එක් දින පළාත් පාලන මැතිවරණ ‘මිත්‍යාවකි‘.  නෛතික බාධාවක් නොමැති පළාත් පාලන ආයතන 93 හි ඡන්ද විමසීම පැවැත්විය යුතුය.
Posted on November 25th, 2017

පුවත්පත් නිවේදනය විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

 

ඡන්දය කල් දමා ගැනීමේ දේශපාලන අරමුණ ඇති පෙත්සම්කරුවන් හරහා අධිකරණය මගින් ඡන්දය කල් දමා ගැනීමේ ගිලටීනයට හසුව නැති පළාත් පාලන ආයතන 93 ක ඡන්දය විමසීම සදහා මැතිවරණ කොමිසම කටයුතු කළ යුතු බව කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය පාදක කොට ගෙන පළාත් පාලන ආයතන 93 ක ඡන්ද විමසීම පැවැත්විය හැකිය.  ඒ සදහා ඡන්ද විමසීම නිවේදනය කිරීමේ ගැසට් පත්‍ර‍ය ප්‍ර‍කාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට බාධාවක් නැත.   ඡන්ද සිතියම අකුලා දැමීමේ කුමන්ත්‍ර‍ණය පරාජය කළ හැක්කේ මෙම ආයතනයන් සදහා නාම යෝජනා කැදවීම මගිනි.

එකම දිනකට ඡන්ද පැවැත්වීමේ මිත්‍යාව

සමානුපාතික ක්‍ර‍මය යටතේ ලංකාවේ පළාත් පාලන ඡන්ද  විමසීම් කිසිදු අවස්ථාවක ඉතිහාසයේ එකම දිනක පවත්වා නැත.  1991 මැයි 11 ඡන්දය පැවතියේ පළාත් පාලන ආයතන 237 කට පමණී.  මඩකලපුව,අම්පාර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක හා වව්නියා නගර සභා මැතිවරණය පැවතියේ 1994 ජනවාරි 13 දිනයි.

1997 චන්ද්‍රිකා කුමාරතුංග රජය යටතේ ද ලංකාවේ එකම අවස්ථාවක  ඡන්දය පැවැත්වූයේ නැත.  යාපනය හා පච්චිලපලෛයි ඡන්දය පැවතියේ 1998 දී ය.  2002 පෙබරවාරි හා මැයි වට දෙකකින් එදා තුන්වන පළාත් පාලන මැතිවරණ වටය පැවැත්විණි.   2006 පළාත් පාලන ඡන්දය 2006 මාර්තු හා මැයි වට දෙකකින් පැවුත්වුණි.  2011 මහින්ද රාජපක්ෂ රජය විසින් පෙබරවාරි, ජූලි සහ ඔක්තෝබර් ලෙස වට තුනකින් ඡන්ද විමසීම පවත්වා ඇත.

ශ්‍රීලනිපයේ ආධාරකරුවන් විසින් ඉදිරිපත් කළ අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ගේ අනුදැනුම සහිතව සිදු කළ බවට විශ්වාස කරන පෙත්සම මගින් පලාත් පාලන ආයතන 203 ක ඡන්දය පැවැත්වීම අභියාචනාධිකරණය මගින් මේ වන විට තහනමට ලක් කොට ඇත.  නමුත්, නඩු නිමිත්ත බවට පත් වූ බහු ආසන ඇත්තේ එයින් 64 ක පමණී.

දෙහිවල ගල්කිස්ස, කැස්බෑව, කෝට්ටේ, මහරගම, හෝමාගම, පෑලියගොඩ, වත්තල මාබෝල, මිනුවන්ගොඩ, ජා ඇල හා බියගම ඇතුළු පලාත් පාලන ආයතන 93 ක ට මැතිවරණ කොමිෂන් සභාව විසින් ඡන්ද විමසීම සදහා නියෝග නිකුත් කිරීමේ නෛතික බාධාවක් මේ වන විට නොමැත.

කීර්ති තෙන්කෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

2017 නොවැම්බර් 25

3 Responses to “එක් දින පළාත් පාලන මැතිවරණ ‘මිත්‍යාවකි‘.  නෛතික බාධාවක් නොමැති පළාත් පාලන ආයතන 93 හි ඡන්ද විමසීම පැවැත්විය යුතුය.”

  1. Senerath Says:

    Don’t agree with this. There will be a huge time saving, if not money saving by holding all elections on the same day. Even dreaded Pallath Sabha ( until these are scrapped) shall alos be held on the same day to save resources usage , time and money.
    Problem is trying to change boundaries to suit minority demands to curb Sinhala people being elected naturaly. These unnatural action shall not be allowed to proceed. It is much more important than holding supid elections which invariably give jobs to many more crooks.

  2. Dilrook Says:

    I disagree.

    All LG elections must be held on a single day. All PC elections must also be held on a single day. That can save money and minimise disruptions to public life.

    However, postponing LG or PC elections to the end of the last LG or PC body is not acceptable. Dissolve those.

  3. Ratanapala Says:

    Holding elections at different times enables the electorate to show their pleasure or displeasure on how a government is run. The governing political party may have a slight edge but the opportunity for the electorate to show how they feel is just as important in a democracy.

    I just want to show one advantage in having elections at different times. Just passing thoughts!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress