ඇමති වූ ගුරු මහින්ද ඉෂ්ඨ කරන්නේ තැපැල් ඡන්දයෙන් මාළිමාව දිනවූ ටියුෂන් ගුරුන්ගේ අවශ්‍යතාවයද?
Posted on December 25th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

පසුගිය දා බස්නාහිර පළාතේ ගුරුවරුන්ට සිය පාසල තුළ දරුවන්ට ටියුෂන් පැවැත්වීම තහනම් කරන චක්‍රලේඛයක් අග්‍රාමාත්‍ය අධ්‍යාපන ඇමති හරිනි අමරසූරියගේ යටතේ පවතින බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන්  නිකුත් කරනු ලැබීය.

කෙසේ වුවද වර්තමාන මාලිමා ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ ඊයේ (24) මාධ්‍යයට අදහස් ප්‍රකාශ කරමින් පවසා සිටියේ  ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට නිලධාරීන් විසින් හිතාමතා ගෙන ඇති පාසල තුළ දරුවන්ට ටියුෂන් පැවැත්වීම තහනම් කරන චක්‍රලේඛය ආපසු හැරවීමට තමා මැදිහත් වී කටයුතු කළ බවයි.

දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට අධ්‍යාපනය යනු ඉගිල්ලෙනට තිබෙන අත්තටු වලට සමාන බව පවසන ඇතැම් පිරිස් සුවහසක් දරුවන්ට අත් තටු ලැබීමට ඇති නිදහස් අධ්‍යාපනය තහවුරු කිරීම මේ ආණ්ඩුවේ අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්තිය විය යුතු බව අවධාරණය  කරති. ඒ අනුව මහින්ද ජයසිංහ මැදිහත් වී ආපසු හරවා ඇත්තේ නිදහස් අධ්‍යාපනය පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය යැයි ඔවුහු අවධාරණය කරති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන තවත් පිරිසකගේ අදහස වන්නේ ටියුෂන් ආපසු හැරවීමට අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස හරිනි අමරසූරියගේ අමාත්‍යාංශය ගෙන ඇති මෙම තීරණය මේ රටේ කිසිම ආණ්ඩුවක් නොගත් සෘජු තීරණයක්  බවයි. 

හරිනි-මහින්ද අතර හටගත් සීතල යුද්ධය සම්බන්ධයෙන් අධ්‍යනයක යෙදුනු ලංකා ලීඩර් පුවත් වෙබ් අඩවියට පැහැදිලි වූයේ මහින්ද අවධාරණය කරන බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ අමාත්‍ය හරිනිට ද හොර රහසේ හිතුමතේය යන්න විය නොහැක්කක් බවයි.

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ රාජ්‍ය සේවයේ යෙදෙන විශේෂ්ඥ වෛද්‍යවරයෙකු පවසා සිටියේ, රජයේ පාසල් වල ගුරුවරුන්ට අනුව යමින් රජයේ වෛද්‍යවරුන් රෝහල තුල දීම මුදල් ගෙන රෝගීන්ට වෙදකම් කිරීමටද ඉඩ කඩ ගොඩ නැගෙන බවයි.

අප වෙත අදහස් දැක්වූ සියලු දෙනා පාහේ පවසා සිටියේ මහින්ද ජයසිංහලා අමාත්‍ය හරිනි නිකුත් කළ බස්නාහිර පළාතේ ගුරුවරුන්ට සිය පාසල තුළ දරුවන්ට ටියුෂන් පැවැත්වීම තහනම් කරන චක්‍රලේඛය ආපස්සට හැරවීමෙන් හොඳම දේ දරුවන්ට නොව තැපැල් ඡන්දයෙන් මාළිමාවේ දෑත් ශක්තිමත් කළ ගුරුවන්ටය යන්න තහවුරු වන බවයි.

ඒ අනුව මහින්ද ජයසිංහලා මැදිහත් වී ඉඩ දී ඇත්තේ අතලොස්සක් වූ මාළිමාවේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටින ගුරුවරුන් පිරිසකට බව පැවසූ එම විශේෂඥ වෛද්‍යවරයා මහින්දලා සමස්ථ ගුරු පරපුරම අප කීර්තියට පත් කළ බවද අවධාරණය කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress