ජාතික හෙල උරුමය – කොයිබටද?
Posted on December 7th, 2014

එස්. අකුරුගොඩ

අළුත්ම පුවත් වාර්තාවන්ට අනුව ජාතික හෙල උරුමය රජය සමඟ පැවැත්වූ සාකච්ඡාවන් අත්හැර දමා ඔවුන්ගේ යෝජනාවලිය සම්බන්ධයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිචාරයන්ට අවනත වී පොදු අපේක්ෂකයාට සහාය දැක්වීමට තීරණය කර ඇත.

ජාතික හෙල උරුමය හා මෛත්‍රිපාල සිරිසේන මහතා අතර පැවැති සාච්ඡා වල ප්‍රතිඵලය පැහැදිලිය. මුල සිටම මේ දෙපාර්ශ්වය විසින්ම ගෙන ආ යෝජනාවලිය සමානත්වයක් දරනු ලැබුවේ යයි කිව හැකි වන්නේ බටහිර බලවේග විසින් මෙහෙයවනු ලැබූ ඊනියා යෝජනාවලියෙන් බලාපොරොත්තු වූයේ දීර්ඝ කාලයක් ති‍ස්සේ අර අඳිමින් සිටි මහින්ද රාජපක්ෂ රජය බලයෙන් පහකොට බටහිර ගැතී රූකඩ පාලකයෙක් මෙහි බලයට ගෙන ඒමේ උත්සාහයම නොවන්නේද?

1956 සිට එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් නායකත්වය දෙනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1994 දක්වා මෙරට සිංහල බෞද්ධ බහුතර ජනතාවගේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලෙස පැවැතින. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නායකත්වයට පත්වීමත් සමඟම මේ තත්වය අතිවිශාල වෙනසකට භාජනය විය. ප්‍රධාන දේශපාලන ධාරාවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂයද, ප්‍රතිපත්තිමය වශයෙන් වෙනසක් නොමැතිව එල්.ටී.ටීය විනාශ කරනු වෙනුවට බලය බෙදා ගැනීමේ ක්‍රමවේදයක් අනුගමණය කළ බව රහසක් නොවේ.

පරපුරෙන් පරපුරට රැකගෙන ආ මෙරට සිංහල බෞද්ධ බහුතර ජනතාවගේ ඉපැරනි ශිෂ්ටාචාරය හා ‍ඓතිහාසික උරුමය රැක ගැනීමේ අභිලාශය ඇතිව 2000දී පමණ සිංහල උරුමය නමින්ද, පසුව ජාතික හෙල උරුමය නමින්ද, හඳුන්වනු ලැබූ දේශපාලන ව්‍යාපාරය 2004 පාර්ලිමේන්තු මැතිවරණයේදී යම් පමණක සාර්ථකත්වයට පත්විය.

රනිල් වික්‍රමසිංහ මහතා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් ත්‍රස්ථවාදීන් සුරතල් කිරීම සඳහා බටහිර ජාතීන් විසින් රටේ අභ්‍යන්තර කටයුතු වලට අත පෙවීමේ ඊනියා සම සභාපතිත්වය” නමැති නව යටත්විජිතවාදීන්ගේ  සාම පහසුකම් සැපයීමේ මුලාවට හසුව කරන ලද උත්සාහයන් ව්‍යර්ථ කිරීමට ජාතික හෙල උරුමය විසින් ගතවූ කාලපරිච්ඡේදය තුළ සැලකියයුතු ප්‍රයත්නයන් දරනු ලැබීය.

ජාතික හෙල උරුමය විසින් ජාතික හා ජාත්‍යන්තර දේශ මාමක බලවේග වල සහාය ඇතිව විධායක ජනාධිපති වරයාට හා ත්‍රිවිධ හමුදාවට ත්‍රස්ථවාදයට එරෙහිව සටන් කොට ජයග්‍රහණය ලබා ගැනීමට සදාචාරාත්මක හා මානවවාදී සහායක් ලබා දුන් බවට සැකයක් නැත. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් එල්.ටී.ටී. සංවිධානය සමඟ අත්සන් කරන ලද කුප්‍රකට සුනාමි සහන හවුල් යාන්ත්‍රණය” යටතේ දස වසරකට උතුරු නැගෙනහිර අන්තර් පාලනයක් ලබාදීමට කළ කුමංත්‍රණය අත්හිටුවීමට මෙන්ම  ඇයගේ විධායක ජනාධිපති තනතුරේ නිල කාලය වසර දෙකකින් කෙටි කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචයක් ඉදිරිපත් කිරීම වැනි කටයුතු වලදී ජාතික හෙල උරුමය විසින් ඉටු කළ මෙහෙය අති විශාලය.

විධායක ජනාධිපතිවරයා මෙහෙයවා රටේ ත්‍රස්ථවාදය මුලිනුපුටා දැමීමේ කර්තව්‍යයේදී ජාතික හෙල උරුමය විසින් වැදගත් කාර්යභාරයක් ඉටු කලා සේම ජාතික වැදගත්කමක් ඇති තීරණාත්මක ගැටළු විසඳීමේදී  ඒකාධිපති බලයක් පාලකයා වෙත තිබිය යුතු බව හෙල උරුමය විසින් ප්‍රකාශ කළ අවස්ථාවක් ගැන මතකයේ පවතී.

කෙසේ නමුත් කාලයත් සමඟ බොහෝ දේ වෙනස් වෙමින් පවතී. 2010දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය පහසුවෙන් දිනා ගන්නා ලදි.  එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් පාර්ලිමේන්තුවේ ආසන 144ක් දිනා ගන්නා විට බස්නාහිර පළාතට පමණක් සීමාවූ ආසන දෙකක් පමණක් දිනා ගැනීමට ජාතික හෙල උරුමයට හැකි විය. එනිසා පාලක සභාගය තුළ හෙල උරුමය පක්ෂයට කේවෙල් කිරීමේ ශක්තිය බොහෝදුරට සීමා විය. බෞද්ධයින් බලහත්කාරයෙන් වෙනත් ආගම් වලට හැරවීම වැලැක්වීමේ පණත මෙන්ම 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම වැනි ජාතික හෙල උරුමයේ ප්‍රමුඛ යෝජනා ක්‍රියාවට නැංවීමට ප්‍රමාණවත් සහායක් රජයෙන් ලබා ගත නොහැකි වීම නිසා ඔවුන් තුළ කළකිරීම වැඩි වෙමින් පැවැතින.

අතුරලියේ රථන හිමියන් වසර කිහිපයකට ඉහතදී ඔස්ට්‍රේලියාවට පැමිණි අවස්ථාවේ අප හිතවතෙකුගේ නිවසේදී පැවැති සාකච්ඡාවකදී පළ කළ අදහස් අනුව ඔහු ජනාධිපතිවරයා හමුවීමට ගොස් පුද්ගලික කරුණ කිහිපයක් ගැන  සාකච්ඡා කිරීමට උත්සාහ කළද  එයට හොඳ ප්‍රතිදාරයක් නොලැබුන නිසා තමා කළකිරීම පත්ව සිටි බව අප සමග ප්‍රකාශ කළ ආකාරය ම‍ඟේ මතකයේ පවතී. එසේම ඊට පසු අවස්ථාවක අප හිතවතුන් පිරිසක් අනාගතයේදී කවර පියවරක් ගන්නේදැයි සාකච්ඡා කර රතන හිමියන් සමඟ ස්කයිප් සංවාදයක් පැවැත්විය යුතු යයි සැලසුම් කළද පසුව එම අදහස අත්හැර දමන්නට සිදු විය. යුද්ධයෙන් පසුව යුද විරෝධී ෆෙඩෙරල්වාදීන් යයි කියාගන්නා බලවේග වල ගොදුරක් වීමට ඉ‍ඩනොදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කරමින් මහින්ද චින්තන වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කර දේශය ගොඩ නැඟීමට ඔහු රැක ගත යුතු ජාතික නායකයෙකු බව අප කණ්ඩායමේ බලවත් උවමනාව විය.

තවද, අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් මගින් හෙල උරුමය පක්ෂයේ විදුලි හා බලශක්ති අමාත්‍ය ධූරයෙන් පාටලී චම්පික රණවක මහතා ඉවත් කර තාක්ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්ති ඇමති ධූරයට පත්කිරීමද, තවදුරටත් මෙම පක්ෂයේ කළකිරීම වැඩි වන්නට හේතුවක් විය. මේ නිසා ජනාධිපතිවරයා සහ හෙල උරුමය අතර ගැටුම කලක සිට පැවතෙන්නක් ලෙස පෙනීයයි.

ඓතිහාසික වශයෙන් අවස්ථාවාදීන් හා කුමංත්‍රණකරුවන්, විශේෂයෙන් හොඳින් දන්නා හඳුනන පුද්ගලයින් හා හිතවත් භික්ෂුන් වහන්සේලා මඟින් මෙම කළකිරීම ඔවුන්ගේ වාසියට හරවා ගත් බව රහසක් නොවේ. මෙවැනි කළකිරීමක් ප්‍රයෝජනයට ගෙන 1964දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට එරෙහිව සී.පී.ද සිල්වා මහතා මෙහෙයවාගෙන රජය පෙරලා දැමූ ආකාරය අප මතකයේ ඇත. 1956 එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා බලයට ගෙන ඒමට කැළණිය විහාරස්ථානයේ නායක හිමියන් එදා විශාල කැපවීමක් කළ අතර පසුව සෝමාරාම නැමති වෙනත් භික්ෂුවක් යොදාගෙන පෞද්ගලික අපේක්ෂාවන් මත අගමැති බණ්ඩාරණායක මහතා විනාශ කළ ආකාරය අප මතකයේ පවතී. එවකට කුඩා වියේ සිටියෙකු ලෙස මෙම හදිසි මරණයෙන් පසු බුද්ධරක්ඛිත හිමියන් ගුවන්විදුලියෙන් අසන්නන්ගේ නෙතට කඳුළු එක් කරමින් කළ ශෝක ප්‍රකාශය අද වගේ මගේ මතකයේ ඇත.  දැනටත් එවැනිම චරිත රඟදක්වන පිරිස් අප හමුවේ නැත්තේ නොවේ. එසේම හිටපු හමුදාපතිවරයා සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අතර පැවති අභ්‍යන්තර ගැටුම ප්‍රයෝජනයට ගත් විදේශ කුමංත්‍රණකරුවන් විසින් පසුගිය ජනාධිපතිවරණයේදී රාජ්‍ය පාලනයේ වෙනසක් (regime change) ඇතිකිරීමට එය අවස්ථාවක් කරගත් ආකාරය   අපට අමතන නැත.  

ඇමරිකා එක්සත් ජනපදය විසින් 2013දී මෛත්‍රිපාල සිරිසේන මහතා අනාගත නායකත්ව ලේඛණයට ඇතුළත් කළ ආකාරය 2014 නොවැම්බර් 26 දාතම ඒසියන් ට්‍රිබියුන්” සඟරාව මඟින් අනාවරණය කර ඇත. ඒ අනුව සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාල සිරිසේන මහතා හාවර්ඩ් සෞඛ්‍ය නායකත්ව සම්මානය (Harvard Health Leadership Award for 2013) සඳහා නාමයෝජනා කර ඇතිතේ ශ්‍රී ලංකාවේ යූඑස්ඒඩ් (USAID) සහ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින්  වොෂින්ටනයේ අනුමැතිය ඇතිව අනාගත නායකයා” ලෙස කළ හඳුනාගැනීමකට අනුවය.

 ඇමරිකන් තානාපති කාර්යාලයට සමීපව කටයුතු කරන බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අනාගත නායකත්වය ඇති පුද්ගලයින් හඳුනාගනු ලබන්නේ, ඉතා සූක්ෂම අයුරින් පවත්නා දේශපාලන වටපිටාව තුළ සිදු කරනු ලබන ආකල්පමය, චින්තනමය වෙනසක් හා අදාල තැනැත්තා ඇමරිකන් අවශ්‍යතා කෙරෙහි කොතෙක් දුරට ප්‍රයෝජනවත් පරිදි යොදාගත හැකි වන්නේදැයි අධ්‍යයනය කිරීම මගින්. වොෂිංන්ටන් රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ ක්‍රමවේදය තුළ බෙහෙවින් දැනුවත්ව සිටින අතර මෙම ලැයිස්තුවට ඇතුළත් කරන අයට ඒ බව හොඳින් දැනුවත් කරනු ලැබේ. කොළඹ ඇමරිකන් තානාපති කාර්යාලය හා USAID නිලධාරීන් විසින් විවිධ ශිල්ප ක්‍රම මෙම තේරීම සඳහා උපයෝගී කරනු ලබයි. මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු මෙම අන්තර්ජාල වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. http://www.asiantribune.com/node/85935

මෙලෙස ඊනියා පොදු අපේක්ෂකයා තෝරා ගත්තේ කසේද? කුමකටද? යන කරුණු බටහිරයන් විසින් කාලයක් තිස්සේ රනිල් වික්‍රමසිංහ මහතා බලයට ගෙන ඒම සඳහා සිදුකළ ජාත්‍යන්තර කුමංත්‍රණයේ පියවරයන් බව කාටත් පැහැදිළි වනු ඇත.

තවත් මාධ්‍ය වාර්තාවකට අනුව රතන හිමි දැනටමත් එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මූලස්ථානයට ගොස් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට සපථ කර ඇත. මෙයින් පෙනී යන්නේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා තෝරා ගැනීමේ ක්‍රියාමාර්ගයේ බොහෝ පසුබිම් වැඩ රතන හිමි විසින් පසුගිය කාලය තුළ කර ඇති බවයි.  රතන හිමිගේ කාර්ය භාරය ඉතිහාසයේ කුඩාපොල හාමුරුරුවන්ගේ” කාර්ය භාරයට සමාන ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අර්ථ දැක්වීමෙන්ම පෙනී යන්නේ ජාතික හෙල උරුමයේ ඊනියා යෝජනාවලිය ජනතාවගෙන් සත්‍ය වසන් කර අධිරාජ්‍ය වාදීන්ගේ අවසාන ඉලක්කය කරා යාමේ අරමුණින් පිළියෙල කරන ලද්දක් බවය. 

රනිල් වික්‍රමසිංහ මහතා පළපුරුදු පරිණත හා බුද්ධිමත් දේශපාලනඥයෙකු බවට රතන හිමිගේ හැඳින්වීමත්, දෙමළ ජාතික සන්ධානය (TNA) හා මුස්ලිම් කොංග්‍රසය (SLMC) සමඟ වැඩ කිරීම හෙල උරුමය පක්ෂයේ පාටලී චම්පික රණවක මහතාට කිසිම ගැටළුවක් නැතැයි කීමත් පුදුම සහගතය.

දේශපාලනඥයින් වෙත අපේ යම් ගරුත්වයත් ගිබුනේ වී නමුත්, ඔවුන්ගේ යම් පෞද්ගලික අපේක්ෂාවන් ඉටු කර ගනු පිණිස පොදු ජනතාව වෙත තම දේශපාලන උනන්දුව පෙන්වමින් කුමංත්‍රණකාරී ලෙස බලයට ඒමට ගන්නා උත්සාහය දශක තුනකට වැඩි කාලයක් කුරිරු ත්‍රස්ථවාදයකට මුහුණ දී එයින් අප්‍රමාණ පීඩාවකට පත්ව යන්තමින් සහනයක් ලබා සිටින මෙන් මොහොතක සියල්ල අමතක කර ඔවුන්ගේ තාවකාලික උවමනාවන් ඉටු කිරීමට මුළු මහත් ජනතාවම ඉඩ දේද? යන්න සැකසහිතය. අතීතයේ කුමක් කීවත්, කුමක් සිදු කළත් ඔවුන්ගේ මතය හා එකමුතුව බෙදුම්වාදීන්ගේ හා විදේශීය කුමංත්‍රණකරුවන්ගේ කෑදර උවමනාවන් ඉටු කිරීමට මේ මොහොතේ දේශප්‍රේමී ජනතාව ඉඩ නොදෙනු ඇතැයි අප තරයේ විශ්වාස කරමු.

 

6 Responses to “ජාතික හෙල උරුමය – කොයිබටද?”

  1. SenaD Says:

    “බෞද්ධයින් බලහත්කාරයෙන් වෙනත් ආගම් වලට හැරවීම වැලැක්වීමේ පණත මෙන්ම 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම වැනි ජාතික හෙල උරුමයේ ප්‍රමුඛ යෝජනා ක්‍රියාවට නැංවීමට ප්‍රමාණවත් සහායක් රජයෙන් ලබා ගත නොහැකි වීම නිසා ඔවුන් තුළ කළකිරීම වැඩි වෙමින් පැවැතින.”

    Does Hela Urumaya believe that the above will be realised if Mithreepala Sirisena wins the election?

  2. Christie Says:

    Money and power. There are no Sinhala leaders since 1956 until 2005. We should support Mahinda as he is the only one left and India is doing its best to get rid of him. It is India who put him there in the first place and India wants him out now. JHU is another finger of the Indian arm in Sri Lanka.

  3. Christie Says:

    Hi folks there are plenty of Indian colonial parasites and vermin in the West who are powerful and wealthy to steer the West in matters relating to Indian interests. I am sure there are Indians working in the USAID.

  4. Sooriarachi Says:

    JHU is taking a dangerous short sighted path in trying to defeat President Rajapakse which could pave the way for a weak leader to give into separatist forces. One consolation is that Rev Metananda and other original JHU leaders who left the JHU for various reasons, are rallying to counter the misguided JHU campaign and instead support the President to be re-elected, as he has proved to the nation that he is a patriot and engaged in developing the economy and unity of the nation. At this critical moment in the history of the nation, it is more important to focus on unity of the people and also preserve the unitary status of the country, rather than worry about corruption, which could be fixed later.

  5. AnuD Says:

    What is more important . The country or the individual ?

    Are you guys honest to yourselves ?

  6. NeelaMahaYoda Says:

    Whole plot is based on the assumption that parliament majority could be achieved by UNP with minimum of 45 MPs cross over to UNP. Once UNP government majority will be established without SLFP, JVP or JHU support, but with TNA and Muslims, Maithriplala Sirisena’s policies do not matter anymore.

    It will be the policies of UNP that will be prevailing. Then nobody can challenge when UNP implement it’s declared policy of fully implementation of 13A amendment and give North and East police and land power, appointment of the Northern and Eastern province governors as recommended by TNA fraction of the government. You don’t need 2/3 majority for that.

    When My3 wins if everything goes as planned, Sinhala Buddhist SLFP votes will not be sufficient to prevent UNP from implementing 13A fully.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress