මැ. කො. ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෝෂයක් නිවැරදි කිරීමට ඉල්ලා ඇති හෙයින් තවදුරටත් ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යොදා ගැනීම වළක්වන ලෙස නීතිපතිගෙන් / නීතීඥ සංගම් සභාපතිගෙන් ඉල්ලයි….
Posted on August 19th, 2025
මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන
ජනාධිපති ධූරයේ සහ පාර්ලිමේන්තුවේ කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) වගන්තියේ ඇති කාරණයක් ඉංග්‍රීසි පරිවර්තනයේ (83 B) වැරදි ආකාරයට සටහන්වී ඇති හෙයින් ජනාධිපතිවරයා වහා දැනුවත් කර එම වරද නිවැරදි කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යවමින් දැනුම්දී ඇති බව” 2025.08.18 දින ලංකාදීප පුවත්පතේ මුල් පිටුව මගින් වාර්තා කර ඇති බව නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා නීතිපතිවරයාට සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති වෙත අවධානයට යොමු කර ඇත.
ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තවත් දෝෂ පවතින හෙයින් ඔවුන් යටතේ සිටින නීතීඥවරුන් සහ තැනැත්තන් තව දුරටත් දෝෂ සහිත ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාව තුළ නෛතික කටයුතු වලදී යොදා ගැනීමෙන් වළක්වන ලෙසත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවන උපලේඛනය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කිරීමේ යුතුකම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා නීතිපතිවරයාට සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති වෙතද දැනුම් දී ඇත.
http://neethiyalk.blogspot.com/2025/08/blog-post.html?m=1
මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394
(2025.08.20)