‘යුක්තිය’ මෙහෙයුමෙන් අල්ලන්නේ හාල්මැස්සන් විතරයි කියන එකේ ඇත්තක් තිබෙනවා..- පොලිස්පති
Posted on December 23rd, 2023

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

පොලිසිය විසින් කුඩු අල්ලනවා යැයි සිදු කරමින් අල්ලන්නේ හාල්මැස්සන් යයි පැතිරෙන කතාවේ සත්‍යයක් ඇති බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය ඉතාමත් සුළු ප්‍රමාණයක් අතේ තබාගෙන සිටියත් පොලිසියට ඔවුන් අත්අඩංගුවට ගැනීමට සිදුවන බව ද ඔහු පැවසීය.

අත්අඩංගුවේ සිටින සියලුම දෙනා හාල්මැස්සන් නොවන බවත් තෝරු මෝරුන්ද නොවුනද අතරමැද මාළුවෙකුගේ නමක් සිතාගත හැකි බවද ඔහු සඳහන් කළේය.

මැද ඉන්න මාළුන් අල්ලා ගත්තාට පසු මේ රටට කුඩු ගෙන එන තෝරු මෝරුන් හඳුනාගත හැකි බවද පොලිස්පතිවරයා පැවසීය.

ඒ තෝරු මෝරුන්ට ද අත තියෙන දවස වැඩි ඈතක නැතැයිද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

මිරිහාන ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress