මහ බැංකුව හැම ආණ්ඩුවක් සමග එක්වී නීති විරෝධී වැඩ කලා.
Posted on March 3rd, 2024
උපුටා ගැන්ම ලංකා සී නිව්ස්
මහබැංකුව වර්තමානයේ රට පත්ව ඇති ආර්ථික අර්බුධය සඳහා සෘජුව වගකිව යුතු බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ශ්‍රී ලංකා මහබැංකුව බලයට පත් සෑම ආණ්ඩුවක් සමඟම එක්ව නීති විරෝධී ක්‍රියා රැසක නිරත වූ බව අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවට පැවරී ඇති මුදල් බලයට පවා එරෙහිව සහ පටහැනිව වර්තමාන මහබැංකු අධිපතිවරයා පවා අවස්ථා කිහිපයකදී හිතුවක්කාරී ලෙස කටයුතු කර ඇති බවද කිරිඇල්ල මහතා සඳහන් කරයි.
මහබැංකු සේවකයින් විසින් පුද්ගලික ලෙස තම වැටුප් ඉහළ නංවා ගැනීමට අවස්ථාවාදීව සහ නීති විරෝධීව කටයුතු කර ඇති බවටත් ඔහු එහිදී චෝදනා කරයි.