මහින්ද රාජපක්‍ෂගේ ආරක්‍ෂාවට තර්ජන 
Posted on July 27th, 2015

නලින් ද සිල්වා

සුදු වෑන් කතා අතනින් මෙතනින් ඇසෙයි. මහින්ද රාජපක්‍ෂ මහතා යෑමට නියමිත මාර්ගවල බෝම්බ තිබී හමුවේ. අකුරැස්සේ දී බීමත් ව සිටි යා යැයි කියන අයකු මහින්ද රාජපක්‍ෂ මහතාගේ අත මිරීකු බවට ප්‍රවෘත්ති හා ඡායාරූප පළවෙයි. එහි දී මහින්ද රාජපක්‍ෂ මහතා අදාළ පුද්ගලයාට පහර දුන් බව දේශදේශාන්තරවල පැතිර ගොස් ඇතැයි ආණ්ඩුවේ ජනමාධ්‍ය හෙළිදරවු කරයි. එය තවත් සිරිකොත හෙළිදරවුවක් බව පැහැදිලි ය. එහෙත් මේ හෙළිදරවුව සඳහා භික්‍ෂූන් වහන්සේ ද සහභාගි වෙති. මේ රටේ ඇතැම් භික්‍ෂූන්  වහන්සේ ගැමුණු රජුට ද විරුද්ධව ක්‍රියා  කර ඇති බැවින් මෙහි පුදුම වීමට දෙයක් නැත. මෙවැනි භික්‍ෂූන් වහන්සේගෙන් පන්සිල් සමාදන්වන ගිහියන්ට දෙවියන්ගේ ම පිහිට ය. 

ඒ අතර නැපෝලියන් බොනපාට් ගැන නවතම මතයක් පළ කර ඇති මෙරට අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා මහින්ද රාජපක්‍ෂ මහතාට විශේෂ ආරක්‍ෂාවක් දීම ගැන උරණ වී ඇත. අපි කුඩා කල මත්පැනින් සප්පායම් වී වෙරි මරගතේ නොයෙකුත් කතා කීමට පුරුදු වී  සිටි අයට බොනේපාට් (බොනපාට් නොව) යැයි කීවෙමු. අකිල විරාජ් කාරියවසම්  මහතා නැපෝලියන් බොනපාට් පළමු ලෝක මහා යුද්ධය යැයි හැඳින්වෙන්නෙහි දී දැක ඇත්තේ බොනේපාට් කෙනකු ලෙස දැයි නො දනිමු. ඒ කෙසේ වෙතත් ඉතිහාසයට නොබෙල් තෑගි දෙන්නේ නම් අකිල විරාජ්ට 2015 සඳහා ඒ තෑග්ග දීමට තිබිණි. එහෙත් ඔහුගේ නිහතමානීත්වය නිසා ම ඔහු ඒ ත්‍යාගය ප්‍රතික්‍ෂෙප කර ඉතිහාසගත වීමට තිබිණි. 

අකිල විරාජ් කාරියවසම් මහතාට අනුව ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කයේ එ ජා ප කණ්ඩායමේ නායකයා ය. මහින්ද රාජපක්‍ෂ මහතා ඒ දිස්ත්‍රික්කයේ ම සංධාන කණ්ඩායමේ නායකයා ය. අකිල බොනේපාට්ට අනුව දෙදෙනාටම ලැබිය යුත්තේ එක සමාන ආරක්‍ෂාවකි. දෙදෙනාම නායකයෝ ය. ඔහු ඉන් නොනැවති මහින්ද රාජපක්‍ෂට වාදයකට අභියෝග කරයි. පෙර කල රා බී මියකු ද මෙවැනි දේ කළ බවට එකල ජනමාධ්‍යවල වාර්තා වෙයි. 

අකිලගේ නායකයා රනිල් ය. මහින්ද ද රනිල් ද අගමැති අපේක්‍ෂකයෝ වෙති. මෛත්‍රිපාල සිරිසේන මහතා බටහිරයන්ගේ හා එ ජා පක්‍ෂයේ අවශ්‍යතා පරිදි මොන තරම් උත්සාහ කළත් මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති අපේක්‍ෂකත්වය ලැබීම වැළැක්වීමට  නොහැකි විය. එහෙත් ඒ අපේක්‍ෂකත්වය දුන්නේ ඔහු නොව ශ්‍රී ල නි ප හා සංධාන නායකයන් ය. එයින් පැහැදිලි වන කරුණක් වෙයි. නීතිය අනුව ශ්‍රී ල නි පක්‍ෂයේ ද සංධානයේ ද නායකයා මෛත්‍රිපාල සිරිසේන වුවත් පාක්‍ෂිකයන්ට අනුව ඔහු නායකයා නොවන බව ය. එසේ වුවත් ඔහු ජනාධිපති ය. මහජනයාට ඔහුගේ ජනාධිපතිකම ද හිස් ධුරයක් බවට පත්කිරමේ අවස්ථාවක් අගොස්තු 17 වැනි දා උදාවෙයි. 

මෛත්‍රිපාල සිරිසේන මහතා බටහිරයන් හා ඉන්දීයයන් සමග එකඟ වී ඇත්තේ මැතිවරණයෙන් පසුව ද අකිලගේ ස්වාමියා වූ රනිල් අගමැති කිරීමට ය. මම මෛත්‍රිපාල සිරිසේන සතපහකට විශ්වාස නො කරමි. ඔහු මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති පදවියට පත්කරනු ඇත්තේ වෙන කිසිවක් කිරීමට නොහැකි නම් පමණකි. මෛත්‍රිපාල සිරිසේන මහතා කොටුකිරීමට හැකියාව ඇත්තේ මහජනයාට ය. ඒ මහින්ද රාජපක්‍ෂ මහතාට ඉස්තරම් ලෙස පක්‍ෂපාති (වැනෙන අය නොව) මන්ත්‍රිවරුන් 115 දෙනකු හෝ වැඩි දෙනකු හෝ පාර්ලිමේන්තුවට තෝරා පත්කර එවීමෙනි. එසේ නොවුවහොත් ඩොලර් ඇමතිකම් විසිකෙරෙන රටක කුමක් වේ ද යන්න සිතා ගැනීම අපහසු නැත. අප ක්‍රියා කළ යුත්තේ මෛත්‍රිපාල සිරිසේන මහතා යනු විශ්වාස නොකට යුතු පුද්ගලයකු යන උපකල්පනය පෙරදැරි කර ගෙන ය. 

මෛත්‍රිපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ දුස්සංයෝගය මහින්ද රාජපක්‍ෂට ලබාදිය යුතු උපරිම ආරක්‍ෂාව ලබා නො දෙනු ඇත. ඔවුන් ලබා දෙන  ආරක්‍ෂාව හිස් පත්‍රිකාවලට පමණක් සීමාවනු ඇත. සුදුවෑන් ගැන වරද මහින්ද පිට පැටෙව්ව ද චම්පකලා ද වෙල් විදානේලා ද සුදු වෑන් ගැන දනිති. මහින්ද ඒ ගැන පමණක් නොව බටලන්ද ගැන ද නියම පරීක්‍ෂණ නොපැවැත්වීම ගැන වෑරදි කරුවෙයි. මෙවර බලයට පැමිණීමෙන් පසු එක්නැලිගොඩලා ලසන්තලා අතුරුදහන්වූයේ කෙසේ ද යන්න පිළිබඳ ව  විධිමත් පරීක්‍ෂණ පැවැත්විය යුත්තේ බටලන්ද සහ තවත් දුෂණ හා භීෂණ ගැන පවත්වන අතර ය. අද ආණ්ඩුවේ ආධාරයෙන් බෝසතුන් මෙන් පෙනී සිටින ජ වි පෙ නායකයන් එදා මිනිමැරුවේ කෙසේ ද යන්න ද සොයා බැලි ය යුතු ය. 

අකුරැස්සේදී මහින්ද රාජපක්‍ෂගේ අත මිරිකූ තැනැත්තා එසේ කෙළේ ඔහු ද බොනේපාට් කෙනකු නිසා දැයි නො දනිමි. එහෙත් මේ හොඳ පෙරනිමිත්තක් නො වේ. අද ලංකාවේ වඩාත්ම තර්ජනය ඇත්තේ අකිලටවත්, රනිල්ටවත්, මෛත්‍රිපාලටවත් නොව මහින්දට ය. ඔහුට කිහිප පැත්තකින් තර්ජන වෙයි. කොටි සංවිධානය බටහිරයන්ගේ සම්බන්ධන්ලාගේ හා වෙනත් අයගේ ආධාරයෙන් නැවතත් හිස එසවීමට මාන බලයි. බටහිරයෝ තම ලංකා වසන්තය සාක්‍ෂාත් කර ගැනීම සඳහා මහින්ද ජීවිතයෙන් ම අතුගා දැමීමට උත්සාහ කරති. ඉන්දීයයයෝ ඔවුන්ට ආධාර කරති. රනිල් ද අද කතාකරන්නේ මහින්ද රෙජිමය පරාජය කිරීමට නොව රාජපක්‍ෂලා අතුගා දැමීමට ය. ඔහු බටලන්ද ගැන පමණක් නොව මහා බැංකු කොල්ලය ගැන ද නරක සිහින දකිමින් සිටියි. චම්පක හා සුදු වෑන් අතර සම්බන්ධය, වෙල් විදානේලාගේ කියුම්  කෙරුම් අනුව මහින්ද බලයට පත්වීමට පෙර ම ඔහු අතුගා දැමීමට හැකිනම් එසේ කිරීමට ඔවුන් සිහින දකිනු වැළැක්විය නො හැකි ය. මේ සියල්ලන්ම අද එකතු වී සිටින්නේ රටට ඇති අදරයක් නිසා නො වේ.       

පසුගිය දා වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ පක්‍ෂය ද අනුර දිසානායක මහතාගේ පක්‍ෂයද මහින්දට අරාක්‍ෂාව දීමට විරුද්ධව මානව හිමිකම් කොම්සමට හා අධිකරණයට ගියහ. ඔවුහු ද අකිල විරාජ් කාරියවසම් මහතා කියන දෙයට සමාන දෙයක් කියති. මහින්ද රාජපක්‍ෂ මහතා මැතිවරණයට ඉදිරිපත් වූ සැණින් ඔහුට ඇති තර්ජනය නැති නො වේ. මැතිවරණයට ඉදිරිපත් වීම එකකි. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ඇතිවන තර්ජන තවත් එකකි. මහින්ද රාජපක්‍ෂ මහතා කොටි ත්‍රස්තවාදය පරාජය කෙළේ ජනාධිපති ලෙස ය. ජනාධිපති ලෙස ඒ මහතාට හිමිවිය යුතු ආරක්‍ෂාව අබමල් රේණුවකින් වුවත් අඩුකිරීමට කතා කරන්නෝ ඒ මහතාගේ ඝාතකයන් විය හැකි අයගේ ද සිංහල විරෝධීන්ගේ ද ආධාර කරුවෝ පමණක් වෙති.

නලින් ද සිල්වා

2015 ජූලි 26

3 Responses to “මහින්ද රාජපක්‍ෂගේ ආරක්‍ෂාවට තර්ජන ”

  1. ranjit Says:

    Prof you said you will not trust Maru Sira even for five cents but me I will not trust this dirty traitor even for a dud coin. I never like his face nor his voice and even to hear anything what he says. Mahinda’s win will be a blessing for every citizen in this country. His face is a light and his voice is strong and we believe him more than any other politician in this blessed land. Rally my dear Sinhala brothers and sisters,Mothers and Fathers, Sons and daughters behind this great individual call M A H I N D A and walk with him to put our country back on track to become the wonder of ASIA.

  2. Sarath W Says:

    These morons know the only way they can stop Mahinda becoming PM is to eliminate him. The patriotic Sri Lankans must rally round Mahinda and protect him from these traitors. It is the duty of peace loving Sri Lankans to defeat these traitors and give an absolute majority to Mahinda and send Ranil and Co to the garbage bin.

  3. Asanga Says:

    Mahinda should have pressed more to get Yoshitha into his security detail. In fact he should do it even now.
    The young man might not be experienced in the line of personal protection, but he would probably guard his father’s life faithfully with the utmost of motivation.

    The Jackals are circling; if they cannot remove MR through the use of false propaganda and ‘twisted truths to make ships for fools’, they will use other more drastic measures.

    The ‘hand squeezer’ may have been a first probe. The next one (god forbid) may try to show his ‘affection’ by hugging MR, tightly, against his waistcoat full of ball bearings and plastic explosives.

    ….hopefully MR won’t want to play ‘Nice guy’ to the next such ‘well wisher’ and let him/her get too close!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress