සජබය මාලිමාවට වඩා ඉදිරියෙන්… ජනපතිවරණ අලුත්ම සමීක්ෂණ වාර්තාවක් එළියට
Posted on March 18th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රකට මත විමසුම් ආයතනයක් විසින් සිදුකරන ලද සමීක්ෂණ වාර්තාවක් පසුගිය සඳුදා දිනයේදී නිකුත් වී ඇති බව වාර්තා වේ.

මෙම මත විමසුම සිදුකළ ආයතනය මෙරට ආණ්ඩු පක්ෂ – විපක්ෂ සියලුම දේශපාලන කඳවුරු මෙන්ම තානාපති කාර්යාල පවා පිළිගන්නා, ජාත්‍යන්තර කීර්තියට පත් ආයතනයක් බවත් ඔවුන් පසුගිය දශක දෙකක කාලය පුරා මෙරට දේශපාලනය සම්බන්ධයෙන් මත විමසුම් සිදුකර ඇති අතර ඒ සෑම අවස්ථාවකදීම ඉතා නිවැරදි තොරතුරු අනාවරණය කළ ආයතනයක් වශයෙන් සැලකෙන බවත් සඳහන් ය.

එම සමීක්ෂණයට අනුව මේ වනවිට ඉදිරියෙන්ම සිටින්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය යි.

සමගි ජන බලවේගය – 39%

ජාතික ජන බලවේගය – 20%

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 09%

එක්සත් ජාතික පක්ෂය – 5%

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – 5%

කෙසේවෙතත් මෙම සමීක්ෂණය උතුරු පළාත සහ නැගෙනහිර පළාත හැර අනෙකුත් පළාත් 07 පමණක් පාදක කරගනිමින් සිදුකර ඇති බවත් වාර්තා වෙයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress