විදෙස් මුදල් අත්අඩංගුවට ගැනීමට පෙර දහම්ගේ පෙම්වතිය හා ඇගේ මව මුදල් මිටි දෙකක් රැගෙන ගිහින්
Posted on December 23rd, 2014

Courtesy Rivira

රත්මලානේදී පසුගියදා අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 15ක් වටිනා විදෙස් මුදල් තොගය රහස් ‍පොලිසිය භාරයට ගැනීමට දෙදිනකට පෙරාතුව එනම් දෙසැම්බර් 17 වැනිදා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාගේ පෙම්වතිය හා ඇගේ මව පැමිණ ඉන් මුදල් මිටි දෙකක් රැගෙන ගොස් ඇති බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

මෙම මුදල් තොගය තිබි ඇත්තේ දහම් සිරිසේනගේ පෙම්වතියගේ පියාගේ වැඩිමහල් සහෝදරයාගේ නිවසේය. එය ගෙනැවිත් ඇත්තේ දහම් සිරිසේනගේ පෙම්වතියගේ පියා විසිනි. එසේ ගෙනත් දුන් මුදල් බෑගයෙන් විදෙස් මුදල් මිටි දෙකක් දහම්ගේ පෙම්වතියත් ඇගේ මවත් පැමිණ මෙසේ රැගෙන ගොස් ඇත. එහි කොපමණ මුදලක් තිබුණාද යන්න තවමත් නිශ්චිත නොමැති බව ‍පොලිසිය සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගැනීම සඳහා දහම් සිරිසේනගේ පෙම්වතියත් ඇගේ මව සහ පියාත් රහස් ‍පොලිසිය මගින් සොයමින් සිටියි. එහෙත් ඔවුන් නිවෙස් අතහැර පලාගොස් ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත් ඔවුන් විදෙස් ගත වෙතැයි යන සැකය මත දැනටමත් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළවල් දැනුම්වත් කර ඇති බව රහස් ‍පොලිසිය සඳහන් කරයි.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මොවුන් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත. දැනට ඇ.ඩො. ලක්ෂයේ මුදල් මිටි දෙකක් ස්විස් ෆ්‍රෑන්ක් මිලියනයක් ඇතුළුව මුදල් මිටියක් සොයාගෙන ඇත.

4 Responses to “විදෙස් මුදල් අත්අඩංගුවට ගැනීමට පෙර දහම්ගේ පෙම්වතිය හා ඇගේ මව මුදල් මිටි දෙකක් රැගෙන ගිහින්”

  1. Hiranthe Says:

    Are these news just speculations or real?

    Last time Danuna’s mother had money..

    Why main stream media did not come up with this news?

  2. Christie Says:

    India, Indians, Indian colonial parasites and vermin paid millions to Sarath Fonseka, the game goes on.

  3. Samanthi Says:

    Hello Hiranthe,

    Here’s how main stream media, The island of 25.12.2014 has reprted it!

    ——————————————————————————–

    Govt. asks Sirisena where huge forex stash came from
    December 25, 2014, 8:12 pm

    by Dasun Edirisinghe

    The UPFA yesterday challenged opposition presidential candidate Maithripala Sirisena to reveal from where the huge foreign exchange stash which was recovered by the CID from a relative of his son’s girlfriend had come from.

    Addressing the media at the Sri Lanka Freedom Party head office, Housing, Construction, Engineering Services and Common Amenities Minister Wimal Weerawansa alleged that Swiss francs and US dollars to the tune of Rs. 150 million found by the Criminal Investigations Department acting on a tip-off had been contributed to Sirisena’s campaign by the pro-LTTE diaspora.

    He said at present father of Daham Sirisena’s girlfriend and Daham were absconding.

    “If that money had been brought into the country legally, they should have declared it to the CID,” Weerawansa said.

    He said that though Maithripala Sririsena and UNP leader Ranil Wickremesinghe asked for a police investigation against the agreement revealed by former UNP General Secretary Tissa Attanayake alleging that it was a forged document, but they did not deny the points in the document.

    Weerawansa challenged Sirisena’s camp to deny the agreement which was inimical to national security as it promised to dismantle high security zones and pull out troops from the North.

    “Sirisena did not include a single word about national security, 13th amendment or giving land and police powers to the Northern Provincial Council in his manifesto,” Minister Weerawansa said, adding that his silence proved he had a secret pact with the pro-LTTE Tamil National Alliance.

    Weerawansa said that TNA would announce its support to opposition presidential candidate Maithripala Sirisena within the next two weeks.

  4. Christie Says:

    Sarath Fonseka now Maithree bought with Indian Money.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress