අරගලයදා රනිල්ගේ නිවසින් හක්ගෙඩියක් සොරකම් කලාට දඩය 1500යි..
Posted on March 1st, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

2022/07/09 වන දින රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට අයුතු ලෙස ඇතුල් වී නිවස තුළ තිබූ බෝතලයක් තුළ වූ රුවල් නැවක ආකෘතියක් නො.21/1,ඒ 03 වන පටුමග, කටුවාවල මාවත, ඇඹිල්ලවත්ත පාර,බොරලැස්ගමුව ලිපිනයේ පදිංචි චූදිත අබේධීර ආරච්චිගේ දිල්රුක් මධුශංක යන අය විසින් සොරකම් කිරීමේ වරදට ලං.ද.නි.ස 394 වගන්තිය යටතේ නිතිපති උපදෙස් ප්‍රකාරව ගල්කිස්ස ම/උ 22689/23 යටතේ නඩු පවරා වරද පිළි ගැනීමෙන් පසු 2024.03.01 වන අද දින දඩුවම් නියම කරන ලදි.

දඩුවම – මාස 6ක බරපතල වැඩ සහිත සිරදඩුවම් අවුරුදු 5කට අත්හිටුවන ලදි.

2022/07/09 වන දින රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට අයුතු ලෙස ඇතුල් වී නිවස තුළ තිබූ ලෝහමය හක් ගෙඩියක් අංක 133/ඒ, අබේරත්න මාවත, බොරලැස්ගමුව ලිපිනයේ පදිංචි චූදිත හේවාරුහුණගේ සුපුන් හන්සක යන අය විසින් සොරකම් කිරීමේ වරදට ලං.ද.නි.ස 394 වගන්තිය යටතේ නිතිපති උපදෙස් ප්‍රකාරව නුගේගොඩ ම/උ 22179/23 යටතේ නඩු පවරා වරද පිළි ගැනීමෙන් පසු 2024.03.01 වන අද දින දඩුවම් නියම කරන ලදි.

දඩුවම – වසර 1 ක බරපතල වැඩ සහිත සිරදඩුවම් අවුරුදු 5කට අත්හිටුවන ලදි. දඩය මුදලින් 1500/- දඩය නොගෙවන්නේ නම් මාසයක බරපතල වැඩ සහිත සිරදඩුවම්.

– Repoter

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress