ලොග් සටහන්’ මානව හිමිකම් කොමිෂන් සභාවට
Posted on January 28th, 2018

මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය 

ආණ්ඩුකාරවරයා විනය ක්‍රියා මාර්ග නොගන්නේ නම් අපරාධ චෝදනා පැමිණිලි ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා – කීර්ති තෙන්නකෝන්

පළාත් අධ්‍යාපන ලේකම්තුමිය මා ඇගේ කාර්යාලයට කැදවා ‘මහ ඇමති චාමර මාව දැණ ගැස්සවූ බවට වන මාධ්‍ය වාර්තා වැරදි’ යැයි කියා ප්‍ර‍කාශයක් දෙන්න අණ කළා.

ඌව පළාත් සභාව, අධ්‍යාපන අමාත්‍යාංශය, හා ස්වාධීන මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටිමින් පළාත් සභාවේ මාධ්‍ය ඒකකය විසින් විදුහල්පතිනිය දණගැස්සවීමේ සම්බන්ධ සිදුවීම වසා ගැනීමට දරණ උත්සාහය පිළිබද ලිඛිත හා විද්‍යුත් සාක්ෂි 40 කට වැඩි ප්‍ර‍මාණයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිදු කළ විමර්ශනයේ දී  සාක්ෂි ලෙස ඉදිරිපත් වූ බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

බැනවැදී තර්ජයන කරමින් විදුහල්පතිනිය දණ ගැස්සවීම සදහා ඌව පළාත් මහ ඇමතිවරයා වෙත දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනිය යොමු කිරීම, තමන් දණ ගැස්සවීම පිළිබද ජනමාධ්‍ය වෙත ප්‍ර‍කාශ ලබාදීමට රාජ්‍ය නිලධාරීන් හා නිදහස් මාධ්‍යවේදීන් යැයි කියාගන්නා පළාත් සභාවේ වැටුප් ලබන පුද්ගලයින් සිදු කළ බලපෑම් පිළිබද ලිඛිත හා වාචික සාක්ෂි මේ වන විට හෙළිදරව් වී තිබේ. 

මහ ඇමතිවරයා දේශපාලන හා පොලිස් බලය යොදා ඇප ලබා ඇත.  රාජ්‍ය නිලධාරීන් ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව හරහා අවම වශයෙන් වැඩ තහනමකට හෝ ලක් නොවී එම තනතුරු දරමින් මෙම සිද්ධියේ පරීක්ෂණ යට ගැසීමේ උත්සාහයක නිරත වෙයි.  මේ වන විටත් ඌව පළාත් සභාවේ, ප්‍ර‍ධාන අමාත්‍ය නිල නිවසේ, පලාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඇසුරේ සිදුවීම්වලට අදාළ CCTV   දර්ශන මකා දමා ඇත.

මෙම සිදුවීම ඌව පළාත් සභාව පවත්වාගෙන යා නොහැකි තත්වයකට පත් කොට ඇත.  දැනට අවස්ථා දෙකක දී සභා වාර කඩාකප්පල් විය.  දෙමාපියන්, රාජ්‍ය සේවකයින්, ගුරුවරුන්, දෙමළ ප්‍ර‍ජාව දින 6 ක් විරෝධතා දක්වා ඇත. සමස්ථ මධ්‍යම පළාතේ ගුරුවරුන්, විදුහල්පතිවරුන්, වතු කම්කරු ප්‍ර‍ජාව ඉදිරි දින 2 තුල දැවැන්ත විරෝධතා ව්‍යාපාර සංවිධානය කොට ඇත. ලංකා අධ්‍යාපන කේෂ්ත්‍රයේ සිදුවූ අපකීර්තිමත්ම සිදුවීමක් බවට මෙය පත්ව ඇත. නමුත්, මේ දක්වාම සිදුවීමට සෘජුව සම්බන්ධ එකම රාජ්‍ය නිලධාරියෙකුට එරෙහිව හෝ කටයුතු කිරීම ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවත්, ගරු ආණ්ඩුකාරවරයාත් අසමත්ව ඇත.

2018 ජනවාරි 31 දිනට පෙර විදුහල්පතිනිය දණ ගැස්සවීමේ සිද්ධියට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට ඌව පළාත් ආණ්ඩුකාරවරයා සහ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව අසමත් වන්නේ නම් සිද්ධිය අපරාධමය චෝදනාවක් ලෙස සලකා කටයුතු කිරීමට කැෆේ සංවිධානය කටයුතු කරන බව එම සංවිධානය ඌව පළාත් ආණ්ඩුකාරවයා වෙත දන්වා ඇත.

මාධ්‍ය ඒකකය

කැෆේ සංවිධානය                                             2018 ජනවාරි 28

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress