ජනතාව බෙදා වෙන් කිරීමේ ඊළාම්වාදී සැලැස්ම කරළියට?… විමල් ජාතිවාදීන්ගේ රෙදි ගලවයි! (වීඩියෝ)
Posted on March 19th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

ක්‍රි.ව 2-3 තරම් ඉතිහාසයට දිවයන වව්නියාවේ වඩුනාගල ඓතිහාසික සිද්ධස්ථානය බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථානයක් බවත්, මෙම ස්ථානයේ ශිව පූජා පවැත්වීම සම්බන්ධයෙන් අධිකරණය විසින් නියෝගයක්ද ලබාදී ඇත්තේ සවස 6.00 දක්වා පමණක් පූජා පැවැත්විය හැකි ලෙස පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ මෙම ස්ථානයේ ශිව පූජා පැවැත්වීමට ගිය පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදැයි කියන සිද්ධියක් පදනම් කරගෙන අද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු සභා ගර්භය මැදට පැමිණ උද්ඝෝෂණයක නිරත වීම පාදක කර ගිනිමිනි.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් මේ උත්සාහ දරන්නේ මෙම කාරණය දඩමීමාකර ගනිමින් අනවශ්‍ය ආගමික ගැටුමක් නිර්මාණය කරමින් ළඟ එන මැතිවරණයේ දී ජාතිවාදී, ආගම්වාදී ලෙස ඡන්ද ගොඩ වැඩිකරගැනීමට බවද ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.

වීඩියෝව නරඹන්න…https://www.facebook.com/plugins/video.php?height=476&href=https%3A%2F%2Fwww.facebook.com%2FWimalWeerawansa.sl%2Fvideos%2F1094619175122964%2F&show_text=false&width=476&t=0

2024-03-19

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress