Election campaign News – රනිල්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු තිදෙනෙකුගේ කොමිසමක් නිර්දේශ කරලා..
Posted on July 16th, 2015

lanka C news

රනිල්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු තිදෙනෙකුගේ කොමිසමක් නිර්දේශ කරලා..එක්සත් ජාතික පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන ලෙස  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්වුත වූ බටලන්ද කොමිෂන් සභා වාර්තවෛන් නිර්දේෂ කර තිබියදී පිරිසිදු පුද්ගලයින්ට නාමයෝජනා දෙන්නයි බල කරන එජාපයෙන් ඔහුට නාමයෝජනා ලැබුනේ කෙසේදැයි නීතීඥ කපිල ගමගේ මහතා ප‍්‍රශ්ණkapila-gamageකලේය.එජාප අපේක්‍ෂකයින් වන සුජීව සේනසිංහ හා හරීන් ප‍්‍රනාන්දු සහභාගී වූ දෙරණ ‘අලූත් පාර්ලිමේන්තුවට’ වැඩසටහනේදී පේ‍්‍රක්‍ෂකාගාරය නියෝජනය කල නීතීඥවරයා විසින් අසන ලද ප‍්‍රශ්ණයට මුළු වැඩසටහන පුරාම එජාප නියෝජිතයන්ගෙන් ප‍්‍රතිචාරයක් පල වූයේ නැත.

මහින්දාගමනයෙන් කොටි පුල්ලි හැලේ -පලමුව ෆෙඩරල් ක්‍රමය දෙන්න රනිල් ලිඛිතව පොරොන්දු දෙයි

යුද අපරාධ පිළිබඳව මහින්ද රාජපක්‍ෂව ජාත්‍යන්තර අධිකරණයට ගෙනයාම වැළැක්වීමේ අරමුණින්, ඉදිරි වසර 05 තුල ජාතිවාදී කණ්ඩායම් පාර්ලිමේන්තුවේදී කටයුතු කලහොත්, ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ඉල්ලනවා හැර වෙනත් විකල්පයක් නොමැති බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් පවසා තිබේ.මහින්ද රාජපක්‍ෂව ජාත්‍යන්තර අධිකරණයට ගෙනයාම සහ උතුරු නැගෙනහිරි එකට ඒකාබද්ධ කර ස්වයංපාලනය පිහිටුවා ගැනිමට ජාත්‍යන්තර මැදිහත්වීමකින් පමණක් සිදුකල හැකි බවයි ඔහු දමිළ මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ.

අපි මේ මැතිවරණයෙදි එක්සත් ජාතික පක්ෂය සමග එකඟතාවකට ආවා .,..නිකම්ම නොවේ ලිඛිතව …ඔහුන් අපට පොරොන්දු වුනා මේ මැතිවරණය දින්නොත් ඉතා ඉක්මනින්ම ෆෙඩරල් ක්‍රමයකට යන්න …ඉට පසුව අපි අපේ දෙවැනි අරමුණ කර යනවා.”

මේ අතර 30 වසරකට අධික සාපරාධි ත්‍රස්තවාදීන්ගේ උණ්ඩ වලට වැඩියෙන්ම ගොදුරු හමුදා සෙබලුන් ජිවත් වෙන කුරුණෑගල දිස්ත්‍රික්කයට උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් නාමයෝජනා ලබාදි තිබේන අතර ඡන්ද කටයුතු මුවාවෙන් පසුගියදා දිවයිනට හොරෙන් රැගෙන ආ කොටි ත්‍රස්තවාදීන් යොදා ගනිමින් යම්  භීෂණකාරී තත්ත්වයක් ඇති කිරිමට සුදානමක් පවතින බවටද මේ වනවිට තොරතුරු අනාවරණය වි තිබේ.

උපුටා ගැන්ම  LNW.TODAY

…අපි…ඔබ තැබු බලාපොරොත්තුව එලෙසම ඉටුකරමි…..ඒ සදහා අප දැන් බොහෝ දුර ගොස් තිබේ……අප සියලු දෙනා ඔබට ණය ගැතිය… ඒ ණය අප ඊළාම් මවුබිමේ සැම බිම් අගලකින්ම ඔබට ගෙවන්නෙමු…… 

සම්පුර්ණයෙන් කතාව කියවන්නකොන්දක් නැති සිරිසේන හා රනිල් කොටින්ට නැමුනු නැමිල්ල- ඊළාම් මවුබිමේ සැම බිම් අගලකින්ම ණය ගෙවන බව සිවාජලිංගම් කියයි (ඡායාරූප)

මේ අතර සිව්වන ඊළාම් යුධ සමයේ රටින් පිටකර තිබු එල්ටීටීඊ කළු කොටි බලකායේ මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදී 40 දෙනෙකු පසුගිය දින 3ක් ඇතුලත වාර ගණනාවකදි කටුනායකින් යළි දිවයිනට පැමිණ තිබෙන බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රභල සමාජිකයෙකුව සිට අප වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන විශේෂ වාර්තාකරු පසුගිය මැයි මාසයෙදි අනාවරණය කළා.

සම්පුර්ණයෙන් කතාව කියවන්න – 4 වන ඊළාම් සටන සමයේ පැනගිය මරාගෙන මැරෙන කොටි 40ක් යලි ලංකාවට! ඉලක්කය මහින්ද,ගොඪාද?

කොටි සන්නද්ධ අංශයේ නායකයා වන සන්තුරන් (මිට පෙර ශ්‍රී ටෙලෝ සංවිධානයේ යාපනයේ සංවිධායක) මහින්ද රාජපක්ෂ ඝාතනය කිරිම සදහා උත්සහයක යෙදෙමින් සිටින බව සාක්ෂී සහිතව අනාවරණය වී තිබේ.මෙම මෙහෙයුම පසුපස සිටින්නේ රාජිත සේනාරත්න හා දුමින්ද දිසානායක බවද අප පසුගිය ජුනි 11 වැනිදා ආනවරණය කර තිබේ.

සම්පුර්ණයෙන් කතාව කියවන්න – කොටි සන්නද්ධ අංශයේ නායක සන්තුරන් මෛත්‍රී,රාජිත,දුමින්ද සමග මහින්ද ඝාතන කුමන්ත්‍රණයක

ජාත්‍යන්තරය හමුවේ රෙද්ද පල්ලෙන් චු පෙරාගත් මෛත්‍රී යුධ විරුවන් පාවාදෙයි!(Video)

මෛත්‍රීපාල සිරිසේන ජාත්‍යන්තර වහලෙකු ලෙස කටයුතු කිරිමට හේතුව අද අනාවරණය වුනා.යුධ කාලසිමාවේ තමන්ගේ විශ්වාසවන්තම පුද්ගලයා හැටියට සැලකු මහින්ද රාජපක්ෂ මෛත්‍රීපාල සිරිසේන සැලකු අතර අවස්ථා ගණනාවකදි ඔහුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා හැටියට පත්කර රටින් පිටව ගොස් තිබේ.යුද්ධයේ අවසන් දින කිහිපයේදිද මහින්ද රාජපක්ෂ මහතා ජොර්දානයේ සංචාරයක යෙදි සිටි අතර එම කාලසිමාව තුලදිම යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාද චිනයේ සංචාරයක නියැලි සිටියා.

එම කාලසිමාවේ මහින්ද රාජපක්ෂට සහ ආරක්ෂක ලේකම්වරයාට එල්ල වු සුදු කොඩි චොදනාව එවකට වැඩ බලමින් සිටි වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටද මේ වන ඉට එල්ල කරමින් ජිනීවා යොජනාව සකසා ඇති අතර එම චොදනාව පෙන්වමින් මෛත්‍රී බ්ලැක්මෙල් කිරිමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයකට මෛත්‍රී හසුවි සිටි.

පහත විඩියෝව බලන්න 

 

විදෙස් පීඩනය දැඩියි.. ශ‍්‍රීලනිප භික්ෂු සංවිධානයෙන් මහ ලේකම්ට විශේෂ සංදේශයක් බාරදේ

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය භේදභින්න නොකොට ආරක්ෂා කිරීමේ වගකීම ගන්නා ලෙස ඉල්ලා සිටිමින් ශ‍්‍රී ලංකා භිස්ෂු පෙරමුණ විසින් අද (16) ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා වෙත සංදේශයක් භාර දෙන ලදී.

ශ‍්‍රී ලංකාවේ සමගිය සහ ඒකීයභාවයට තර්ජණයක් වන ආකාරයෙන් ජ්‍යාත්‍යන්තර බලවේගවලින් එල්ල වන පීඩනය දැඩි වී ඇති  බවත් සෑම අවස්ථාවකම රටක් අස්ථාවර කිරීම තුළ අධිරාජ්‍යවාදී බලාපොරොත්තු ඉටුකර ගැනීම පහසු බවත් මහලේකම්වරයා මේ අවස්ථාවේ පෙන්වා දෙනු ලැබීය. තවදුරටත් අදසහ් දක්වමින් අනුර යාපා මහතා පැවසුවේ මේ සඳහා රටතුළ ක‍්‍රියාත්මක බලවේගවලට වඩා වැඩි ප‍්‍රමාණයෙන් බාහිර බලපෑම් වැඩිවී ඇති බවයි. ඉන්දීය උපමහද්වීපයේ වේගවත් සංවර්ධනයක් ලඟාකරගනිමින් සිටි අප රට අස්ථාවර කිරීම මේ කුමන්ත‍්‍රණය පසුපස් සිටින පෙන්වා දෙනු ලැබීය. ඒසේම ශ‍්‍රි ලාංකිකයින් වශයෙන් සළකන විට කිසිදු මුස්ලිමිවරයෙකු හෝ දමිළයෙකු මේ පිටුපස නොමැති බවත් පැවසීය. මෙය හුදෙක් බාහිර ක‍්‍රියාවලියක් බව තවදුරටත් පැවසු ඒ මහතා රට තුල ජාතීන් අතර කිසිදු විරසකයක් ඇති නොමැති බවත් පෙන්වා දෙන ලදී.

කුමන බලපෑම් පැමිණිය ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය භේදභින්න කිරීමට දරණ උත්සාහය පරාජය කිරීම සඳහා මහ ලේකම්වරයා වශයෙන් කළ හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව පැවසූ අනුර යාපා මහතා ඉදිරි මැතිවරණය රටේ අනාගතය තීරණය කරන සංදිස්ථානයක් බව පැවසීය.

මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා නිදහස් භික්ෂු සංවීධානයේ ගරු සභාපති වයඹ පළාත් ප‍්‍රධාන අධිකරණ සංඝනායක රැුකව ජිනරතන, ශ‍්‍රී ලංකා නිදහස් භික්ෂු සංවීධානයේ ගරු ලේකම් පුජ්‍ය වටිනාපහ සෝමානන්ද, ශ‍්‍රී ලංකා නිදහස් භික්ෂු සංවීධානයේ උප සභාපති ශ‍්‍රී ලංකා රාමාන්‍ය නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය මැදගමුවේ විජය මෛත‍්‍රී ස්වාමීන් වහන්සේ ඇතුලූ මහා සංඝ්‍යා වහනක්සේලා මේ අවස්ථාවට සහභාගීවිය.

– ජනක හඳුන්පතිරාජ

මෛත‍්‍රීට සිදුව ඇති ඔළු දෙකේ කුරුල්ලගෙ නස්පැත්තිය.. ජනපතිගේ ප‍්‍රකාශය ගලැන විමල්ගේ විග‍්‍රහය මෙන්න…

July 17, 2015 at 12:01 am | lanka C news

මෛත‍්‍රීට සිදුව ඇති ඔළු දෙකේ කුරුල්ලගෙ නස්පැත්තිය.. ජනපතිගේ ප‍්‍රකාශය ගලැන විමල්ගේ විග‍්‍රහය මෙන්න…ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසනේ මහතා පසුගියදා ජාතිය අමතා සිදු කරන ලද ප‍්‍රකාශය සම්බන්දයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අදහස් පල කරයි.එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා මේ වන විය ජාත්‍යන්තර ජාලයකට ගොදුරු වූ නායකයෙක් වී ඇති නිසා ඔහු විටින් විට කරන ප‍්‍රකාශ ගැන පුදුම වන්නේ නැති බවයි.‘එතුම හරියට භේරුණ්ඩ පක්‍ෂයා වගේ. හිටපු ගමන් 62 ඔළුව එනවා. හිටපු ගමන් 58 ඔළුව එනව. 58 ඔළුව කතා කරනකොට 62 අය අඬනව. 62 ඔළුව කතා කරනකොට 58 අය අඬනවා’ යයිද ඔහු කියා සිටියේය.

මෛත‍්‍රී කලේ හිවල් කතාවක්.. මේ මොන නායකයෙක්ද..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විසින් කලේ හිවල් කතාවක් බවත් ඒය නායකයෙකුට ගැළපෙන්නේ නැති බවත් සන්ධාන ගාල්ල දිස්ත‍්‍රික් අපේක්‍ෂක නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

ගාල්ල බද්දේගමදී පැවති ජනහමුවක් අමතමින් මුතුහෙට්ටිගම මහතා මෙසේද පැවැසීය.

‘මහින්ද-මෛත‍්‍රි එකතු වීම එක්ක අප තුළ නව බලාපොරොත්තුවක් ඇති කලා. රනිල් හිතන් හිටියේ ශ‍්‍රීලනිපය බෙදිලා ඉල්ලයි කියලා.

පක්‍ෂ නායකයා ලෙෂ ජනාධිපතිතුමා කළ ප‍්‍රකාශයත් සමග අපේ බලාපොරොත්තු බිද වැටුණත් අපි මේ ප‍්‍රකාශය තුළින් තව තවත් ශක්තිමත් වී මහින්ද මහත්තයා අගමැති කිරීමේ සටන ගෙනියනවා. නායකයෙකු නොකළ යුතු ප‍්‍රකාශයක් තමයි එතුමා කළේ.මොන ප‍්‍රකාශය කළත් මහින්ද මහත්තයා අගමැති වෙන එක කාටවත් නතර කරන්න බැහැ.දැනටමත් රටේ ජාතික බලවේග සියල්ල එතුමා වටා එක්වෙමින් තියෙනවා’

තමා හරිම පිරිසුදුයි කියන අර්ජුන රණතුංග කෝටි 50ක් වටිනා ගෙයක් අමෙරිකාවෙන් මුළු මුදල එකවර ගෙවා මිලට ගත්තේ කෙසේද? – මසකට නිවාස නඩත්තුවට රුපියල් 150,000යි

පාර්ලිමෙන්තු මන්ත්‍රී කෙනෙකු ලෙස වසර ගණනාවක් සිටි අවංක පුද්ගලයකු ලෙස තමා විසින් තමාව හදුන්වා ගන්නා අර්ජුන රණතුංග 2013 ඔක්තෝබර් මාසයේදී රුපියල් කෝටි 50 (ඇමෙරිකානු ඩොලර් $330,000) පමණ වටිනා නිවසක් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරය සිට කිලෝමීටර 100 පමණ අතින් පිහිටි රිවර්සයිඩ් නගරයෙන් මිලට ගෙන ඇත.

මාසිකව කොටස් වශයෙන් මුදල් ගෙවීමට නිවාස මිලට ගන්න ඇමෙරිකාවේ සාමාන්‍යය ක්‍රමය වුවත් අර්ජුන රණතුංග මුළු මුදල එකවර ගෙවා කෝටි 50ක් වටිනා නිවාස මිලට ගැනීමට මුදල් ඔහු ලග තිබී ඇත.

මෙම නිවස මිලට ගත අයගේ නම ලෙස ඇමෙරිකාවේ ලේඛන වල සදහන්ව ඇත්තේ ඔහුගේ කසාද බිරිද වන සමදර රණතුංගය.

2006 සාදා ඇති කාමර 4කින් යුත් මෙම තට්ටු 2ක නිවසේ නාන කාමර 2.5 ඇති අතර මුළු වත්තේ ප්‍රමාණය වර්ග අඩි 3,920 වේ. මෙම නිවසේ ලිපිනය වන්නේ: 4536 Filson St,Riverside, CA 92507.

2014 වරිපම් බදු ලෙස වසරකට ඇමෙරිකානු ඩොලර් $3,566 (රු. 488,500) මොහු විසින් එනම් මසකට රුපියල් 41,000 ගෙවා ඇත. මිට අමතරව රක්ෂණ ආවරණය සදහා දල වශයෙන් මසකට ඇමෙරිකානු ඩොලර් $365 එනම් මසකට තව රුපියල් 50,000 මුදලක් විදම් කිරීමට ඇත. මේ අනුව එම නිවසට විදුලිය සහ ජලය යන වියදමට තව මසකට ඇමෙරිකානු ඩොලර් $275 එනම් මසකට තව රුපියල් 38,000 මුදලක් අවශ්‍ය ව ඇත.

මෙම නිවාස පිහිටා ඇත්තේ පුද්ගලික නිවාස සංකීර්නයක නිසා ‘නිවාස සංකීර්න ගාස්තුව’  (HOA Fee) සදහා මීට අමතරව මසකට ඇමෙරිකානු ඩොලර් $ 139 ගෙවිය යුතු වේ(රුපියල් 19,000). මේ මුදල ගෙවීමෙන් අර්ජුන රණතුංග පවුලට නිවාස සංකීර්නට අයත් පිහිනුම් තටාකය පරිහරණ කිරීමට හැකිය.

මේ අනුව රුපියල් 148,000 (එක් ලක්ෂ හතලිස් අට දහසක්) මෙම නිවාස නඩත්තු කිරීමට මසකට වැය වේ.

Full Report

3 Responses to “Election campaign News – රනිල්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු තිදෙනෙකුගේ කොමිසමක් නිර්දේශ කරලා..”

  1. Christie Says:

    එදා සුද්දාගේ හා ඉන්දියානුවාගේ යටත්විජිතයක ජීවත්වූ අපි අද ජීවත්වන්නේ ඉන්දියානු අදිරදයේ යටත්විජිතයකය. එදාමෙන් අදත් ඉන්දියානු පරපෝසිතයෝ සින්හල අපිව පාලනය කරයි. Sඉන්හල අපි අදත් එකිනෙකා කා කොටා ගනිමින් ඉන්දියානු පරපෝසිතයන්ට හා ඉන්දියානු අදිරදයට ඕනෑකරන විදියට සමගියක් නැතිව ජීවත් වෙන්නෙමු. මෙය වටහා ගන්න තුරු සින්හල අපිට ආත්මයක් නැත.

    We have no life until we understand who we are and what we are. We are the subjects of the Indian Empire in the same way we were the subjects of the British Indian Empire. Indian colonial parasites controlled us then and now. We Sinhalese fight among ourselves and kill our own people.

  2. Independent Says:

    $330,000 ? What ? this is nothing for a cricketer. Jayasuriya earned this in few months. Those days may be not so much, but still surely Arjuna must be rich.

  3. Ancient Sinhalaya Says:

    Catholic traitor chief gb rw get away with murder every time.
    He was the manager of batalande resort which used to look after Jaathiya Vinashakarana Party (JVP) youth.
    What an insult to those youth, these Jaathika Vinashakarana Party (JVP) clowns have become rw’s darlings?
    He sent all Athurugiriya intelligent officers to ltte bullet.
    He did the biggest robbery in the country’s history with his catholic tiger chum at the cb.
    Every time he gets away with murder then shamelessly point the finger at others say they were
    murderers, corrupt thieves. He gets away with murder every time because he is a catholic. Stupid Asinhalese Buddhists don’t know.

    Do these Unpatriotic Party (UNP) supporting Sinhalese (Asinhalese) know how much they help this biggest
    robber and the biggest traitor ever?

    Asinhalese please be a Sinhalese for a day and save your motherland and your race. That day is 17th August!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress