සිංහල මුල 3——-”’ජාතිය පාවාදීම ” නම් වූ මගේ පොත ඇසුරෙන්
Posted on September 29th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

සිංහල අටුවා ලියවුනේ ක්‍රි පු තුන්වන සියවසේ පමණය මේ සිංහල අටුවා 12 සියවස වනතෙක් තිබු බව පොළොන්නරු යුගයේ සාරීපුත්ත ටීකාචාරීන්ගේ ග්‍රන්ථ වලින් පෙනේ මේ අටුවා ලියු සිංහල භාෂාව හෙලබස හා එළු බස නමින්ද හැඳින්වේ දම්පියා අටුවා ගැටපදයේ සිංහල ජනතාවද ”හෙලු ” නමින් හඳුන්වා ඇත .සියවස් හතක් පමණ සිංහල ජනතාවට බුදුදහම ගැන දැනුම ලබාදුන්නේ හෙළ අටුවා ය අතිශයින් ගැඹුරු දර්ශනයක් වූ බුදු දහම තෙර…ු කරදීමට තරම් පොහොනාවූ භාෂාවක් එකල සිංහල ද්වීපයේ තිබු බව මෙයින් පෙනේ එය නම් සිංහල භාෂාවය . මිහිඳු හිමියන් විසින් එදා බුදු දහමට අර්ථ කතන සපයන ලද්දේ එදා පවතී සිංහල භාෂාවෙනි .මේ භාෂාව මේ රටේ ඊට ඉහත සිටම හැදී වැදී ආ භාෂාවකි ..
මේ භාෂාව මහින්දා ගමනයට සියවස් පහකට පෙරත් භාවිතා වී ඇති බව අනුරපුර ඇතුළු නුවරට අයත් ප්‍රදේශවල ශිරාන් දැරණියගල විසින් කල කැනීම් වලින් හෙළිවී අතය් කියවේ ..ක්‍රි පුරවා 8 වන සියවසට අයත් වලං කැබැල්ලක තිබු අකුරු දෙවනපෑතිස් සමයේ අකුරුවලට සමානය . දේවානම් පියතිස්සගේ සොයුරු උත්තිය රජු විසින් මිහින්තලේ කන්ඨක චේතිය ප්‍රදේශයේ ලියවන ලද සෙල්ලිපියක මේ සිංහල ප්රාකෘතය දැක්වේ ”””””ගමනි උති දෙවන පිය මහා රජහ ඥය ශුමන දෙවිය ලෙනේ අගත අනගත චතු දිශ ශගස ”””…
මේ භාෂාවෙන්ම තවත් සියවස් 5 ක් පමණ ලියා ඇත .එවන් ලිපි දිවයිනේ සතර දික් භාගයේම ඇත .මෙයින් පෙනී යන්නේ රටේ අස්සක් මුල්ලක් නාරම එකම භාෂාවක් භාවිතා වූ බවය්
එය සිංහල භාශාවය්
මේදක්වා හමුවී ලේඛන ගතකල සෙල්ලිපි 3000 ඉක්මවය් වැළලී ගිය විනාශවී ගිය ඒවා කොතෙක් වේද ? බෙල් මහතා විසින් 1911 පාලන වාර්තාවේ දැක්වූ සෙල්ලිපි සිය ගණනක් දැන් අස්තානගතය උතුරේ දෙමල බෙදුම් වාදීන් විසින් හා මුස්ලිම් වරුන් විසින් පැරණි සෙල්ලිපි සියගනින් විනාශ කරන බව දන්නා සිංහලයින් කීදෙනෙක් ඇද්ද . ක්‍රි පු යුගයට අයත් සෙල්ලී පි1276ක් පරණවිතාන මහතා විසින් සටහන් කර ඇත . තල්පත් ලිපි කෙතරම් තිබෙන්නට ඇත්ද
එකල භාවිතාවූ භාෂාව ”සීහල භාසා ” ලෙස දැක්වේ ”එත්ථ සීහල භාසං භිත්වා ””යනුවෙන් වන්සත්තප්පකාසිනියේද මනෝරත පුරනියේ සීහල භාසා ලෙසද දැක්වේ ”’සීහල භාසා නමස්කාර වන්නනා ””නම්වූ පොය්හේ නමින්ම සීහල භාසා යනුවෙන් දැක්වේ මෙය මුළු දිවයිනේම භාෂාව විය එනිසාම එය ”’දීප භාසා ”’ නමින්ද හැඳින් විනි උදාහරණ –1 -”දීප භාසාය සන්ටිතා ,,,ධම්ම පදට්ට කතා — 2මහාවංශය -”ධම්මං භාසිත්වා දීප භාසාය එවං ””3 අථ්ථසාලිනි –”’
-දීපවාසීනං භාසාය ”’
5 වන කාශ්‍යප රජතුමා ලියු දම්පියා අටුවා ගැට පදයෙහි ”දීපභාසා ” යන්නෙහි එකම තේරුම සිංහල බස බවත් මේ දීපවාසීන් සිංහල බවත් විස්තර කොට කියය්
යක්ෂ නාග ආදීන්ගේ භාෂාවත් ආර්ය යන්ගේ භාෂාවත් එකතුවී මෙරටේ භාෂාව වර්ධනයවිය . ඇපය, ඔලුව, කකුල, කට ,කලව , කුල්ල ,තොල පැදුර , ,පොත්ත ,බඩ , ළිඳ ,ලිප , විලුඹ , ආදී වචන යක්ෂ නාග ජනතාවගේ භාෂාවේ වචන වියහැකි බවත් මේවා කිසිදු ආර්ය හෝ වෙනත් අනාර්ය භාෂාවක හෝ නැති වචන බව මහාචාර්ය හෙට්ටිආරච්චි මහතා විසින් ලංකා විශ්ව විද්‍යාල ඉතිහාසයේ දක්වා ඇත .
ඉහතකී කරුණු අනුව මුළු ජාතියම සිංහල නමින් හැඳින්වූ බවත් ඔවුන්ගේ භාෂාව සිංහල බවත් සිංහල යන් වාසය කල මේ දිවයින සිංහලද්වීපය බවත් පෙනී යය්
මතු සම්බන්ධයසිංහල මුල 3——-”’ජාතිය පාවාදීම ” නම් වූ මගේ පොත ඇසුරෙන්

මතු සම්බන්ධය

Leave a Reply

You must be logged in to post a comment.

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress