හමුවක් 2023.11.03 (සිකුරාදා) දින ගාල්ල උණවටුන අරලිය හෝටලයේදී පැවැත්විණි.

දකුණු පළාතේ පොලිස් නිලධාරීන් දිරිගැන්වීම, ඇගයීම සහ සංවිධානාත්මක අපරාධ ඇතුළු සියළුම ආකාරයේ අපරාධ මැඩලීම සහ පාලනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම එහි අරමුණු වී තිබිණි.

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා, බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා, දකුණු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතා, විශේෂ කාර්‍ය බලකා අණ දෙන නිලධාරී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා, දකුණු පළාත් රාජ්‍ය නිවේදිත නිලධාරීන් සහ දකුණු පළාත් පොලිස් ස්ථානාධිපති වරුන් සහභාගී වූහ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් කළ සම්පූර්ණ කතාවෙහි පිටපත මේ සමග අමුණා ඇත.

මාධ්‍ය අංශය

මහජන ආරක්ෂක අමාත්‍යාංශය

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් කළ සම්පූර්ණ කතාවෙහි පිටපත

අද මෙම සාකච්ඡාව සුදානම් කරන්න යැයි මම උපදෙස් ලබා දුන්නේ විශේෂයෙන්ම දකුණු පළාතේ තියෙන ප්‍රශ්න කථා කරන්නත් සමස්තයක් වශයෙන් අනෙක් පළාත් වලත් අපි මුහුණ දෙන ප්‍රශ්න කථා කරන්නත්.

මම පළමුවෙන්ම මතක් කරන්න ඕනේ මම මේ ඇමතිකම භාර ගත්තට පස්සේ මට පුළුවන් අයුරින් මම පොලිස් නිලධාරින්ට කළ හැකි සියලු දේ මම කරළා තියෙනවා. පොලිසි වලට වාහන ද, බාටා වැඩි කරන එක ද ඒ හැම එකක්ම ජනාධිපතිතුමාට කථා කරලා අපිට කර ගන්න පුළුවන්කම තිබුණා. නමුත් මම දිගින් දිගටම කිව්වා මම මෙහෙම දෙවල් කරද්දි මම බලාපොරොත්තු වෙන්නේ ඔබ සියලු දෙනා හරියට රාජකාරිය ඉටු කරන එක කියලා. වෙන දෙයක් නෙමෙයි. මේ රටේ තියෙන තත්ත්වය මම දිගින් දිගට කියන්න ඕනේ නැහැ. නමුත් අවාසානාවට වගේ මම බලාපොත්තු වුණු විදිහට ඒ ප්‍රතිපල ලැබිලා නැහැ. දැන් අපි බලමු දකුණු පළාත ගත්තොත් කිහිප වතාවත් මේ පිළිබදචව සාකච්ඡා කරලා. රොඩ් බ්ලොක් දාන්න ඕනේ හැටි ඒ සියලු දේ තේරුම් කරලා දුන්නා. හැබැයි අපි මේ ගැන බලද්දි දැකපු දෙයක් තමයි රොඩ් බ්ලොක් එකේ හට් එක විතරක් එතන තියෙනවා. මේ වැඩපිළිවෙල හරියට වෙනවද බලන්න. ගල්දුව හංදිය මාර්ග බාධක හරහා ෆුල් ෆේස් හෙල්මට් දාලා, ජැකට් ඇද ගත්තු දෙන්නෙක්ව දාලා අපි බයිසිකලයක් තුන්පාරක් යැව්වා. අඩු ගානේ මේ බයිසිකලය දෙපාරක් විතර ගියා නේද කියලවත් මතකයක් නැහැ. මෙන්න මේකෙන් පේනවා මාර්ග බාධකවල කොච්චර හොදට රාජකාරිය වෙනවද කියලා. මේකට ඕ.අයි.සී, ඩිවිෂන්, ඩීඅයිජි. සියලු දෙනා වගකියන්න ඕනේ. මේවා ගිහිල්ලා බලන්න ඔනේ උසස් නිලධාරින්. එහෙම නොවෙන නිසා නේ නිලධාරින් මේ විදිහට වැඩ කරන්නේ. දැන් අපි කොළඹ දි ඇහුවාම හරි සර් මේන්න මෙච්චර මාර්ග බාධක අපි දාලා තියෙනවා කියලා කියනවා. ඒ වුණාට අපි ගිහිල්ලා බැලුවාහම මේ විදිහට තමයි වැඩ ටික වෙන්නේ. මට එදා පොලිස්පති තුමා කිව්වා එයත් ඇදලා දුන්නා කියලා. ඇතුලේ ෂුට් එකක් කරලා එළියට එන අතුරු පාරවල් ගැන විස්තරයක්. ඒ මුකුත් නැහැ. අද කියන්නේ සියලුම ඕ.අයි.සි. ලා මිට පස්සේ එයාගේ ප්‍රදේශයේ වෙන හැම සිද්ධියකටම වග කියන්න ඕනෙ කියලා. එස්.ටි.එෆ්.  එක ඉන්නේ වෙනම කාර්ය භාරයක. එස්.ටි.එෆ්. එක  කරනකම් බලාගෙන ඉන්න එපා. හැම පොලිස් බල ප්‍රදේශයකම සිද්ධියක් වුනොත් ඒකට අනිවාර්යෙන්ම ඕ.අයි.සි. වගකියන්න ඕනේ. ඒ වගේම ඩිවිෂන්, ඩීඅයිජි. හැම කෙනෙක්ම වග කියන්න ඕනේ. ඒක මම දැන් ක්‍රියාත්මක කරනවා වහාම. අපිට එහෙම සිද්ධියක් වුණාම පැහැදිලිව කියන්න ඕනේ. කොතනින් ද ෂුට් එකක් කරලා ගියේ, මාර්ග බාධකයක් තියෙනවා ද, ඇයි මාර්ග බාධකයට ෂුටලාව නවත්ත ගන්න බැරි වුණේ. ඒ හැම දෙයකටම උත්තර දෙන්න මේ නිලධාරින් වගකියන්න ඔනේ. අනිත් එක ඒ පොලිස් බල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය, පාතාලය වගේම ඒ ප්‍රෙද්ශයේ වෙන  හැම දෙයකටම ඕ.අයි.සි. වග කියන්න ඕනේ. එහෙම නොවුනොත් මම ඒ ඕ.අයි.සි.ව ඒ තැනින් මාරු කරන්න පියවර ගන්නවා. මම දැන්ම මේ දේවල් කිය්නනේ හොදින් ප්ලැන් කරලා තමන්ගේ වැඩ ටික කර ගන්න පුළුවන් වෙන්න. මම බුද්ධි අංශය භාවිතා කරලා හැම දෙය්කම හොයා ගන්නවා මේ හැම පොලිස් බල ප්‍රෙද්ශයකම. මම බුද්ධි අංශයෙන් ඒ හැම තැනකම වෙන සිද්ධි ගැන වාර්තා අරගන්න කටයුතු කරනවා. එ වාර්තා මත පදනම් ව තමයි අපි ඕ.අයි.සි. කෙනෙක්ව ඒ තැන තියනවා ද නැද්ද කියලා තිරණය කරන්නේ.

අපි මේ වෙනකොටත් නෙට්වර්ක් එක විදිහට ඕ.අයි.සි. ලෙසි වෙන්න මේ කටයුතු සකස් කරලා තියෙන්නේ. ඉතින් මින් ඉදිරියට මම හිතන්නේ නැහැ කිසිම හේතුවක් වෙයි කියලා මේ දේ පාලනය කර ගන්න බැරි වෙන්න. තමන්ගේ පොලිසියේ වැඩ කරන්නේ නැති නිලධාරින් ඉන්නවා නම් දන්වන්න. උසස් නිලධාරින්ට දන්වලා ඒ අයව අයින් කරන්න. ඇත්තටම හදුනාගත් පොලිස් ස්ථාන වල හොදටම නිලධාරින් කටයුතු කරන්න ඕනේ. එහෙම නොකරන නිලධාරින් ඉන්නවා නම් ඒ අයව වහාම අයින් කරන්න ඕනේ. ඩිවිෂන්ට රිපොට් එකක් දිලා ඩීඅයිජි හරහා කථා කරලා මාරු කරන්න. අපි මේ ක්‍රියාවන්ට ඉඩ දිලා දැන් අපි වැටිලා තියෙන තත්ත්වය බලන්න. ඔගොල්ලොන්ට් ලැජ්ජාවක් නැද්ද යුනිෆොම් එකක් ඇදගෙන ඉන්නකොට පාතලේ එකෙකුට කෝල කරලා තර්ජනය කරන්න පුළුව්න තත්ත්වයකට නේ වැටිලා තියෙන්නේ. දැන් ඒ ත්ත්වයට වැටිලා තියෙන්නේ. මම නම් හිත්න්නේ යුනිෆොර්ම් එකක් අදින හැම කෙනෙකුම මේ ගැන ලැජ්ජ වෙන්න ඔනේ. දැන් ඒකට මොකද කරන්න ඔනේ. ඒ හැමෝම අපේ සතුරෝ ඒ අයව හොයාගෙන ගිහිල්ලා අපි ගන්න ඔනේ. අද ඉදන්වත් දකුණු පලාතේ ඉන්න හැම කෙනාවම ගන්නවා කියලා හිත හදා ගන්න. ගන්න යනකොට ගැහුවොත් ගහනවා. එ දෙය කරන්න මම ඇමතිවෙලා ඉන්නකම් මම ඔයාලා වෙනුවෙන් පෙනි ඉන්නවා. මේ පාතාලය වගේම කුඩු අපි සම්පුර්ණයෙන්ම නැති කර ගන්න ඔනේ. ඔගොල්ලොන්ගෙන් වුණත් ගෙදර ගියාම අහයිනේ මොකක් ද තාත්තා දැන් පාතාලේ අයත් ඔයාලාට තර්ජනය කරනවානේ කියලා. දැන් ඒ කැප විම තියෙන්න ඔනේ.

දැන් මම දන්නවා අපි හරක් කටාවයි සලිදුවයි ගෙනකොට මම එදා දවස් දෙකක් විතර රෑ නිදා ගත්තේ නැහැ. මම මේක ගත්තා කියලා දැනගත්ත වෙලාවේ ඉදලා උදේ දවල් රෑ  මැඩගස්කර් මහජන ආරක්ෂක ඇමති එක්ක ටෙලිෆොන් එකෙන් කථා කළා. එතනින් ගෙනල්ලා ප්ලෙන් එකට දානකම් මම හැමවෙලාවකම සී.අයි.ඩි. එකේ නිලධාරන් එකක් ටෙලිෆොන් එකේ හිටියා. ඊළගට කෙන්යාවට ගෙනාවාම ප්ලයිට් එක මිස් වුණා. ඊළගට මට වුණා ඉන්දියාවට කථා කරලා එහෙන් පණිවිඩයක් දෙන්න ඒ මොකෝ කෙන්යාවේ ප්ලායිට් එකට දාගත්තේ නැත්තේ ඉන්දියාවෙන් භාර ගන්නවා කියලා පණිවිඩේ ලැබුණේ නැහැ කියලා. ඊට පස්සේ ඊලග ප්ලයිට් එකේන් බොම්බේ වලට දාලා බොම්බේ වලින් මෙහෙට්ට එන ප්ලයිට් එක මිස් වෙලා. ඊළගට බොම්බේ තියාගන්න වුණා. මේන්න මේ විදිහට කැප කිරිමක් කරලා තමයි මේ දෙන්නා ගෙනාවේ. ප්ලෙන් එකට දාගන්නකොටස් එහේ පොලිසියට ගහලා එකම යුද්ධයක් තිබු‍ණේ ප්ලේන් එක ඇතුළේ. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා මේ විදිහට වැඩ විටක කෙරුවොත් මේක නැති කරගන්න එක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි. සල්ලි වියදම් කරයි ඔනේ තරම්. මම දන්නවා මේක මේ උසස් නිලධාරිනුත් දන්නවා. හරක්කටා ලංකාවට ගෙද්දි මට මිලියන 700 දෙන්න හැදුවා ලංකාවට ගෙන්නේ නැතුව ඩුබායි වලට ගෙනියන්න කියලා. ජනාධිපතිතුමාත් දන්නවා මේක ගැන. මේ මිනිස්සු ලැස්තියි ඔනේ තරම් සල්ලි දෙන්න. හැබැයි කවදාවත් ඒ දෙවල් වලට යටත් වෙන්න එපා. ඒ සල්ලි වලින් කලා කාටවත් හරියන්නේ නැහැ. කොහොම හරි ඒ ඕෆර් එක මට දෙන්න හදපු පුද්ගලයාටත් වැඩිදුර යන්න ලැබුණේ නැහැ.  දකුණු පාලාතේම තැනකදි මැරුම් කැවා. දැන් මේ අය ලැස්තියි මිලියන ගණන් දිලා අපේ ලොකු ලොක්කන්ට දිලා මාව මේ ඇමතිකමෙන් හරි අයින් කරගන්න. ඒ තරමට එ අය සාකච්ඡා කරනවා. දැන් හරක්කටාගේ නොනා හරක්කටාට කියනවා කෝල් එකක් දුන්නාම මේ ඕක්කොම හරි දැන් ඩිඕ එක කැන්සල් කරන්න පුළුවන් එකම ප්‍රශනේ මේ ටිරාන් අලස් ඇමතිතුමා කියලා. සමහර ඕ.අයි.සි.ලා මම දන්නවා මම නම් කරන්නේ නැහැ. ඒ අය මේ පාතාලේ උදවිය එක්ක ටෙලිෆෝන් එකෙන් කථා කරනවා. ඒ අය සමග සම්බන්ධකම් තියෙනවා. මම ඒ අයට කිය්නනේ වහාම මේ සම්බන්ධකම් නතර කර ගන්න. ඒවා නතර කර ගන්න මොකද මම මේ කතාව කරාට පස්සේ ඒ වගේ නිලධාරන්ට කිසිම අනුකම්පාවක් නැහැ. ඉතින් ඒ තරමට ඒ අයට සල්ලි තියෙනවා. අපි අපේ ආත්මගරුවය වගේහම අපේ නිලඇදුමේ ආත්මගරුත්වය රැකගෙන අපි ඒකට ක්‍රියා කරන්න ඔනේ. මම දිගින් දිගටම මේ ගැන පොලිස් නිලධාරින්ට කිව්වා. හැබැයිමට මේක දිගින් දිගටම කියන්න තියන්න එපා. කරුණාකරලා අපි මේ වැඩේ ඔක්කොම ටික එකතු වෙල කරමු. හිතන්න මේ දේ කරන්නේ අපේ ළමයි හා රට වෙනුවෙන් කියලා.  තමන්ගේ ළමයෙක් ගැන හිතලා හිතන්න අපි මේ කුඩු, පාතාලය නැති කරන්නේ ඔහුගේ අනාගතය වෙනුවෙන්. ගන්න තියෙන ඔනම ඇක්ෂන් එකක් ගන්න බය නැතුව ඇක්ෂන් ගන්න. දැන් මෙතන ඉන්න එස්.එස්.පිට ප්‍රශ්නයක් වුණා. අවාසනාවට වගේ කාටවත් මුකුත් කර ගන්න බැරි වුණා. හැබැයි මම පොරොන්දු වෙනවා මම ඉන්නකම් එවැනි දෙයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. අපේ සතුරා අපිට ගහන්න කලින් අපි සතුරාව හොයාගෙන ගිහිල්ලා ගහන්න ඕනේ. බය නැතුව ඇක්ෂන් ගන්න. ගන්න යනකොට සතුරා ගැහුවොත් අපි සතුරාට ගහන්න ඔනේ. අර ටෙලිෆොන් කොල් ටික අහද්දි හිතෙන්නේ නැද්ද ඒ අයට එවෙලෙම හොයාගෙන ගිහිල්ලා ගහන්න ඔනේ කියලා. කරුණාකරලා මේ ටික කරන්න.තමන්ගෙ ඒරියා එකේ ඔක්කොම බලන්න.මට අලුතෙන් දකුණු පළාතේ රෝඩ් බ්ලොක්ස් ප්ලෑන් එකක් ඕනෙ.මම ඒක චෙක් කරනවා.මට දෙන ප්ලෑන් එක වැඩකරනවද කියලා මම චෙක් කරනවා.මම රෝඩ් බ්ලොක්ස් වලින් බයික් යවලා බලනවා.මම චෙක් කරනවා ඒ ටික හරියට වෙනවද කියන එක.ඒ නිසා කරුණාකරලා නිලධාරීන් ඔක්කොටමත් කියන්න අපි කොයි වෙලාවෙ හොරෙන් මේ වගේ ෆිල්ම් කරයිද දන්නෙ නෑ.ඒ නිසා රස්සාව හරියට කරන්න කියන්න.බැරි අය ඉන්නවනම් දැන්ම ඕ.වයිසිට කියලා බැරි ඕවයිසි කෙනෙක් ඉන්නවනම් දැන්ම ඩිවිශන්ටත් කියලා දැන්ම අයින්වෙන්න.එතොකට වෙන ප්‍රශ්න ඇතිවෙන්න ඉස්සෙල්ලා.සීනියර් ඩීඅයිජීගේ ඉඳන් ඩීඅයිජීලා ඩිවිශන්ලා ඔක්කොටම කියන්නෙ ඔබ සියලු දෙනාගෙම වගකීම.මීට පස්සෙ පොලිස් ස්ථානයක ඒ ඒරිය එකේ ප්‍රශ්නයක් උනොත් ඕවයිසි පමණක් නෙමෙයි ඩිවිශන් ඩීඅයිජී ඔක්කොගෙන්ම මම ප්‍රශ්න කරනවා.ඉතින් සමහර අයට හිතෙනවනම් අමාරු ඒරියාස් වල අපට කරගන්න බෑ කියලා කිසි ප්‍රශ්නයක් නෑ අපට කතාකරන්න අපි වෙන තැනක් දෙන්නම්.හැබැයි අපිට කරන්නම පුළුවන් අය තමයි අවශ්‍යම ඒරියාස්වල අපට අවශ්‍ය.මම තවදුරටත් කතා කරන්නෙ නෑ.මන් හිතනවා යම් කිසි ප්‍රයෝජනයක් උනා කියලා.දත්ත වශයෙන් දැනුමක් ලැබුනා කියලා අනිත් එක දේශබන්දු තෙන්නකෝන් මහතා කියපු විදියට දැන් නෙට්වර්ක් එකක් හැදිලා තියෙන හැටි.ඕවයිසීලා සියලුදෙනා මේ නෙට්වර්ක් එකේ ඉන්න හැටි.තොරතුරු හුවමාරු කරන හැටි ඒ සියලු දේ අපි දැන් ස්තාපිත කරලා තියෙන්නෙ.මම හිතනවා ඒක උදව්වක් වෙයි කියලා.ඉතිරි වැඩවාලට අපි සියලු දෙනා එකතුවෙලා අපේ එකම අරමුණ  කුඩු නවත්වන එකයි පාතාලෙ නවත්වන එකයි.ඒකට අපි සියලු දෙනා එකතුවෙලා වැඩ කරමු.ස්තූතියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress