ජේෂ්ඨ පුරවැසියන්ගෙන් විවෘත ලිපියක්.
Posted on November 14th, 2023

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි 

ගරු ජනාධිපතිතුමණි, ගරු අග්‍රාමාත්‍යතුමණි, පාර්ලිමේන්තු මන්ත්රිවරුණි,

, ස්වයංව නැගීසිටීමට වෙරදරණ, ජේෂ්ඨ පුරවැසියන්ගේ ගැටළු වලට සාධාරණ පිලියමක් ලබාදෙන්න. .
ජීවිතයේ අවසාන භාගයේ දිවි ගමන ගෙවන ජේෂ්ඨ පුරවැසියා,වර්තමාන සමාජක්‍රමය තුල ඉතා අසීරු තත්වයකට ඇද වැටෙමින් සිටින බවත්, ඔවුන් සම්බන්ධව කිසිවෙකුගේ අවධානය යොමු නොවන බවත් ඔවුන්ගේ මතය වී ඇත.

එදා දුර දර්ශිව සිතා බලා සිය සැන්දෑ දිවිය නිදහසේ ගෙවීමේ අරමුණින් මුදල් එකතු කොට රාජ්‍ය බැංකුවලත්, පෞද්ගලික බැංකුවලත් ස්ථාවර ගිණුම් ආරම්භකර ඉන් ලැබෙන පොලියෙන්, දෛනික කටයුතු සිදුකරගෙන ගිය ඒ ජේෂ්ඨ පුරවැසියන්ට, එදා 18% පොලියක් ලබාදුන් අතර අද එය 9% ක පොලි අනුපාතයක් සේ ගෙවීම නිසා,ඔවුන්ගේ ආදායම හරි අඩකින් කප්පාදු කර ඇති බව ඔබට පැහැදිලිවෙනු ඇත.

මේ ජේෂ්ඨ පුරවැසියා යනු අතීත ශ්‍රී ලංකාව අභිවෘද්ධිය සඳහා කටයුතු කල, වර්තමාන ශ්‍රී ලංකාවේ අභිවෘධිය වෙනුවෙන් කටයුතු කරන පරපුරේ මව්පියන් වන අතර, ඔවුන් මේ සැන්දෑ කාලය තුලදී, මේ රටේ අනාගත පරපුර වෙන සිය මුනුබුරු මිනිබිරියන්ට රැකවරණය ලබා දෙමින් වර්තමාන පරපුරට සිය කාර්යන් නිදහසේ කරගෙන යාමට ඉඩ සැලසීමද මේ රටේ සංවර්ධනය වෙනුවෙන් ඉටුකරන කාර්යේම එක කොටසකි.

එබැවින්, අතීතයේදී රටේ සංවර්ධනයට දායකවූ, වර්තමානයේ ජාතික සංවර්ධනය උදෙසා පරපුරක් නිර්මාණය කර, ඒ කටයුතු කරගෙන යන වර්තමානයට ඉඩකඩ සලසමින් අනාගත පරපුරද සුරකමින් ගොඩනගන මේ ජේෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පත් මුදල්  සඳහා ලබාදෙන, 18% සිට 9% දක්වාවූ අගයකට අඩුකළ ඒ පොලිය 21%ක අගයක් දක්වා ඉහල දමන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි. .

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress