ශ්‍රි.ල.නි.ප.යේ අනාගතය?
Posted on March 9th, 2016

-අනුර බාලසූරිය උපුටා ගැන්ම දිවයින

මැතිවරණ පරාජයකින් පසු ඊළඟ මැතිවරණයකදී ජයග්‍රහණයක්‌ දක්‌වා දේශපාලන පක්‍ෂයක්‌ මෙහෙයවීමට නම් පක්‍ෂයේ තිබෙන මතගැටුම් අභ්‍යන්තර අර්බුද සමනය කරගෙන එක අරමුණක්‌ ඔස්‌සේ සියලුදෙනා භේද පසෙකලා ගමන් කළ යුතුය. නමුත් ශ්‍රී ලනිපය තුළ දැන් සිදුවෙමින් පවතින්නේ ඊට හාත්පසින් වෙනස්‌ වූ ක්‍රියාදාමයකි.

මහින්ද හිතවාදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආසන සංවිධායකවරුන් ආසන සංවිධායක ධුරවලින් ඉවත් කිරීම පක්‍ෂ ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේ ආරම්භය ද?

එය ආරම්භය නම් එහි අවසාන ප්‍රතිපලය අපට සිතාගත හැකිය. මහින්ද හිතවාදීන් මෙලෙස පක්‍ෂ සංවිධායක ධුරවලින් ඉවත් කිරීම පක්‍ෂ කොඳු නාරටිය බිඳ දැමීමක්‌ වැනි දෙයක්‌ බව බොහෝ පාක්‍ෂිකයන්ගේ මතයයි.

මේ තුළින් පක්‍ෂය දෙකඩ වීම වැළැක්‌විය නොහැකි මහින්ද හිතවාදීන් කියා වැඩි ජනතා විශ්වාසයක්‌ දිනාගනිමින් ලක්‍ෂ තුනකට අධික මනාප සංඛ්‍යාවක්‌ ලැබූ ප්‍රසන්න රණතුංග, මහනුවර දිස්‌ත්‍රික්‌කයේ වැඩිම මනාප ලැබූ දිලුම් අමුණුගම වැනි ජයග්‍රහණ මනාප ලැයිස්‌තුවල ඉහලින් සිටින ජනප්‍රිය දේශපාලන චරිත පසෙකට දමා ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කරන ලද පුද්ගලයන් ආසන සංවිධායක ධුරවලට පත් කර ගැනීමෙන් පක්‍ෂය බලාපොරොත්තු වන අරමුණ ඉටු කර ගත හැකිද යන්න ශ්‍රී ලනිප නායකකාරකාදීන් නැවත සිතා බැලිය යුතුය.

මැතිවරණ පරාජයකින් පසු ඊළඟ මැතිවරණයකදී ජයග්‍රහණයක්‌ දක්‌වා දේශපාලන පක්‍ෂයක්‌ මෙහෙයවීමට නම් පක්‍ෂයේ තිබෙන මතගැටුම් අභ්‍යන්තර අර්බුද සමනය කරගෙන එක අරමුණක්‌ ඔස්‌සේ සියලුදෙනා භේද පසෙකලා ගමන් කළ යුතුය. නමුත් ශ්‍රී ලනිපය තුළ දැන් සිදුවෙමින් පවතින්නේ ඊට හාත්පසින් වෙනස්‌ වූ ක්‍රියාදාමයකි. සමගියෙන් ඉදිරියට ගමන් කරනවා වෙනුවට භේද භින්න වී පාක්‍ෂිකයන් අතරමං කිරීමේ ක්‍රියාවලියකට ගමන් කරන ආකාරයක්‌ පක්‍ෂයේ මෙම තීන්දු තීරණවලින් පෙනී යයි. මැතිවරණ පරාජයකින් පසු දේශපාලන පක්‍ෂයක බලයේ සිටියදී යට ගැසී තිබූ මත ගැටුම් ඉස්‌මතු වී එය පක්‍ෂයේ අර්බුදයක්‌ දක්‌වා නිර්මාණය වීම ශ්‍රී ලංකා දේශපාලනයේ දක්‌නට තිබෙන අලුත් දෙයක්‌ නම් නොවේ.

එක්‌සත් ජාතික පක්‍ෂය මැතිවරණ ගණනක්‌ එක දිගටම පරාජය වීම තුළ මෙවැනි අර්බුද හටගැනුණි. එය සාමාන්‍ය ස්‌වභාවයකි. මෙම අර්බුද ජයග්‍රහණයකදී යටගැසී පරාජයකදී ඉස්‌මතු වේ. එහෙත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එක දිගට වසර 20 කට ආසන්න කාලයක්‌ රට පාලනය කොට මැතිවරණ එකක්‌ දෙකක්‌ පරාජය වීමෙන් පසු පක්‍ෂයේ අර්බුද මෙතරම් දුරදිග යාම පාක්‍ෂිකයන්ට නම් වේදනා සහගතය.

2015 ජනවාරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ල.නි.ප. ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සංවිධානයෙන් තරග කළ මහින්ද රාජපක්‍ෂ මහතා පරාජයට පත්වී පක්‍ෂය හැර ගොස්‌ එ.ජා.ප. ය සමග එක්‌ව වෙනත් පක්‍ෂයකින් තරග කළ මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්ව පක්‍ෂයේ නායකත්වය ගැනීම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අර්බුදයේ ආරම්භක අවස්‌ථාව ලෙස දැක්‌විය හැකියි.

අනතුරුව පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එ.ජා.ප. ය ජයග්‍රහණය කිරීමෙන් පසු එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් තරග කළ ශ්‍රී ලනිප මන්ත්‍රීවරු කණ්‌ඩායමක්‌ ජාතික ආණ්‌ඩුවකට එක්‌ව තවත්a කණ්‌ඩායමක්‌ විපක්‍ෂයේ සිට ඒකාබද්ධ විපක්‍ෂයක්‌ ලෙස කටයුතු කිරීමත් සමග අර්බුදය තවත් මෝරන්නට විය.

මෙලෙස දිනෙන් දින මෝරමින් පැමිණි මෙම අර්බුදය පක්‍ෂයට කැපවීමෙන් ක්‍රියා කළ ආසන සංවිධායකවරුන් නෙරපා හැරීම දක්‌වා දුරදිග ගොස්‌ තිබේ.

මෙලෙස ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් මහින්ද හිතවාදීන් ලෙස හඳුන්වා ඔවුන් මර්දනය කිරීම මෙමගින් බලාපොරොත්තු වන්නේ නම් එසේ මර්දනය කිරීමට නොහැකි යෑයි ඉවත් කළ ආසන සංවිධායකවරු කියා සිටිති. ආණ්‌ඩුවට හීලෑ නොවන ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායම මෙලෙස මර්දනය කිරීම තුළින් සිදුවන්නේ එක්‌සත් ජාතික පක්‍ෂය ශක්‌තිමත් කිරීමක්‌ පමණක්‌ බව පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකගේ මතය වී තිබේ.

ශ්‍රී ල.නි.ප.යට නව සංවිධායකවරුන් පත්කර ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීමට පක්‍ෂයේ නායකයන් කටයුතු කරනවා විය හැකිය. පක්‍ෂයේ නායකයන් සිතන පරිදි අලුතින් මෙවැනි පරාජිත අපේක්‍ෂකයන් පත්කර ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීමට හැකිවේ යෑයි සිතනවා නම් ඒ ගැන නම් දෙවරක්‌ සිතා බැලිය යුතු වේ.

එය කෙතරම් ප්‍රායෝගික ද යන්න සිතා බැලිය යුතු කරුණකි. මන්ද පක්‍ෂයක්‌ ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ වැඩිම මනාප ඡන්දවලින් ජයග්‍රහණය කළ ජනප්‍රිය සංවිධායකයන් එළියට දමා ක්‍රියාකාරිත්වයෙන් ද ඈත් කර ජනතාව විසින් එක්‌වරක්‌ නොව කිහිපවිටක්‌ම ප්‍රතික්‍ෂේප කළ අය ආසන සංවිධායකවරුන් ලෙස පත් කිරීමෙන් ඒ බලාපොරොත්තු අරමුණු ඉටු වේවායි කිව නොහැක. ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරු කණ්‌ඩායම කියා සිටින්නේ තමන් විරුද්ධව ක්‍රියා කරන්නේ ජනාධිපතිවරයාට එරෙහිව නොව එජාපය ආණ්‌ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව යන්නයි.

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ කණ්‌ඩායමක්‌ ලෙස කටයුතු කරන්නේ ජනාධිපති ප්‍රධානත්වයෙන් රැස්‌වූ පක්‍ෂ මධ්‍යම කාරක සභාවේ තීරණයක්‌ මත බවත් එහිදී කොටසක්‌ ආණ්‌ඩුව සමඟ කටයුතු කිරීමත් අනෙක්‌ කණ්‌ඩායම විපක්‍ෂයේ සිට කටයුතු කිරීමටත් තීරණය වූ බවයි.

ඒ හැරෙන්න ඔවුන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ වෙනම කණ්‌ඩායමක්‌ ලෙස කටයුතු නොකරන බවයි. එවැනි තත්ත්වයක්‌ තුළ කටයුතු කරන ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී කණ්‌ඩායම මර්දනය කිරීමට මෙවැනි අත්තනෝමතික තීන්දු ගන්නේ එ.ජා.ප ය ශක්‌තිමත් කිරීමට බව ඔවුහු පක්‍ෂයට චෝදනා කරති.

මෙම චෝදනාවේ සත්‍යතාවයක්‌ තිබේ. ආණ්‌ඩුවේ වැඩපිළිවෙළ අනුව බහුතර පාක්‍ෂිකයන් කියන්නේ ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රී ලනිප කණ්‌ඩායම සමඟ නොව ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ලනිප මන්ත්‍රී කණ්‌ඩායම සමඟ බව මේ පොළවේ දක්‌නට තිබෙන යථාර්ථය බවයි.

පක්‍ෂයක හදවත වන්නේ තම කේන්ද්‍ර කරගත් පළාත් පාලන ආයතනවල මහජන නියෝජිත පිරිසයි. ශ්‍රී ල.නි.පයේ මේ පිරිසෙන් බහුතරය සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟය. එය. එසේ නොවෙයි කියා කිසිවකුට තර්ක කළ නොහැක. නමුත් ආණ්‌ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තුවේ සිටින ශ්‍රී ලනිප මැති ඇමැතිවරු නම් ඒ පිළිබඳ විවිධ කතා කියති. නමුත් අප දන්නා යථාර්ථය නම් පළාත් පාලන නියෝජිතයන්ගෙන් බහුතරය මහින්ද හිතවාදීන් බවය.

පක්‍ෂයක හදවත බඳු මෙම පිරිස ඈත් කරගෙන ශ්‍රී ලනිපය ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරනවා කීම විහිළුවකි. පක්‍ෂය ජයග්‍රහණය කිරීමට නම් කළ යුත්තේ මෙම පිරිස්‌ මහින්ද හිතවාදීන් ලෙස හඳුන්වා පක්‍ෂයෙන් නෙරපා හැරීම නොව ඔවුන් ලංකර ගැනීමට පක්‍ෂය වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීමයි. එසේ නොවන්න ඔවුන් මර්දනය කරන්න පක්‍ෂය බොඳ වී යැමේ අවදානම වැළැක්‌විය නොහැක්‌කක්‌ බව මතක්‌ කර දෙමි. පාර්ලිමේන්තුව, පළාත් සභාව නියෝජනය කරන හා පළාත් පාලන ආයතන නියෝජනය කළ ශ්‍රී ලනිප මහජන නියෝජිතයන් කිසිවකු පක්‍ෂය හැර නොයන බවත්, තම පාක්‍ෂිකයෝ වෙනුවෙන් පෙනී සිටින සැබෑ ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයා ඔවුන් බවත් ඔවුහු කියා සිටිති. එසේ කියන එම පිරිස මර්දනය කර පක්‍ෂයෙන් ඈත් කිරීමෙන් ඉටු කරන්නේ කාගේ වුවමනාවක්‌ ද යන්න බොහෝ දෙනකු ප්‍රශ්න කරති. පක්‍ෂයේ අනන්‍යතාවය රැක ගැනීමට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් විශාල කාර්යභාරයක්‌ ඉටු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආසන සංවිධායක ධුරවලින් ඉවත් කිරීමට පක්‍ෂ නායකත්වය ඉටු කරන්නේ කාගේ වුවමනාවක්‌ දැයි හිටපු ජනාධිපති පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මහින්ද රාජපක්‍ෂ මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක්‌ නිකුත් කරමින් කියා තිබිණි. පක්‍ෂය කඩාගෙන ගොස්‌ දේශපාලන පක්‍ෂ පිහිටුවීමට ගිය කිසිවකුට එය සාර්ථක කර ගැනීමට නොහැකි බව ආණ්‌ඩුව නියෝජනය කරන ඇමැතිවරු වහසි බස්‌ දෙඩුවත් සියලු තීන්දු තීරණ ගන්නේ ජනතාව නිසා දේශපාලනඥයන් විකාර කතා නොකර ජනතා මතයට සවන් දී කටයුතු කිරීම නුවණට හුරුය. පක්‍ෂය කඩාගෙන ගොස්‌ නව පක්‍ෂ බිහි කිරීමට ගිය අයට වූ දේ කියමින් අතීත සිදුවීම් පෙන්වමින් බණ දේශනා කරන දේශපාලනඥයන් තමන්ට තිබෙන ජනතා ශක්‌තිය මැන බලා ගැනීමට දැන් තිබෙන හොඳම අවස්‌ථාව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමයි. එමගින් තම තම පක්‍ෂවලට තිබෙන ජනප්‍රියතාවය උරගා බැලීමට හැකියාව ලැබෙනු ඇත.

ඉදිරියටත් මේ අයුරින් විටෙන් විට විවිධ කරුණු ඔස්‌සේ පක්‍ෂයේ ප්‍රබල සංවිධායකයන් ආසන සංවිධායක ධුරවලින් ඉවත් කළ හොත් පක්‍ෂය ජයග්‍රාහී ගමනකට ගෙන යනවා කීම බොරුය. ඕන කෙනකුට පක්‍ෂය හැර යන්න පුළුවන් ඉන් පක්‍ෂය වැටෙන්නේ නැති බවට වහසි බස්‌ දොඩවන පිරිස්‌ ඒවා නවතා සියලු දෙනා සමගි කරගෙන පක්‍ෂය ජයග්‍රාහී මාවතකට ගෙන යැමට පාක්‍ෂිකයන්ගේ හිතසුව පිණිස හේතු වන්නේය. නැතිනම් පක්‍ෂයේ කැඩී යැම වැළැක්‌විය නොහැක්‌කක්‌ වනු ඇත.

[Divaina]

One Response to “ශ්‍රි.ල.නි.ප.යේ අනාගතය?”

  1. NAK Says:

    Those who claim to be SLFP’ers that are in the government knows two things, that their days are numbered in the SLFP and that they can hang on to their perks for atleast until 2020 when the next general election is due.
    Their thinking may be,by then,a lot can change and they can abaondon the UNP anyway and contest with the SLFP.
    It seems a good statergy for those only interested in self enrichment except there is a hick up that is the SLFP as it is now will not survive that long.
    The new party that replaces the SLFP will be growing sans a specific name to save the seats of SLFP parliamentarians who are with the joint opposition.
    For how long this government will survive is any body’s guess but my hunch is some serious changes will take place before the end of year 2016.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress