ජනාධිපතිවරණය හා ජොතිෂ්‍යයවේදියා
Posted on December 26th, 2014

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

ජොතිෂ්‍යය යනු අපගේ සංස්කෘතියේ ඇති එක් අංගයකි. අප සෑම සිදුවීමක් සදහාම ජොතිෂ්‍යය හා බද්ධවන්නෝ වෙමු. ඒ අනුව මේ ජනාධිපතිවරණයේදී; ජෝතිෂ්‍යය විසින් සිදුකරන ලද කාර්යභාරයද සුලුපටු නොවේ..ජනාධිපතිවරණ තරග බිම්ට බැස ඇති තරගකරුවන්ගෙන් දිනන්නේ කවුරුදැයි අපි ජෝතිෂ්‍යෙව්දියකුගෙන් ඇසුවොත්; තරග කරුවන් 19 දෙනෙක් සිටියද; ක්ෂණිකවම ඔහු අතට ගන්නේ; ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හා මෛත්රීපාල සිරිසේන මහතාගේ කේන්ද්ර පමණි. ඒ ඇයි? අනික් අයගේ කේන්ද්ර නොබලාම ඔවුන් පරාජිතයින් බව තීරණය කරන සාධකය කුමක්ද? මේ ඉව සාමාන්‍ය පොදු ජනතාවටත් උරුම බැවින් පොදු ජනතාවත් ක්ෂණයකින්ම අසන්නේ ජය ගන්නේ මහින්දද නැත්නම් මෛත්රීද යන පැනයයි. ඒ අනුව මෙය තරගකරුවන් 19 දෙනෙකුගේ තරගයක් නොව; තරගකරුවන් දෙදෙනෙකුගේ තරගයක් බවට ලඝුවෙයි.

දැන් අප සොයන්නේ මේ දෙදෙනාගෙන් කවුද මේ රටේ ජනාධිපතිවරයා වන්නේ කියාය. විවිධ ජෝතිෂ්‍යයවේදීන් විවිධ ආකාරයෙන් මේ තරගය සම්බන්ධව විවිධ මත පල කරයි. අද බොහෝමයක් ජෝතිෂ්‍යය වෙදීන් බෙදුම්වාදීන් බවට පත්ව සිටී. ජෝතිෂ්‍යයවේදීයාට දේශපාලන පක්ෂයක් තිබිය නොහැක.එකම පුද්ගලයා තුල මේ දෙදෙනාටම ජීවත් විය හැකි වුවද; ඔහු ජෝතිෂ්‍යයවෙදය කරන විට ජෝතිෂ්‍යයෙවේදයත්; දේශපාලනය කරන විට දේශපාලයත් වෙන වෙනම සිදුකරන සුපිරිසිදු චරිතයක් විය යුතුය. තමන් එක් දේශපාලන පාර්ශවයක් නියෝජනය කරන තත්වයට පත්ව සිටිමින් ඊට බරව පලාඵල කියන්නෙක් වූවිට; ඔහු නොදැනුවත්වම තමන් තුල ඇති ඒ වටිනා විද්‍යාත්මක ඥාණයෙන් බැහැරවෙන බව මේ පුද්ගලයා අවබෝධ කරගත යුතුය. තමන් අගයන ඒ ඒ දේශපාලඥයන් උදෙසා පලාඵල ගෙතීම තුලින් මේ වටිනා විද්‍යාවද නිකම් හෑල්ලුවට පත්වෙන ශාස්ත්රයක් බවට පත්වේ. දැන් මේ දෙදෙනාගේ කේන්ද්ර බලා බලවත් කේන්ද්රය උරුම අයට අනිවාර්යෙන්ම ජනාධිපතිවරයා වශයෙන් ජයග්රහණය උරුම වෙනවායයි මත පල කිරීම නිවැරදිද යන්න සොයා බැලිය යුතුය.

මෙතන ඇත්තේ දෙදෙනෙකු අතර සිදුවෙන ක්රියාදාමයක් නොවේ. තරගකරුවන් දෙදෙනෙකු හා රට අතර සිදුවෙන ක්රියාදාමයකි. ඒ අනුව තරගකරුවන් දෙදෙනාගේ කේන්ද්රයන්ද රටේ කේනද්රයද ගලපා බැලිය යුතුය. රටේ කේන්ද්රය දුර්වල නම් මහා අභෘග්‍ය සම්පන්න යුගයක් තුලින් ගමන් කරන කාලයක් පෙන්නුම් කරන්නේ නම්; රට පාලනය කිරීම සදහා බලවත් තෙදවත් උපායශීලි; නිර්භය පුද්ගලයකු බලයට පත්විය හැකිද?  සත්‍යය ලෙසම එසේ සිදුවිය නොහැක.

ඒ අනුව රටේ කේන්ද්රය හොදනම් හොද සෞභාග්‍යමත් කාලයක් තුලින් ගලා යාමට තරම් ශූභ දායක කාලයක් උදාව ඇත්නම්; බලවත් ඔද තෙදවත් උපායශීලී නිර්මාණශීලී; කිසිවෙකුටත් බය නැති ප්රඥාවන්ත පුද්ගලයාට බලය උරුම වෙන අතර; රටේ කාලය ඉතා අශූභ නම්ද දුක්ඛදායක කාල වකවානුවක් තුලින් ගමන් කලයුතු යුගයක් පෙන්නුම් කරන්නේ නම් මේ දෙදෙනාගෙන් ජනාධිපතිවරයා වශයෙන් බලය උරුම වන්නේ නිවට දීන අඥාණ පුද්ගලයාටය. මේ අනුව තීරණාත්මක සාධකය වන්නේ මේ රටේ කේන්ද්රයයි.

දැන් අපට ඇති ප්රශ්නය වන්නේ රටේ කේන්ද්රය ලෙස හදුන්වන්නේ කුමක්ද යන්නයි. ලෝකායන ජෝතිර්විද්‍යාවට අනුව රටේ කේන්ද්රය සෑම සෘතුවක් ආරම්භයේදීම අලුත් වන කේනද්රයකි. ඒ අනුව අපේ රටේ වර්තමාන සූර්ය කේන්ද්රය නිර්මාණය වන්නේ 2014 ඔක්තෝම්බර් මස 18 වෙනිදා උදේ 07 මිනිත්තු 45 තප්පර 45 කාලය තුලදීය. ඒ අනුව මේ ගෙවී යන වකවානුවේදී මේ රටේ ලග්නය තුලා බව කියවේ. මේ අවස්ථාවේදී ග්රහ පිහිටීම් අනුව පහත දැක්වෙන දත්තයන් අපට එම ජෝතිෂය ඉදිරිපත් කරයි.

තුලා ලග්නයේ රවි හා ශනි පිහිටා ඇත.

    රවි තුලා ලග්නයේදී නීචව, රවිගේ සතුරු ග්රහයකු වන ශනි සමග සිටීම රටේ රජතුමාට හිතකර තත්වයක් නොවේ. නමුත් නොවැම්බර් මස 3 වෙනිදා ශනි තුලාවෙන් ඉවත් වීමත් සමග රටේ රජතුමාට හා රටට තරමක් තිබූ බලවත් පීඩාවන්ගෙන් මීදුන අතර, තුලාවේ නීචව සිටි රවි නොවැම්බර් මස 17 වෙනිදා එම නීච භාවයෙන් මිදී වෘශ්චිකයට යාමත් සමගම  රජුට තිබූ නරක කාලය පහව ගොස් තේජස්භාවයක් උද්දීපණය වේ; බලවත් වේ. මේ සිදුවීම මේ රටේ රාජ්‍ය නායකත්වය හා බැදී තිබීම විශ්මිත ආකාරයට ගොඩනැංවී තිබේ.නීචව සිටි රවි ඉන් මිදෙන්නේ රටේ ජනාධිපතිතුමාගේ උපන් දිනට පෙරදාය. රටේ රජතුමාට උරුමව තිබූ ඒ තත්වයෙන් මිදී තම උපන්දිනය සමරන ලද අතරම ඊලග ජනාධිපතිවරණය සම්බන්ධව ප්රකාශයට පත් කිරීමද රාජ්‍ය නායකත්වයට ශුභ දායකය. ඒ අනුව ජනාධිපතිවරණය ප්රකාශයට පත් කල වකවානුව ඉතා හොද කාල පරිච්ඡෙදයක් බව සටහන් කල යුතුමය. අනිකුත් ග්රහ පිහිටීම් වලට අනුව රටතුල සිදුවෙන තව තරුණු කාරණා රාශියක් පෙන්නුම් කලද අප මෙහිදී කථා කරන්නේ රාජ්‍ය නායකත්වයට අදාලවූ කරුණු සමුදායක් පමණක් බැවින්; ඒ මතම සිට කථා කරමු.

මීලගට මේ රටේ කේන්ද්රය වෙනස් වන්නේ 2015 ජනවාරි මස 15 වෙනිදා 13 මිනිත්තු 36 තප්පර 38 යන වේලාවටය. මේ වෙලාවත් සමග රටේ ලග්නය මේෂ බවට පත්වෙන අතර; ඊට සම්බන්ධ ග්රහ පිහිටීම් හා පලාඵල විස්තර සම්බන්ධව සොයා බලමු.

2015 ජනවාරි මස 15 වෙනිදා වේලාව පැ.13 මි. 36 ත.38 ලග්නය ; මේෂ

4වෙනි බෘවයේ උච්චව ගුරු ග්රහයා පිහිටා තිබීම පැහැදිලිවම කියා පාන්නේ ජනාධිපතිවරණයෙන් බෙදුම්වාදීන්ට අන්ත පරාජයක් අත්වෙන බවයි. රටේ කෘෂිකර්මාන්තය ට හොද යුගයක් උදාවෙන අතර විශේෂයෙන් ගොවි ජනතාවට සරු යුගයක් ලැබේ.

7වෙනි භාවයේ සතුරු චන්ද්රයා පිහිටීමෙන් විදේශීය සතුරු ප්රජාවගේ රටට එරෙහි බලපෑම් තව තව උග්රවේ.

10වෙනි භවයේ රවි, ශුභයන් දෙදෙනෙකුවූ බුධ හා සිකුරු සමග සිටී. රජුගේ බලය කරවේ. ආණ්ඩුවට ශුභ දායකය බොහෝ මහජන කටයුතු ආරම්භ කරයි.රාජකීය ගමන් බිමන් ඇතිවෙයි.
11 වෙනි භවයේ  කුජ හා වරුණ සිටීමෙන්  පාර්ලිමේනතු මැතිවරණයකට මං විවර වේ කැලඹිලි කාරී තත්වයන්ද ඇතිවේ. මන්ත්රීවරුන්ට හදිසි විපත් සිදුවිය හැකි යුගයකි.

ඉහත අප කථා කලේ ලෝකායත ජෝතීර්විද්‍යාවට අනුව වර්ෂ 2015 ජනවාරි මස 15 වෙනිදායින් පසු අපේ රටේ උදා විය යුතු තත්වයයි. එනම ජනාධිපතිවරණයට දින හතකට පසු උදාවෙන තත්වයයි. මේ තත්වය උදාවීමට නම් රටේ ජයග්රහණය ලබන්නා කවුරු විය යුතුද?බෙදුම්වාදය අන්ත පරාජයක් ලබනවා නම් ජයග්රහකයා;බෙදුම්වාදයට එරෙහිව කටයුතු කරන අයෙක් විය යුතුය.ඉන් ඉතා පැහැදිලිවම කියා පාන්නේ බෙදුම්වාදීන් සමග එකතුව ඔවුන්ගේ ආධාරයන් මත මේ මැතිවරණයට ඉදිරිපත්ව සිටින මෛත්රීපාල සිරිසේන මහතා අන්ත පරාජයක් ලබන බවයි. තවද; විදේශීය සතුරු ප්රජාව මේ රටට එරෙහිව බලපෑම් වැඩීකිරීමට නම් මහින්ද රාජපක්ෂ මහතා ජයග්රහණය කල යුතුය. එයද ඉතා පැහැදිලිව මෙහි සටහන්ව ඇත. මේ තත්වයන් මත පිහිටා බලන විට වර්තමාන ජනාධිපතිතුමාගේ ජයග්රහණය ඉතා පැහැදිලිවම ඉස්මතු කර පෙන්වයි.

 අප සිදුවන්නේ කුමක්දැයි පරීක්ෂාවෙන් බලා සිටිමු.
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

 

4 Responses to “ජනාධිපතිවරණය හා ජොතිෂ්‍යයවේදියා”

  1. Christie Says:

    Astrology in the island nation is part of the Indian brainwashing of the locals. How could the Buddhists believe in this rubbish. Today I know some people only go to the toilet according to this rubbish.

  2. ranjit Says:

    Astrology is true or not Mahinda Rajapksa will win on 8th of January with a landslide period! The traitors to the Motherland and the Diaspora sympathizers will be thrown in to garbage. I hope we will have a peaceful election so that everyone can go on with their lives and face a better future under the third term of President Rajapaksa.

  3. Senevirath Says:

    ක්‍රිස්ටි
    ජෝතිෂය යනු මිනිසා විසින් ජීවිතය ගෙනයාමේදී ඇතිවන ප්‍රශ්න විසදාගැනීම සදහා හදා ග ත් ක්‍රමයකි බුදුදහම උගන්වන්නේ ඉපදීම නැතිකරන ක්‍රමයකි . එහෙත් එසේ කරන තුරු මිනිසා ජීවත් වීමට කරති ඒ සියල්ල නිෂ්ඵල හා තිරශ්චීන වන්නේ දහමට සාපෙක්ෂකවය . අපල වැටෙන්නේ ගුරුත්වා කර්ෂණය නිසා යය් කියන බටහිර විද්‍යාවද සසර දිගුකරන නිසා තිරස්චීනය. එහේත් උගතුන් එයට අපහාස කරන්නට බයය් ගුරුත්වා කර්ෂණය කවුරුවත් දැක නැත. අතගා බලාද නැත සුවදක් දැ නිලාත් නැත අපල වැටෙනවා මිස හේතුව කිසිවෙක් දැක නැතත් ගුරුත්වා කර්ෂණය නමින් හේතුවක් හදා ගෙන ප්‍රයෝජනය ගනිති . බුදු දහමේ උගන්වන්නේ ”’පරමාර්ථ සත්‍යයය් ” එය එකම සත්‍යයය් සමහරු බුදුදහමේ ”සම්මුති සත්ත්යයක්” ගැන කියති සම්මුතියක් ඇතත් එවැනි ”සත්‍යයක් නැත. ”’ සම්මුතියේ ඇති සියල්ල නිවන් මග ඈත කරවය් .බට හිර විද්‍යාව අනුව වැඩ නොකර ජෝතිශයක් අනුව වැඩ කිරීම හෙලා දකින්නේ බටහිර විද්‍යාව බුදු දහමට එකග .නිසාද බට හිර විද්‍යාවේ නිපැයුම් ලොව විනාශ කරතත් ජෝතිශ්යෙන් එවන් විනාශයක් නොවේ සිදුවන එකමදේ නම් සසර දිගු වීමය් ” මම ” යන පුද්ගලයා කරන ”මමායන ” සියලු කට යුතු තිරශ්චීනය. අපි ජීවත් වීමට කරන්නේ එවන් දෙය ය් ජොතිශය බෞධයන්ට හොඳ නැත්නම් අපිඉගෙන ගන්නා සියල්ලම හොඳ නැත.. ජෝතිශයේත් බටහිර විද්‍යාවේ මෙන්ම වැරදි ඇත

  4. Christie Says:

    Sinhalese made fun of Astrology “Ethul paththa pita paththa nodanna; Kithul piththa uda piyawara manna” This Sinhala saying-poem says it all.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress