ප්‍රභාකරන්ගේ සීයලා 3
Posted on March 9th, 2016

නලින් ද සිල්වා

x ඊළඟ ප‍්‍රතිසංස්කරණ වලින් තත්ත්වය වෙනසක් වුණා ද ?

නැවත ප‍්‍රතිසංස්කරණයක් වූයේ 1924 වසරේ දීයි. එහි දී නිල ලත් මන්ත‍්‍රී සංඛ්‍යාව 12 දක්වා අඩු වුණු අතර නිල නොලත් මන්ත‍්‍රී සංඛ්‍යාව 37 දක්වා වැඩි වුණා. එම 37 දෙනා ගෙන් 34 දෙනකු ම ඡුන්දයෙන් තෝරා පත් කර ගත යුතු ව තිබුණා. ආණ්ඩුකාරයා පත් කළ යුතු ව තිබුණේ 3 දෙනකු පමණයි. එහෙත් ඡුන්දයෙන් තෝරාගැනීමට සිටි 34 දෙනා ගෙන් ඡුන්දයෙන් තෝරා පත් කරගැනුණේ 29 දෙනෙකු පමණයි. ඉතිරි පස් දෙනා ඡුන්දයෙන් පත්කර ගැනීමට අවස්ථාව ලැබෙන තාක් ආණ්ඩුකාරයා පත් කළා. ඉන් තුන් දෙනකු මුස්ලිම් ජනයා වෙනුවෙන් හා දෙදෙනකු ඉන්දීය දෙමළ ජනයා වෙනුවෙන් පත් කෙරුණා. මෙවර උඩරට සිංහලයන් වෙනුවෙන් කිසිවකු පත් කෙරුණෙත් නැහැ. ඔවුන් තව දුරටත් මෑතක දී වතුවල වැඩට ගෙනා ඉන්දීය දෙමළ ජනයා සමග සන්සන්දනය කෙරුණේ නැහැ. 

x අවසානයේ දී ඡුන්දයෙන් තෝරා ගත් කරගැනුණු 29 දෙනා ජනවර්ග පදනමක් මත තෝරා ගැනුණා ද ?

එය මිශ‍්‍ර ව සිදුවූවක්. ඉන් 23 දෙනෙකුතෝරා ගැනුණේ භූමිය මත පදනම් වූ ඡුන්ද කොට්ඨාස මත. එය බෙදී ගියේ මේ ආකාරයටයි. බස්නාහිර 5, උතුර 5, දකුණ 3, නැගෙනහිර, මධ්‍යම, වයඹ, සබරගමුව වෙනුවෙන් දෙදෙනා බැගින් උතුර මැද හා ඌව වෙනුවෙන් එක්කෙනා බැගින්. මෙහි බස්නාහිර හා උතුර එක සමාන මට්ටමකින් ගැනුණු බව සැලකිය යුතුයි. ඉතිරි 6 දෙනා තෝරා ගැනුණේ යුරෝපීයයන් සඳහා තුන් දෙනෙකු, බර්ගර්වරුන් සඳහා දෙදෙනෙකු හා බස්නාහිර පළාතේ ලාංකික දෙමළ සඳහා එක් අයෙකු වශයෙනුත්. මෙම දත්ත අයි. ඞී. එස්. වීරවර්ධන, එල්. ජේ. එම්. කුරේ මහත්වරුන් ගේ කෘතිවල හා සෝල්බරි කොමිසමේ වාර්තාවේ දක්වා තිබෙනවා. 

x ඒ කියන්නේ බස්නාහිර පළාතේ ලාංකික දෙමළ උගත් අය සඳහා මන්ත‍්‍රී ධූරයක් ලැබුණු බවයි ?

ඔව්. 1920 දී බැරි වූ දේ 1924 දී ලබා ගත්තා. එය විශේෂිත ආසනයක්, 1920 දී උඩරට සිංහලයන් සඳහා දුන් ආසන දෙකත් සමග එය සන්සන්දනය කරන්න බැහැ. උඩරට සිංහලයන්ට ආසන දුන්නේ ඉන්දීය දෙමළ ජනයාට දුන් ආකාරයටය. බස්නාහිර පළාතේ දෙමළ අය සඳහා ආසනයක් ලැබෙන්නේ ඒ පදනමින් නොව විශේෂිත වූ වරප‍්‍රසාද ලත් කොටසක් සඳහා අසුනක් දිය යුතු ය යන පදනමින්. බස්නාහිර පළාතේ දෙමළ අය සංසන්දනය වූයේ යුරෝපීයයන් හා බර්ගර්වරුන් සමගයි. 

අද වගේ ම එදත් දෙමළ ජාතිවාදී නායකයන් තමන්ට ලබා ගැනීමට අවශ්‍ය වූ දෙය කල් පසු වී හෝ ලබා ගත්තා. 1920 දී බැරි වූ දේ 1924 දී ලබා ගත්තා. අවුරුදු සියයක් පමණ කාලයක් දෙමළ නායකයන් ක‍්‍රියා කර ඇත්තේ එක ම රටාවක් තුළයි. 

මේ සියලූ ඉල්ලීම්වලට පදනම් වූයේ තම වරප‍්‍රසාද රැුකගැනීමට හා බලය බෙදා හදාගැනීමට දෙමළ නායකයන් සිංහල ජනතාව බහුතරයක් බව පිළිගැනීමට තිබූ අකැමැත්තයි. ව්‍යවස්ථාදායක සභාවේ ඡුන්ද සංඛ්‍යාව වශයෙන් ගත් කල සිංහල මන්ත‍්‍රීවරුන් ගේ සංඛ්‍යාව සිංහල නොවන්නන් ගේ සංඛ්‍යාවට වඩා අඩු වුණා. 

x 1918 සිට 1929 දක්වා දෙමළ නායකයන් කටයුතු කෙළේ සිංහලයන්ට ව්‍යවස්ථාදායක සභාව තුළ වැඩි බලයක් නොදීමට ද ?

මේ කාලය තුළ දෙමළ නායකයන් උත්සාහ කෙළේ ව්‍යවස්ථාදායක සභාවේ වැඩි ඡුන්ද බලයක් සිංහලයන්ට නොදීමටත්, සිංහල හා දෙමළ මන්ත‍්‍රී අනුපාතය 3:2 හෝ අඩුතරමින් 2:1 වශයෙන් තබා ගැනීමටත් ය. මෙහි තේරුම මන්ත‍්‍රීන් 100 දෙනෙකු සිටියහොත් සිංහල මන්ත‍්‍රී සංඛ්‍යාව 50 ට අඩු විය යුතු බවත් දෙමළ මන්ත‍්‍රී සංඛ්‍යාව අඩු ම තරමින් 25 ට වැඩි විය යුතු බවත් ය. ඉතිරි මන්ත‍්‍රීවරුන් දෙමළ හා අනෙක් ජනවර්ගවලට අයත් විය යුතු වුණා. මේ දෙමළ මන්ත‍්‍රීවරුන් ලෙස ඔවුන් බොහෝ විට සැලකුවේ යාපන අර්ධද්වීපයෙන් පැමිණි මන්ත‍්‍රීවරුනු යි. ජනගහනය වශයෙන් ගත් කල නම් සිංහල හා යාපන අර්ධද්වීපයේ දෙමළ අනුපාතය 12.1 පමණ ලෙස ගත හැකියි. සිංහල හා මුළු ලාංකික දෙමළ ජනගහනය අනුපාතය වුව ද 6:1 පමණ වුණා. දෙමළ නායකයන් එදා ව්‍යවස්ථාදායක සභාවේ බලය බෙදා හදාගැනීමට කටයුතු කෙළේ ඒ අයුරිනුයි. 

x නමුත් ඔවුන් කවදාවත් මන්ත‍්‍රී සංඛ්‍යාව 1:1 අනුපාතයෙන් විය යුතු යැයි කීවේ නැහැ නේ ද ? 

සිංහල හා ලාංකික දෙමළ මන්ත‍්‍රී අනුපාතය 1:1 ලෙස තිබිය යුතු බවට ඔවුන් මුලින් අදහස් කළා. ඔවුන් ගේ අදහස තිස් ගණන්වලින් පසු ව ඇති වූ පනහට පනහේ ප‍්‍රතිපත්තියෙන් ද පැහැදිලි වෙනවා. පනහට පනහ යනුවෙන් ඔවුන් ඉල්ලූවේ  ඕනෑ ම ජනවර්ගයකින් තේරී පත්වන මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව 50% ට අඩු විය යුතුයි කියායි. ඒ ආකාරයෙන් ම එක් ජන වර්ගයකින් 50% ට වඩා වැඩි ඇමතිවරුන් සංඛ්‍යාවක් පත් නොකර ගත යුතු ය කියාත් ඉල්ලූවා. එම ප‍්‍රතිපත්තිය අනුව සිංහලයන් සාමාන්‍යයෙන් 70% ට වැඩි ය සිටියත් ඔවුන්ට ලැබෙන මන්ත‍්‍රී සංඛ්‍යාව හා අමාත්‍ය සංඛ්‍යාව 50% ට අඩු විය යුතුයි. මෙයින් බලාපොරොත්තු වූයේ සිංහලයන් බහුතරයක් වීම වැළැක්වීමට යි. වෙනත් වචනවලින් කියන්නේ නම් දෙමළ නායකයන් සිංහලයන් බහුතරය බව නොපිළිගත් බවයි. එය සංඛ්‍යාත්මක ව ප‍්‍රකාශ කිරීමට පනහට පනහේ සූත‍්‍රයක් යොදා ගත්තා. සිංහල නොවන මන්ත‍්‍රීවරුන් ගෙන් ඉතා වැඩි පිරිස දෙමළ විය යුතු යැයි ඔවුන් කියා සිටියා. මේ මූලධර්මය එක්දහස් නවසිය දහඅටෙන් පසු දෙමළ නායකයන් කළ ඉල්ලීම්වලින් පැහැදිලි වෙනවා. සිංහල, ලාංකික දෙමළ මන්ත‍්‍රී අනුපාතය 3:2 යනුවෙන් තබාගැනීමට ඔවුන් උත්සාහ කළා. එහි පදනම වුණේ 1918 දක්වා සිංහල ලාංකික දෙමළ මන්ත‍්‍රී අනුපාතය 1:1 හෝ 3:2 මට්ටමින් තිබීමයි. එය එසේ සිදු වූයේ බිරිතානින් මන්ත‍්‍රීවරුන් පත් කෙළේ ඒ ආකාරයට නිසා බව ඔවුන් අමතක කළා. ඒ වගේ ම 1912 දී හා 1917 දී ඡුන්දයෙන් පත් වූ පොන්නම්බලම් රාමනාදන් මහතා සියලූ ම උගත් ලාංකිකයන් නියෝජනය කළ බවත් ඔවුන් අමතක කළා. ඔවුන් රාමනාදන් මහතා දෙමළ මන්ත‍්‍රීවරයකු ලෙස සලකමින් මන්ත‍්‍රී අනුපාතය ගණනය කළා. 

බිරිතානින් ඇති කළ මූලධර්මය අද ද ක‍්‍රියාත්මක වෙනවා. ආණ්ඩුව විසින් මෑතක දී ඉදිරිපත් කරන ලද රට බෙදීමේ යෝජනාවලියේ පොදු සේවා කොමිසම ආදියට සාමාජිකයන් පත් කරන්නේ සිංහල දෙමළ මුස්ලිම් එක් අයකු බැගින්. සිංහලයන් ගේ 74% නිකම් ම 33% ක් බවට පත් කරනවා. 

x එහෙත් මේ එකකින්වත් පෙඩරල් ක‍්‍රමයක් හෝ රට බෙදීමක් ඉල්ලූවේ නෑ නේ ද ?

 ඇත්ත. රට බෙදීම ආවේ පස්සෙ. මුල් කාලයේ දී ඔවුන් සිංහල බහුතරයකට විරුද්ධ වුණා. 1928 දී තම වාර්තාව ඉදිරිපත් කළ ඩොනමෝර් කොමිසමෙන්, දෙමළ නායකයන් භූමිය මත වෙනුවට ජනවර්ගය මත මන්ත‍්‍රීන් තෝරන ලෙස ඉල්ලූවා. නමුත් එය කොමිසමෙන් ප‍්‍රතික්ෂේප වුණා. එතැන දී දෙමළ නායකයන් ඒකට ප‍්‍රතිචාර දැක්වුයේ 1931 දී ඩොනමෝර් කොමිසමෙන් ඇති කළ රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට මන්ත‍්‍රීන් තෝරන මැතිවරණය වර්ජනය කෙරීමෙනු යි. කොමිසමෙන් තමන්ට අවශ්‍ය දෑ ඉටු නොවුණු විට ඔවුන් මැතිවරණය වර්ජනය කළා. 1918 සිට තිස්ගණන් දක්වා කරපු ඉල්ලීම්වල පසුබිම වූයේ ව්‍යවස්ථාදායක මණ්ඩලයේ හෝ රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ හෝ සංඛ්‍යාත්මක ව වැඩි බලයක් සිංහලයන්ට නොදීමයි. ඒ කියන්නේ බිරිතානින් ගෙන් සීමිත ව හෝ ලැබුණු ව්‍යවස්ථාදායක බලය බහුතරය සිංහලයන් වූ මධ්‍යයකට ලබා දීමට ඔවුන් අකැමැති වුණා. මධ්‍යයෙහි ම බලය තමන් යම් ආකාරයකට හැසිරවිය යුතු ය යන්න දෙමළ නායකයන් ගේ මතය වුණා.  

ඩොනමෝර් කොමිසමේ යෝජනා අනුව 1931 වගේ ම 1936 මැතිවරණවල දීත් ජනතාවට සර්වජන ඡුන්දය ලැබී තිබුණා. ඒ වගේ ම භූමිය මත පදනම් වී මන්ත‍්‍රීවරුන් තෝරාගැනීම දෙමළ නායකයන්ට විශාල ප‍්‍රශ්නයක් වුණා. ඔවුන් ගේ බලාපොරොත්තු ඉටු නොවන තත්ත්වයක් ඇති වුණා. සර්වජන ඡුන්දය ලැබෙන්නට පෙර කොහොම වුණත් දෙමළ නායකයන්ට, විශේෂයෙන් ම යාපනයේ නායකයන්ට වාසියක් තිබුණා. එයට හේතුව එකල ඡුන්ද බලය තිබූ අය ගෙන් විශාල අනුපාතයක් දෙමළ වීමයි. ඒ ඔවුන් ලත් අධ්‍යාපනය හා වෙනත් වරප‍්‍රසාද නිසායි. උදාහරණයක් හැටියට 1921 දී මධ්‍යම පළාතේ ජනගහනය 7,17,739 ක් වුණත් ඡුන්ද බලය තිබුණේ 2,427 දෙනාටයි. මේ මුළු ජනගහනයෙන් 3,16,142 ක් පමණයි සිංහලයන් සිටියේ. කොළඹ නගරයේ ජනගහනය 2,44,163 යි. එහි සිංහල ජනගහනය 1,10,470 යි. ඡුන්ද බලය හිමි සංඛ්‍යාව 4,325. මේ සංඛ්‍යා ලේඛන උතුරු පළාත සමග සන්සන්දනය කළාම විෂමතාව හොඳින් වැටහෙනවා. එහි මුළු ජනගහනය 3,74,829 යි. ලංකා දෙමළ ජනගහනය 3,52,322 ඡුන්ද බලය හිමි සංඛ්‍යාව 13,937 එනම් කොළඹ වගේ තුන් ගුණයකටත් වැඩි යි. අනෙක් අතට නැගෙනහිර පළාතේ 1,92,823 දෙනෙකු ගෙන් ඡුන්ද බලය තිබුණේ 806 දෙනෙකුට පමණයි. වරප‍්‍රසාද ලත් දෙමළ අය උතුරු පළාතේ, විශේෂයෙන් ම යාපන අර්ධද්වීපයේ වැසියන්. එම මැතිවරණයේ දී උතුර මැද පළාතේ ඡුන්ද සංඛ්‍යාව 385 යි. ඒ ආසනයට පත් වූ මන්ත‍්‍රීවරයා දෙමළ. 

දෙමළ නායකයන් එවැනි වූ 1921 ක‍්‍රමයට විරුද්ධ වයි සිටියේ, සර්වජන ඡුන්දයත් සමග තමන් ගේ බලය එනම් ව්‍යවස්ථාදායක බලය සිංහලයන් බහුතරයක් සිටින ආයතනයකට පැවරෙන බව දෙමළ නායකයන් දැන සිටියා. සමහර දෙමළ නායකයන් ඩොනමෝර් කොමිසම ඉදිරියේ සර්වජන ඡුන්දයට විරුද්ධ ව සාක්ෂි දුන්නා. පොන්නම්බලම් රාමනාදන් මහතා ද ඉන් එක් අයෙක්. ඇතැම් සිංහල නායකයන් ද සර්ව ජන ඡුන්දයට විරුද්ධ වුණු බව ඇත්ත. ඔවුන් විරුද්ධ වුණේ සාමාන්‍ය ජනයාට ඡුන්ද බලය ලැබෙනවාටයි. දෙමළ නායකයන් විරුද්ධ වුණේ බලය සිංහලයන් අතට යාවී ය කියායි. 

x 1931 දී රාජ්‍ය මන්ත‍්‍රණ සභා මැතිවරණය වර්ජනය කෙළේ එම ව්‍යවස්ථාවෙන් පූර්ණ නිදහස නොලැබුණු නිසා නේ ද ? ඒ වගේ ම 1936 දී සම්පූර්ණ අමාත්‍ය මණ්ඩලය සිංහලයන් වීම පෙඩරල් ඉල්ලීමට හේතුවක් වුණේ නැද්ද ?

යාපනයේ එක් කොටසක් 1931 මැතිවරණය වර්ජනය කෙළේ ඩොනමෝර් ව්‍යවස්ථාවෙන් පූර්ණ නිදහස නොලැබීම නිසා ය කියන එක ඇත්ත. ඒ යාපනයේ තරුණ කොන්ග‍්‍රසයයි. එය කොළඹ තරුණ කොන්ග‍්‍රසයත් සමග යම් සම්බන්ධතාවක් ඇති කරගෙන හිටියා. ඔවුන් සිටියේ ටික දෙනකු පමණයි. යාපනයේ පැවති ඒ ව්‍යාපාරය ඉතා ම කෙටි කාලයකට සීමා වුණා. එහෙත් දෙමළ නායකයන් ඉතා වැඩි දෙනෙකු 1931 යාපන අර්ධද්වීපයේ මැතිවරණය වර්ජනය කෙළේ පූර්ණ නිදහස නොලැබුණු නිසා නොවෙයි. ඔවුන් එය වර්ජනය කෙළේ ඔවුන්ට අවශ්‍ය වූ ආකාරයට ජනවර්ගය මත පදනම් වී මන්ත‍්‍රීවරුන් තෝරා ගැනීමට අවස්ථාවක් නොලැබුණු නිසයි. ඔවුන්ට අවශ්‍ය වී තිබුණේ සිංහලයන් බහුතරය වන මධ්‍යස්ථානයක් ඇතිවන මැතිවරණය වර්ජනය කෙරීමයි. 

1931 මැතිවරණයෙන් පසු අනෙක් පළාත්වලින් පත් වූ දෙමළ මන්ත‍්‍රීවරුන් ද සමගින් අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවා ගත්තා. මේ අමාත්‍ය මණ්ඩලය 1947 න් පසු ඇති වූ කැබිනට් අමාත්‍ය මණ්ඩලයට වඩා වෙනස්. 1931 දී රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ මන්ත‍්‍රීවරුන් කමිටුවලට බෙදුණා. ඒ කමිටුවල සභාපතිවරුන් තමයි අමාත්‍යවරුන් ලෙස ක‍්‍රියා කෙළේ. 

ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ ඉල්ලීමේ දී 1931 පත් වූ අමාත්‍යවරුන් ගේ මණ්ඩලයට බොහෝ විට සාමුහික තීරණවලට එළඹෙන්න බැරි වුණා. දෙමළ අමාත්‍යවරුන් හා සිංහල අමාත්‍යවරුන් ලෙස බොහෝ විට වෙනස් මත ප‍්‍රකාශ කළා. දෙමළ අමාත්‍යවරුන්ට අවශ්‍ය වූයේ ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ තුළින් බහුතරය සිංහලයන් වූ මධ්‍යස්ථානයක් ඇතිවීම වැළැක්වීමටයි. බිරිතානි අධිරාජ්‍යවාදීන් මේ තත්ත්වය හොඳින් ප‍්‍රයෝජනයට ගත්තා. ප‍්‍රතිසංස්කරණ ඉල්ලූ විට ඔවුන් කීවේ අමාත්‍ය මණ්ඩලය පළමු ව එකඟ විය යුතු ය කියා ය. 1936 මැතිවරණයෙන් පසු සිංහල අමාත්‍ය මණ්ඩලයක් පත් කරගැනීමට ප‍්‍රධාන හේතුවක් වූයේ ඒ එකඟතාව ඇති කර ගැනීමට ඉන් ඉඩක් ලැබීමයි. අනෙක් කරුණ වූයේ දෙමළ මන්ත‍්‍රීවරුන් ඩොනමෝර් ක‍්‍රමය තුළ දෙමළ ඇමතිවරුන් ඇතිවීම නොවැළක්විය හැකි දෙයකැයි වරදවා තේරුම් ගනිමින් කැබිනට් ක‍්‍රමයක් වැනි වෙනත් ක‍්‍රමයක් ප‍්‍රතික්ෂේප කෙරීමයි. පූර්ණ නිදහස ලැබීමෙන් වෙනත් ක‍්‍රමයක් ඇතිවුව හොත් බහුතරය තව තවත් සිංහල විය හැකි යයි ඔවුන් නිගමනය කළා. එබැවින් පූර්ණ නිදහස නොලබා ඩොනමෝර් ක‍්‍රමය තබා ගැනීමට ඔවුන්ට විශේෂ වුවමනාවක් ඇති වුණා. 1936 සිංහල අමාත්‍ය මණ්ඩලයක් ඇති වන අයුරින් මන්ත‍්‍රීවරුන් කමිටුවලට බෙදා දෙමළ මන්ත‍්‍රීවරුන්ට ඩොනමෝර් ක‍්‍රමයකට තිබූ විශේෂ කැමැත්ත නැති කෙරීම සිංහල අමාත්‍ය මණ්ඩලයක් ඇති කෙරීමේ දී බල පෑ දෙවැනි සාධකය වුණා. 

නලින් ද සිල්වා 

මෙය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ.  

සම්පූරණ පොත  www.kalaya.org වෙබ් අඩවියෙන් බාගත හැකි ය.

One Response to “ප්‍රභාකරන්ගේ සීයලා 3”

  1. Christie Says:

    Indian colonial parasites are the problem whether in our island. Guyana, Mauritius, Fji or any other Indian colony.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress